සමගි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවේ සැලකෙන්නේ අතිදක්ෂ කථිකයකු මෙන්ම ජනතාව ඇදබැද තබා ගතහැති දේශපාලන නායකයකු ලෙසටය.
නමුත් තමන් අතිදක්ෂ කථිකයකු පමණක් නොව අතිදක්ෂ වාදකයකු බව ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී රටේ ජනතාවට ඔප්පු කර පෙන්වූයේය.
ඒ දේශපාලන වේදිකාවේ කතාකිරීම පසෙක තබා ලීඩ් ගිටාරයක් ගෙන පසුබිම් සංගීතය සැපයූ ගැලක්සීස් සංගීත කණ්ඩායම සමග එක්ව වාදනය කිරීම හරහාය.
මෙහිදී රැස්ව සිටි ජනතාව ප්‍රේමදාස මහතාගේ කලාකාමීත්වයට නොනවත්වා අත්පොලසන් ලබා දෙනු දැකගත හැති විය.










