• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලලිත්-මහින්ද-මෛත්‍රී සහ බිමල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

November 15, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ලලිත්-මහින්ද-මෛත්‍රී සහ බිමල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1990 පළමු වරට ඇමැති මණ්ඩල සංශෝධනයක් කරන විට ඒ ඇමැති මණ්ඩල සංශෝධනය තමන්ගේ විනාශය වෙයි කියලා හිතුවේ නැත. ඔහු ඒ ඇමැති මණ්ඩල සංශෝධනයෙන් කෘෂිකර්ම ඇමැති ලලිත් ඇතුලත්මුදලිව අධ්‍යාපන ඇමැති ධුරයට පත් කළේය. ලලිත් කෘෂිකර්මාන්ත ඇමැති ධුරයේ සිටියේත් සතුටින් නොවේ. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ වෙළෙඳ සහ ජාතික ආරක්ෂක ඇමැති වූ ලලිත් එය දුටුවේ ඩිමෝෂන් එකක් ලෙසය. කෘෂිකර්මාන්ත ඇමැති ධුරයෙන් අධ්‍යාපන ඇමැති ධුරයට පත්කිරීම ඔහුගේ කලකිරීම තවත් වැඩි කළේය. ඒ වගේම ඒ ඇමැති මණ්ඩල සංශෝධනයේදී වැවිලි කර්මාන්ත ඇමැති ගාමිණීව ඇමැති මණ්ඩලයෙන් ඉවත් කළේය.Sri Lanka Latest News

1991 ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය එන්නේ මේ ඇමැති මණ්ඩල සංශෝධනය නිසාය. ඇමැති මණ්ඩල සංශෝධනයෙන් තටු කැපුණු ලලිත් සහ ගාමිණී එක්වී ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්න තීරණය කළහ. ප්‍රේමදාසගේ අවසානයක ආරම්භය එය විය.

1994 ජනාධිපති වූ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය වූයේ 1997 දීය. ඒ වෙනකොටත් චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලයේ කැපීපෙනෙන දේශපාලන චරිතය වූයේ මහින්ද රාජපක්ෂය. ඔහු කම්කරු ඇමැති විය. මහින්ද කම්කරු ඇමැති ලෙස ජිනීවාහි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට පිටත්ව ගියේය. ඔහු සම්මේලනය ඇමතීමට නියමිතව තිබිණි. සම්මේලනය අමතන්න නියමිත පෙර දින රාත්‍රියේ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති මහින්ද හමුවෙන්න මහින්ද නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට ආවේය.

‘ඔබව කම්කරු ඇමැති ධුරයෙන් ඉවත් කරලා…’

ඔහු මහින්දට දැනුම් දුන්නේය. මහින්ද දැඩි සේ කලකිරීමට පත්විය. චන්ද්‍රිකාට පාඩමක් උගන්වන්න ඕනා කියා ඔහු හිතුවේ එදාය. එතැන් සිට ඔහු චන්ද්‍රිකාට එරෙහිව ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් කුත්තු කළේය. 2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගියේ මහින්දගේ ඒ කුත්තුවේ ප්‍රතිඵලයක් ලෙසය. මහින්ද ආණ්ඩුවෙන් එළියට ආවේ නැත. ඔහු රනිල් සමග හිටපු පාර්ලිමේන්තු මහලේකම් සෑම් විජේසිංහගේ නිවෙසේදී සාකච්ඡා කොට ඇමැතිවරු බිලීබාගන්න රනිල්ට පාර කපලා දුන්නේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001දී කඩාගෙන වැටුණේ ඉන් පසුවය. 2004 ඇය යළි ආණ්ඩුව ගත්තත් 2005දී ඇයට දේශපාලනයෙන් විශ්‍රාම යන්න සිදුවිය. මහින්ද නායකයා ලෙස මතුවිය.

