වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මත්කුඩු ග්‍රෑම් 1.7 බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවිය.
දුරකථන සිම්පත් දෙකක් සහ මෙමරි චිප් එකක්ද බළලාගේ ගෙල බැඳ තිබූ බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් දැනටමත් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර පසුගිය සතියේදී කුඩු ප්‍රවාහනය කිරීම සදහා අංගොඩ ලොක්කා විසින් යොදාගත් උකුස්සකුද සොයා ගැනීමට පොලිසිය සමත් විය.











