• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙමත් දිවිල්ලක්….! සුසන්තිකාව මතක් වුණා…!Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එහෙමත් දිවිල්ලක්….! සුසන්තිකාව මතක් වුණා…!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෆියා යමික් මතක තියාගන්නම ඕන නමක් කියලායි හැමෝම කිව්වේ. ඇය අද වෙනකොට අපේ ලක්මවට රන් පදක්කම් තුනක්ම ගෙනල්ලා ඉවරයි. ඒ පසුගියදා පැවති තුන්වැනි දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී. ඒ විතරක්ම නෙවෙයි ඇය දකුණු ආසියාවේම වේගවත්ම කාන්තාව ලෙස වාර්තාවකුත් පිහිටුවලා. ඇය මේ ගමන නිකන්ම ආව ගමනක් නෙවෙයි. ඇයට බොහෝ බාධක තිබුණා. ගෙදරටම පල්ලියෙන් ඇවිත් කිව්වා කොටට අඳින්න එපා මේක නවත්තන්න කියලා. ඒත් සෆියා‌ගේ මවුපියෝ සෆියා වෙනුවෙන් හිටගත්තා. ඇයට ශක්තියක් වුණා. මේ වාගේ දක්ෂ දරුවන් ගැන වෛරල් වෙනවා අඩුයි ලංකාවේ. නළු නිළියන්ට රූ රැජිනිලා වගේ ප්‍රසිද්ධ වෙනවා අඩුයි. අද බොහෝ දෙනෙක් කතාකරන්නේ නළු නිළියෝ ගැනයි. අද සෆියාලා වගේ අහිංසක දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන්.Sri Lanka Latest News

ඒ ආව ගමන ගැන සෆියා පවසා තිබුණේ මෙවැන්නක්.
“මට ඉස්කෝලේ අවුරුදු 2ක් විතර හොඳම මලල ක්‍රීඩිකාව වෙන්න බැරිවෙනවා. මගේ වයසේම වෙන ළමයෙක් තමයි යන්නේ. මම හිතනවා ලබන අවුරුද්දේ හොඳම මලල ක්‍රීඩිකාව වෙනවා කියලා. ඒ හිතුවා වගේම වෙනවා. පල්ලියෙන් තමයි තාත්තාටයි මටයි ගොඩාක්ම බාධාවක් ආවේ මගේ ගමන නවත්තන්න. ගෙදරට ඇවිල්ලා කියනවා මෙයා දුවනවා, කොටට ඇඳලා, ටීවීවලින් පෙන්නනවා අපිට හරි නැහැ ඒක කියලා. තාත්තායි අම්මයි එතකොට කියනවා නෑ, එයාගේ ඩී්‍රම් එක ඒකනේ, අපි යන්න දෙනවා ඒකට කියලා. ඒ දෙන්නා තමයි ගොඩාක්ම පස්සෙන් හිටියේ. දුවලා ඉවර වෙලා රෙකෝඩ් එකක් කියලා දැනගනිද්දී ඉතින් දරාගන්න බැරි සතුටක් ආවා. අනිත් අය වගේම මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේන්න.

ඇගේ රන් පදක්කම් වුණේ මීටර් 100 (11.53) මීටර් 200 (23.58) සහ මීටර් 100, 4 (44.70) සහාය දිවීම වශයෙනි. ලොවක් ඉදිරියේ අපේ අනිත් එවුනුත් දස්කම් පෑවේ අනේක දුක් කම්කටොලු‍ බාධාවල් හදවත්වල දරාගනිමින්. අපේ රටට උන් හිස් අතින් ආවේ නැහැ. රන් පදක්කම් 16ක්ද රිදී පදක්කම් 14ක්ද ලෝකඩ පදක්කම් 10ක්ද ඇතුළුව මුළු පදක්කම් 40ක් අරන් ආවා. දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනු ශූරතාව හිමිකර ගන්න අපේ පුංචි රටට හැකිවුණා. මේ සියලු‍ දෙනාම පසුගිය 28වැනිදා උදෑසන ලංකාවට පැමිණියා. එහිදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආදරණීයයන් ඔවුන් පිළිගැනීමට ගුවන්තොටුපළට පැමිණි තිබුණා. කවුද මේ ෆාතිමා සෆියා යමික්? ඇය පාසල් යන්නේ මහනුවර විහාරමහ දේවි බාලිකාවට. ඇය ජීවිතය පටන්ගත්තෙම වෙනස් විදියකට. ඒ පාසලත් සිංහල බෞද්ධ පාසලක් හැටියටයි සැලකෙන්නේ. මලල ක්‍රීිඩා කරන්න පටන් ගන්නවා, ඒවාට ගැළපෙන ඇඳුම් අඳිනවා. ඒවා එයාගේ ආගමට දහමට විරුද්ධයි. නමුත් ඇය තමන්ගේ ගමනට ඒවා බාධාවක් කරගත්තේ නැහැ. මවුපියන් ඇයට ශක්තියක් වුණා ඇයගේ ගමනට. මවුපියෝ බාධා කළේ නැහැ. ඒ මවුපියන්ට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් විරුද්ධ වුණානම් අපේ මව්රටට පදක්කමක් අහිමි වෙන්න ඉඩ තිබුණා. ඇය වගේම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් බොහෝ ප්‍රදේශවල පිළිගැනීම් සංවිධානය කරලා තිබුණා. ඒ දරුවන් දිරිගැන්වීමට දායක වුණු හැම කෙනෙකු වෙනුවෙන්ම හිස නමා ආචාර කළ යුතුයි. මේ අපේ දරුවෝ කියලා ඊරිසියාවක් නැතුව ඔවුන් දිරිගැන්වීමට එක්වීම ගැන හරිම ආඩම්බරයක් අපේ රටේ මිනිස්සු ගැන දැනෙන්නේ.