2005 ජනාධිපති වුණු මහින්ද පක්ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේනව කෘෂිකර්ම ඇමැති ධුරයට පත් කළේය. මෛත්‍රී කැමැති වූයේත් ඒ ඇමැති ධුරයටය. එහෙත් 2010 මහින්ද දෙවැනි වරට ජනාධිපති වී මෛත්‍රිගේ කෘෂිකර්ම ඇමැති ධුරය වෙනස් කළේය. මහින්ද ඔහුව සෞඛ්‍ය ඇමැති ධුරයට පත් කළේය. මෛත්‍රී මෙයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මහින්ද සහ මෛත්‍රී අතර පළමු ගැටුම පටන් ගත්තේ ඒ ඇමැති මණ්ඩල සංශෝධනයෙන්ය. ඉන් පසු දුම්කොළ සමාගම සහ මෛත්‍රී අතර ගැටුමකදී මහින්ද සහ රාජපක්ෂ පවුල දුම්කොළ සමාගමේ පැත්ත ගැනීමත් සමග මෛත්‍රීගේ කලකිරීම වැඩි විය. මෛත්‍රී 2015 විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න ආසන්නම හේතුව එයය. 2010 මහින්ද ඇමැති මණ්ඩල සංශෝධනයක් නොකර මෛත්‍රීව කෘෂිකර්ම ඇමැති ධුරයේම තිබ්බා නම් මහින්ද 2015 පරාජය වෙන්නේ නැත. මෛත්‍රීපාල ජනාධිපති වෙන්නේත් නැත.

මේ ඇමැති මණ්ඩල සංශෝධන නිසා ලංකාවේ ජනාධිපතිවරු විනාශ වූ හැටිය. ඇමැති මණ්ඩල සංශෝධනවලින් වෙන්නේ ජනාධිපතිවරු ආණ්ඩුව තුළින්ම හතුරෝ හදාගැනීමය. 1990 ප්‍රේමදාස අත තිබ්බේ යූ.ඇන්.පී.යේ ඊළඟ නායකයන් ලෙස භෞතීස්ම වී සිටි ලලිත් සහ ගාමිණීටය. චන්ද්‍රිකා 1997 අත තිබ්බේ ශ්‍රීලනිපයේ චන්ද්‍රිකාට පසු පාක්ෂිකයන් අතර ජනප්‍රියව සිටි මහින්දටය. 2010 මහින්ද අත තිබ්බේ ශ්‍රීලනිපයේ ලේකම්ටය.

‘එතකොට පසුගියදා අනුර කුමාර ජනාධිපති තටු කැපුවේ සභානායක බිමල්ගෙනේ…?’

කතාව ඇත්තය. අනුරගේ ඒ හදිසි කැබිනට් සංශෝධනය කොළඹ දේශපාලන ළිඳ ළඟ සංගම්වල ඇස් උඩ දමන සංශෝධනයක් විය.

ඒ වෙනකොට බිමල් වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති විය. වරායේ කන්ටේනර් පිටවීම සම්බන්ධව විශාල චෝදනාවක් ආණ්ඩුවට එල්ල වී තිබියදී බිමල්ව වරාය ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන විපක්ෂය කීවේ ඒ දූෂිත ගනුදෙනුවට බිමල් සම්බන්ධ නිසා ඔහුව ඉවත් කළ බවය. බිමල් එයට උත්තර දෙන්න ගියේ නැත. ඔහු මුල සිටම කීවේ කන්ටේනර් නිදහස් කරන්න තමාට බලයක් නැති බවය. ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු බිමල් අතුරුදන් වී චීනයෙන් මතුවිය. බිමල් සති දෙකකට කිට්ටු කාලයක් චීනයේ සිටියේය. ඔහු චීනයට ගිය විගස අගමැතිනි හරිනි කරළියට ආවාය. ඇය චීනයේ සහ ඉන්දියාවේ රාජ්‍ය සංචාර දෙකක් ගියාය. බිමල්ගේ තටු කැපීමට කොන්ව සිටි ඇය බිමල්ගේ තටු කැපීමෙන් පසු ඇයගේ ප්‍රතිරූපය හදාගෙන එළියට ආවාය. හරිනි එළියට ඒමත් සමග එතෙක් ආණ්ඩුවේ දෙවැනි නායකයා ලෙස ප්‍රතිරූපයක් හදාගෙන සිටි බිමල් යට ගියේය.

