විදුලි බල මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබූ නිලන්ත උදයකුමාර නම් වන සිය සොහොයුරාගේ සුවදුක් විමසීම සදහා හිගුරක්ගොඩ පොලිසියට පැමිණ ඇති මාලිමාවේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඩබ්.එස්.එස්. උදයකුමාර යන අය පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කොට සිය සොයුරා මුදා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එහිදී මෙම සැකකරු එක් පොලිස් නිලධාරියකුගේ ජංගම දුරකතනය උදුරාගැනීමට කටයුතු කොට ඇති බවද දැනගන්නට ඇත.
මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී සැකකාර මන්ත්‍රී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී ඔහුගෙන් මත්පැන් ගද වහනය වී ඇති බවක්ද වාර්තා කොට තිබේ.










