වරාය වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුවරට අද (01) දිනයේදී අදහස් පළ කළේය.
ඒ, බදුල්ලේ පැවැති ජනහමුවලට එක්වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බවය.
කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බවත්, තමා බියපත් කිරීමට ඔවුනට නොහැකි බවත් සඳහන් කළ ජනාධිපතිතුමා දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළේය.