මේ ඇමැති මණ්ඩල සංශෝධනයට පෙර බිමල් ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබිණි. ඒත් බිමල්ගේ ප්‍රකාශය ඇමැති හඳුන්නෙත්ති ප්‍රතික්ෂේප කර තිබිණි. අන්තිමේදී ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුවූයේ නැත. සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය නම් බිමල් වරාය සහ ගුවන් සේවා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමය.

බිමල් වරාය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂයට පහර දෙන ආණ්ඩුවේ ප්‍රධාන පිතිකරුවා විය. ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කරන්නවත් ඉඩ දුන්නේ නැත. ඔහු පෙනීසිටියේ ආණ්ඩුවේ ආරක්ෂකයා ලෙසය.

දීර්ඝ විදේශ සංචාරයකින් පසු ලංකාවට ආ බිමල් පාර්ලිමේන්තුවේ සිය චරිතය වෙනස් කළේය. ඔහු නිහඬ චරිතයක් බවට පත්විය. පසුගියදා විපක්ෂය ඔහුට කතා කරන්න මයික් එක දෙන්න කියා කතානායකට කෑගැසීය. මීට කලින් බිමල් කතා කරන්න නැගිටින විට විපක්ෂය කෝපයට පත්වේ. ඒ තරමට විපක්ෂය බිමල්ව අප්‍රිය කළේය. එකල විපක්ෂයේ ජනප්‍රිය චරිතය වූයේ හරිනිය. විපක්ෂය සිතාගෙන සිටියේ හරිනි සහ ජවිපෙ අතර අර්බුදයක් තිබෙන බවත්, ඒ අර්බුදය පුපුරා හරිනි ආණ්ඩුවෙන් එළියට එනු ඇති බවත්ය. හරිනිත් නිහඬව විපක්ෂයට එහෙම හිතන්න ඉඩ හැරියාය.

එහෙත් අනුරගේ පළමු ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු හරිනි අළු ගසාදමලා ඉස්සරහට ආවාය. බිමල් නිහඬ විය.

ප්‍රේමදාස, ලලිත්-ගාමිණීගේ තටු කපන තෙක් විපක්ෂයේ දුෂ්ටයන් වූයේ ඒ දෙදෙනාය. ප්‍රේමදාසගේ ඇමැති මණ්ඩල සංශෝධනයට පසු ඔවුන් විපක්ෂයේ වීරයන් විය. මහින්ද විපක්ෂයේ වීරයා වූයේ චන්ද්‍රිකා මහින්දගේ තටු කැපීමෙන් පසුවය. මෛත්‍රීපාල විපක්ෂයේ වීරයා වූයේත් මහින්ද සහ රාජපක්ෂ පවුල ඔහුගේ තටු කැපුවාට පසුවය.

ජවිපෙ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ. විනයගරුක පක්ෂයකි. එහෙත් එහෙව් විනයගරුක පක්ෂයකිනුත් විමල්ලා හැලුණි. පක්ෂ නායක සෝමවංශ හැලුණි. කුමාර් ගුණරත්නම්ලා හැලුණි.

‘බිමල් ලලිත්ට, මහින්දට, මෛත්‍රීට අඳියිද…?’

ඒක කියන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දවසක ආදායම ලක්ෂය පනින බිස්නස් එකක් කරන හැමෝම 18%ක වැට් එක ගෙවන්න ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩබල් කැබ් ටෙන්ඩර් එකේ මහා හුටපටය! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.