නුවරඑළිය, හග්ගල පිහිටි පෞරාණික සීතා අම්මාන් කෝවිල ඊයේ (01) දින රාත්‍රියේ බිඳ එම කෝවිලේ තැන් කිහිපයක ස්ථාන ගත කර තිබූ පඬුරු පෙට්ටි 06ක් තුළ වූ මුදල් රැගෙන ගොස් ඇති බවට එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.Sri Lanka Latest News
එම කෝවිල තුල විශේෂයෙන් සකස් කරන පඬුරු පෙට්ටි 06ක් තිබු බවත්, ඉන් හිස් පඬුරු පෙට්ටි 03ක් කෝවිල අසළින් ගලා බසින ඇළ මාර්ගයකට වීසි කර දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, කෝවිල තුල සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩා කොට තිබූ උපාංගද සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.
කෝවිල තුළ මුරකරුවෙකු සිටියත්, එම මුරකරු නිදා සිටි අවස්ථාවේ දී සොරුන් කෝවිල තුළට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නුවරඑළිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.










