තානාපති මහින්ද සමරසිංහ මහතා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු සඳහා අලුතින් පත් කරන ලද සහකාර ලේකම්වරයා හමුවිය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් විශේෂ X පණිවුඩයක් නිකුත් කොට තිබිණ.
එහි මෙසේ සදහන් විය.
‘අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පැමිණීම ගැන ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති සමරසිංහ මහතාට ස්තූතියි. අපගේ රටවල් දෙකෙහිම සහ විශාල ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා වෙළඳ සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අපි සාකච්ඡා කළෙමු.’











