රීදී තීරයේදීත් රූපවාහිනියේදීත් අපට හමුවෙන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ සිනමාවෙන් අලුත් මානයන් සොයමින් කාර්යබහුල දවසක් ගෙවන ඔහු සිය නවතම කලා තොරතුරු, කලා ජීවිතයේ අත්දැකීම් ගැන ‘හාට්’ එකත් එක්ක දොඩමලු වුණා…Sri Lanka Latest News
මේ දවස්වල ධනංජයගේ වැඩකටයුතු ගැන දැනගන්න කැමැතියි?
මේ දවස්වල මම අලුත් ටීවී සීරීස් එකක රංගනයේ යෙදෙනවා. ඒ වගේම අලුතෙන් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා. ඊට අමතරව ‘මදර් ලංකා’ චිත්‍රපටයේ වැඩකටයුතු සමග මේ දවස්වල කාලය ගෙවන්නේ.
‘මදර් ලංකා’ චිත්‍රපටය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා, මදර් ලංකා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව ගැනත් කතා කරමු…
මට අනූෂ සංජය එදිරිමුණිගෙන් තමා ‘මදර් ලංකා’ චිත්‍රපටයට ආරාධනාවක් ලැබුණේ. මම සතුටින් ඒ ආරාධනාව භාරගත්තා.
‘මදර් ලංකා’ චිත්‍රපටයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමුද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනා කියනවා චරිතය ජීවමාන වෙලා තියෙනවා කියලා. සත්‍යාගේ චරිතයට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා ඒක මට ලොකු සතුටක්.

ඔබ වැඩිපුරම කැමැති සිනමාවටද, නැත්නම් ටෙලි නාට්‍යයටද?
මට එහෙම වර්ගීකරණයක් නැහැ. චරිතය හොඳයි නම් ඒක ටෙලිද සිනමාද කියන එක මට අදාළ නෑ. මම බලන්නේ චරිතය විතරයි.
ඔබේ කලා ජීවිතය තුළ ලබාගෙන ඇති වටිනාම ජයග්‍රහණය මොකක්ද?
මම හිතනවා ඒක ප්‍රේක්ෂකයගේ ප්‍රසාදය කියල, ප්‍රේක්ෂකයා දක්වන ආදරය, ගෞරවය සහ මම ගැන රංගන ශිල්පියෙක් ලෙස ඔවුන් තුළ තියෙන විශ්වාසය මම දිනාගත් ලොකුම දේ.
අලුතෙන් රංගන ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්න අලුත් පරම්පරාවට මොනවද කියන්න තියෙන්නේ?
අලුත් පරම්පරාවට කියන්න තියෙන්නේ එක දෙයයි. කරනවනම් හරියට කරන්න. කැපවීමක් කරන්න බැරිනම් මේකේ රඟපාන්න එන්න එපා. ඊට වඩා තමන් කැමැති දේකට මහන්සි වෙන්න. මේ ක්ෂේත්‍රයේ ඉතාමත් හොඳ ක්ෂේත්‍රයක් ඕනෑම කැපවීමක් තියෙන කෙනෙක්ට ඒක තමයි මගේ අදහස.
ධනංජය ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද?
ඉදිරියේදී ටෙලිනාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. මේ දවස්වල ඒකට සූදානම් වෙනවා. රංගන කටයුතු නම් චරිත කිහිපයක් තිබෙනවා. චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ටෙලිනාට්‍ය හයක් එන්න තියෙනවා. මේ දේවල් තමා ඉදිරි වැඩකටයුතු.
හිමාෂා නෙත්මිණි











