මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය නොවැම්බර් 7 වන දින අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.
එහි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.
එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.
ඒ අනුව මෙරට ආරක්ෂක අංශ නිලධාරින් ඉදිරි දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් ය.










