• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙයියෝ සාක්කි! රනිල් තනි ධමනියෙන්…! ශෂීන්ද්‍රට ස්ලීප් ඇප්නියා…! ප්‍රසන්නට කෑම නැත්නම් කෝමා…! ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා! ගන්න ඇප පෙන්නපු ලෙඩ…! Sri Lanka Latest News

November 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දෙයියෝ සාක්කි! රනිල් තනි ධමනියෙන්…! ශෂීන්ද්‍රට ස්ලීප් ඇප්නියා…! ප්‍රසන්නට කෑම නැත්නම් කෝමා…! ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා! ගන්න ඇප පෙන්නපු ලෙඩ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ආණ්ඩු කාලවලදී සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයන් රැසක් ගෙන ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. මෙහිදී හිටුප ජනාධිපතිවරුන්ට මෙන්ම මැති ඇමැතිවරුන්ටද එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුවී තිබේ. එහිදී මෙම සැකකරුවන් හට ඇප ලබාගැනීම සඳහා නීතිඥවරුන් එම සැකකරුවන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ විශ්ෂ වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකිය. මෙය අලුතෙන්ම ආරම්භ වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු විභාගයේදීය.Sri Lanka Latest News

පහත පළවන්නේ රනිල් වික්‍රමසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග සහ ඩේසි ෆොරස්ට් යන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා අධිකරණය හමුවේ දැක්වූ අදහස්ය.

රනිල් වික්‍රමසිංහ මහතාට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කළේ මෙසේය.

‘ස්වාමීනි, මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළාට පස්සේ බන්ධනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ කීපයක් කර තිබෙනවා. ඒ පරීක්ෂණ කළේ, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වුණේ මේ සැකකරු බන්ධනාගාර රෝහලේ තියාගන්න බෑ කියලා. ඒ අනුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා’ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ‘ස්වාමීනි, සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘදය වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේම නින්දේදී හුස්ම හිරවීමක් සිදුවෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්. බන්ධනාගාරගත වීමෙන් ඔහුගේ මානසික ආතතිය වැඩි වෙනවා.’

මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ‘ස්වාමීනි, මෙම සැකකරු නින්දේදී හුස්ම හිරවීමේ රෝගයට ගොදුරු වී සිටින පුද්ගලයෙක්. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සෑහෙන්න පිරිහීමට ලක්වෙලා. මොහු ස්ලීප් ඇප්නියා (Sleep apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිනවා. ස්වාමීනි ස්ලීප් ඇප්නියා කියන්නේ නින්දේදී හුස්ම සිරවීමේ තත්ත්වයක්. මේ සැකකරුට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවීම සිදුවෙනවා. වෛද්‍ය වාර්තාවලින් පවා ඒ බව පැහැදිලි කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට ‘ස්ලීප් ඇප්නියා’ මැෂින් එකක් භාවිත කළ යුතුයි. එපමණක් නොවෙයි නින්දේදී මෙම සැකකරු ගොරවන ආකාරය නිරීක්ෂණය කර වෙනස් වීම් සිදුවන්නේ නම් ඊට සාපේක්ෂව අදාළ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයත් වෙනස් කළ යුතුයි. මේ යන්ත්‍රය සෑම පුද්ගලයකුටම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ. ඊට රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබෙන පුද්ගලයකු සිටිය යුතුයි. මේ වෙනකොට මාසයක පමණ කාලයක් මේ සැකකරු අදාළ යන්ත්‍රය නොමැතිවයි බන්ධනාගාරය තුළ සිටින්නේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රුධිරය පීඩනය වැඩිවෙනවා. රුධිරයේ පීඩනය වැඩිවීම නිසා පසුගිය සතියේ මොහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. මේ නිසා ඔහුගේ ජීවිතය පවා අවදානම්කාරී තත්ත්වයකට පත්ව සිටිනවා…’ යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙම සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
‘ස්වාමිනි, මේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්න බැහැ. ඔහුට පැය හතරෙන්, හතරට කුඩා ආහාරයක් ලබාගත යුතුයි. ඊට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කිරීමක්ද කළ යුතුයි. නැතිනම් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්වෙනවා. එබැවින් ඔහුට ඇප ලබාදීමේදී මේ කරුණුත් සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.’

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

ඩේසි ෆොරස්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය

ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත්ය.

තම සේවාදායිකාව වයස අවුරුදු 98ක වයෝවෘද්ධ තැනැත්තියක වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

වර්තමානයේ ඇගේ මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පැවැසීය.

SendShareShare
Previous Post

බෙහෙත් වර්ග 350කට උපරිම සිල්ලර මිලක් පනවයි! වැඩිපුර සතපහක් ගෙවන්න එපා! ඉල්ලුවොත් පැමිණිලි කරන්න!  I Sri Lanka Latest News

Next Post

ගහන්න පටන් අරන් අපේ හාමුදුරුවනේ… ! නොසැලී හිඳිනු මැන කත්නෝරුවේ හාමුදුරුවනේ… ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.