• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට හරි ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න…! මේක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්…! ජනප්‍රියත්වය කියන දේ අපිට බලෙන් රඳවා පවත්වා ගන්න බැහැ…!Sri Lanka Latest News

November 8, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මට හරි ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න…! මේක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්…! ජනප්‍රියත්වය කියන දේ අපිට බලෙන් රඳවා පවත්වා ගන්න බැහැ…!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේදී මෙරට සිනමා ශාලා රසික ප්‍රතිචාරයෙන් පිරී ඉතිරී යමින් වාර්තා තැබූ තිසර ඉඹුලානගේ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයේ සිය අහිංසක සහ දඟකාර ‘සොපියා’ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ෂෙහානි කහඳවල මේ දිනවල කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියකි. තමන් රංගනයට වගේම ගායනයට ද දක්ෂ බව පවසන ඇය, මෙම චරිතය තමාගේ රංගන ජීවිතයේ විශාලතම අභියෝගය මෙන්ම හැරවුම් ලක්ෂ්‍යය වූ බව ද කියයි. අද ‘හාට්’ එකට ෂෙහානි කහඳවල ගොඩවැදුණේ මේ විදිහට…Sri Lanka Latest News

ඉතින් ෂෙහානි කොහොමද?
ඇත්තටම හොඳයි. වැඩ කටයුතුත් හොඳින් කරගෙන යනවා.
කවුද මේ සොපියා කියන්නේ?
සොපියා කියන්නේ මෝඩ තරිඳු චිත්‍රපටියේ මෝඩ තරිඳු සමග චූටි ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියපු චරිතයක්.
ඔබ කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන තමයි මට මුලින්ම කතාකරලා කිව්වේ. මුලින්ම කිව්වේ මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා. මම හරි ආසාවෙන් හිටියා තිසරත් එක්ක වැඩක් කරන්න. මම මීට කලින් චිත්‍රපටවල ලොකු චරිත වගේම විවිධ පරාසයන්වලට යන්න පුළුවන් විදිහේ චරිත මුණගැසිලා නැහැ.
ඇයි ඔබ මෙවැනි චරිතයක් තෝරා ගන්නේ?
මේ වගේ චරිතයක් තෝරගන්න හේතුව ඇත්තටම අභියෝගයක්. මට ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න. ඉතිං මම චරිතයට කැමැති වුණා පිටපත කියවපු ගමන්. මට හිතුණා මේක මට කරන්න පුළුවන් කියලා ඉතිම් මම මේ චරිතේ භාරගත්තා.
සොපියා කියන චරිතය ඔබට දැනුනේ කොහොමද?
ඇත්තටම සොපියා කියන්නෙ සමහර අවස්ථාවල දඟකාර චරිතයක් වෙන්න පුළුවන්. නමුත් ඇය අහිංසක අවංක චරිතයක්.
මේ චරිතය ඔබට අභියෝගයක් වුනාද?
අභියෝගයක් කියන්නේ මේක මගේ පළවෙනි චිත්‍රපටය. ඒ වගේම හරිම ආසාවෙන් කරපු චිත්‍රපටයක්. අභියෝගයක් ලෙස මට 70 දශකයේ නැතිවෙච්ච චරිතයක් විදිහට තමයි මම රඟපාන්නේ. ඉතින් ඒ චරිතයත් අභියෝගයක්. අද කාලෙ තරුණ පිරිමි ළමයෙක් සමග ඒ සම්බන්ධතාව සහ ගුණවතීගේ චරිතය සමග ගැටීම මට පුංචි අභියෝගයක් වුණා. ඉතින් මම හිතනවා ඒක හරි ලස්සනට සාධාරණව මම ඉෂ්ට කළා කියලා.
මෝඩ තරිඳු චිත්‍රපටියේ ඔබට අමතක නොවන සිදුවීම් මොනවද?
මෝඩ තරිඳු චිත්‍රපටයේ අමතක නොවන සිදුවීම් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මට ඒවා මතක නෑ. සුන්දර සිදුවීම් තියෙනවා. චිත්‍රපටයේ රූගත කරන අවස්ථාවල අපට ලැබුණු පුංචි පුංචි අකරතැබ්බත් තියෙනවා. මට හරියට ඒවා මොනවාද කියල කියන්න අමාරුයි.
මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි ඒ ගැන. ලංකාවේ මේ වෙනකොට හැම සිනමා ශාලාවක්ම හවුස් ෆුල්. ඉතින් මෑත කාලේ එහෙම චිත්‍රපටයකට එහෙම ප්‍රේක්ෂක පිරිසක් දැකබලා ගන්න හරි අමාරුයි. ඇත්තටම පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් මම දකින විදියට දැන් ඒ තත්ත්වය වෙනස් වීගෙන යනවා. මට ඒ ගැන හරි සතුටුයි. මෝඩ තරිඳු චිත්‍රපටිය හරහා මිනිසුන්ට විශ්වාසය, චිත්‍රපටියක් බලන්න ඒ මේ විශ්වාසය සහ චිත්‍රපටයට තියෙන ආදරේ පෙන්නන්න තමයි එන්නෙ. ඉතින් ගේ චිත්‍රපටිය ඒ තරමටම රසවත්. කටින් කට කොයි කෙනා කොහොම කිව්වත් ඇස් දෙකෙන් දකිනකන් ඒ රස විඳින්න අමාරුයි. ඉතින් එහෙම රසවින්ද සෑම කෙනෙක්ගෙම ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මම හිතන විදිහට ලංකාවට මේක තමයි ඕනා. මේ වගේ වෙනසක් ඕනෙ. තිසර සහ පොඩි තිසර ඒ වගේම රංගනයෙන් දායක වුණු හැම නළුවෙක්ම එයාලගේ චරිතවලට උපරිම සාධාරණයක් ඔවුන් ඉටුකළා.
මේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයද?
ඔවු ඇත්තටම මේක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්.
රංගනයට වගේම ඔබ ගායනයටත් දක්ෂයි. ඉදිරියේදී ඔබේම ගීත අපිට අසන්නට ලැබෙයිද?
ඔව් පුළුවන් තරම් ඉක්මනටම අසන්න ලැබෙයි. මේ ටිකේ ඒ වැඩ කටයුතුත් කරගෙන යනවා. ගායනය පැත්තෙන් පුළුවන් තරම් ඉක්මනට අලුත් ගීත නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා.
ඔබ වැඩිපුර කැමැති රංගනයටද ගායනයටද?
එහෙම කියන්න ඇත්තටම අමාරුයි. මම දෙකම සමබරව කරගෙන යන්න කැමැතියි. මම උපරිම උත්සාහ දෙනවා රංගනය හා ගායනය සාර්ථකව කරගෙන යන්නත්. මොකද මට දෙකම කරන්න පුළුවන්. නමුත් මම ඇත්තටම ආස ගායනයට තමයි.
ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?
මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ අහඹු ලෙසයි. ඒ 2013 ටීවී දෙරණ හරහා තමයි මම මාධ්‍යයට එන්නේ. 2015 තමයි මම මිනිස්සු අතරට එන්නේ. ඒ ෂෙහානි කකඳවල ලෙස.
ඔබේ මුල්ම නිර්මාණය කුමක්ද?
සිරස නාලිකාවේ සුජාතා ටෙලිනාට්‍ය හරහා මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.
මෙතෙක් පැමිණි ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්. මම ඇත්තටම තෘප්තිමත්. මොකද මම තනියම මගේ දේවල් කළමනාකරණය කරගෙන ඉස්සරහට යන කෙනෙක්. මට මං ගැන හරිම ආඩම්බරයි. මම මෙච්චර කල් මගේ නම මේන්ටේන් කරගෙන ආව වගේම මේ අවුරුදු ගණන ගැන මම ඇත්තටම තෘප්තිමත්.
ඔබගේ ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?
මට තව චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන මේ දවස්වල කතාබහ කරමින් තියෙන්නේ. ඒ වගේම මගේ ගීතවල වැඩ කටයුතුත් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න තමයි මම උත්සාහ කරන්නේ.
ඔබගේ පවුලේ විස්තර දැනගන්න පුළුවන්ද?
මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි.
ඔබ ආදරය දකින්නේ කොහොමද?
ආදරය හරි සුන්දරයි ඉතින්. ඒකේ වරදක් නැහැ.
ඔබ ජනප්‍රියත්වය රඳවා පවත්වාගන්නේ කොහොමද?
ජනප්‍රියත්වය කියන දේ අපිට බලෙන් රඳවා පවත්වා ගන්න බැහැ. නමුත් ජනප්‍රියත්වය රඳවා පවත්වාගන්නේ කොහොමද කියන එක දෙවිදිහකට කතා කරන්න පුළුවන්. එනම් මැනේජ්මන්ට් කම්පැනි එකක් තිබුණොත් මැනේජ්මන්ට් එක එයාලා ඒ විදිහට කරනවා. කලාකරුවට එතැනදි හිතන්න දෙයක් නෑ. නමුත් තනියෙන් ඉන්න කලාකරුවෙක්ට එනම් ලංකාවේ ඉන්න කලාකරුවෙක්ට තනිවම තමයි කළමනාකරණය කරගන්න වෙන්නේ. මම නම් පෞද්ගලිකව මගේ ජනප්‍රියත්වය තියාගන්න අවශ්‍යයි කියලා දේවල් කරන්නේ නැහැ. තමන් තමන්ටම අවධානය දී තමන් කරන දේවල් කොච්චර ප්‍රශ්න ආවත් තමන් මොනවද මිනිස්සුන්ට දෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. චිත්‍රපටියක් හෝ නිර්මාණයක් අවසානයේදී තමන්ව මිනිස්සු කොච්චර දුරට භාරගන්නවාද කියන එක දැනගන්න පුළුවන්.

කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න ඉන්න නව පරපුරට ලබාදෙන උපදෙස මොකක්ද?
ඕනෙම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව තියෙනවා. මේකේ විවිධාකාර පන්ති තියෙනවනේ. ඒ පන්ති අතර විවිධාකාර මිනිස්සු අපිට හම්බවෙන්න පුළුවන්. ඉතින් තමන් දැනගන්න ඕනේ තමන්ට ගැළපෙන දේ ඒ අතරින් තෝරාගෙන තමන්ගේ නම කැත වෙන්නේ නැති විදිහට තැනේ හැටියට වැඩකරන්න. ඉතින් මොළේ කල්පනා කරලා වැඩකරන්න තමන් දැනගන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ගල්කිස්සේ පොලිස් වීරයා මාරුකරලා! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.