ලංකාවට පැමිණි අවස්ථාවේ සෆියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ තමාගේ මීළඟ බලාපොරොත්තුව 2028 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීිඩා උළෙලේදී අප රටට පදක්කමක් ජයග්‍රහණය කිරීම බවත්, දකුණු ආසියාවේම වේගවත්ම කාන්තාව බවට පත්වීමත් බව සෆියා යාමික් පවසා සිටියා. ඇය තවදුරටත් පවසා සිටියේ “ගොඩාක්ම සතුටුයි. මේ පිළිගැනීමත් හරි සතුටුයි. මම තනි තරගවලට ගිය පළමු වතාව මේ. පසුගිය වතාවල අවුරුදු 6ක් තිස්සේ මම තරග කළේ සහාය දිවීමේ තරගවලට විතරයි. මම බලාපොරොත්තු වුණෙත් ලංකාවට ගෝල්ඩ් මෙඩල් 3ක් අරන් එන්න. මීටර් 200 මට අභියෝගයක් තිබුණා. ඒත් මම අත් හැරියේ නැහැ. ගෝල්ඩ් මෙඩල් 3ක් අරන් ආවා. අම්මායි තාත්තායි තමයි මගේ පිටකොන්ද කිව්වොත් හරි. 2015 තමයි මම පාපන්දු තරගවලට යොමුවුණේ. 2015න් පස්සේ තමයි මලල ක්‍රීිඩාවලට යොමුවෙන්නේ. අම්මා මලල ක්‍රීිඩා කරනවාට ඒ දවස්වල කැමති නැහැ. තාත්තා එක තරගයක් බලන්න අම්මාව එක්කන් එනවා බෝගම්බර ක්‍රීඩාංගණයට 2016දී. ඒකේ ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා මම. එදා ඉඳලා දෙන්නාම මට උදව් කරනවා. බාධක ගොඩාක් ආවා. මම මේක අවස්ථාවක් කරගන්නේ නැහැ ඒවා කියන්න. මොකද මේ සතුටුවන අවස්ථාවක් නිසා. මගේ අක්කලා දෙන්නා, මගේ දෙවැනි අම්මලා වගේ. නංගිලා මගේ අක්කලා වගේ. මගේ පුහුණුකරු එස්.පී. විතාන මහතා මම මේ අවස්ථාවේ මතක් කරනවා. 2015 ඉඳලා මේ ගමන එක්කන් ආවා. මම යුද හමුදාපති මතක් කරනවා. ජාතික ගීය ගායනා කරලා අපේ රටේ කොඩිය එසවෙනකොට හදවතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. මාර ආඩම්බරයක් දැනුණේ. ඇස්වලින් කඳුළු එනවා. පපුව පිච්චිලා එන සතුටක් දැනුණේ. මේ මෙඩල් තුන ඔයාලාගේ” යනුවෙන් ඇය අවසන් වරට පාර්ථනා කර සිටියා. සෆියාගේ පියාද අදහස් දැක්වූයේ, ක්‍රීඩා ක්ෂේත්‍රය ගත්තාම අපි ලොකු ජයග්‍රහණයක් අත්කර ගත්තේ. අපේ රටේ ක්‍රීඩාවේ දිසාව පෙන්වන ජයග්‍රහණයක්. ඒ වගේම ඇයට ඔලිම්පික් වරම් ලැබේවායි පියා අවසානයේ සඳහන් කර සිටියා.

සෆියා වෙනුවෙන් වගේම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් බොහෝ අය සුබ පතා තිබුණා. ඒ අතර සෆියා‌ යාමික් වෙනුවෙන් නුවර ප්‍රදේශයේ බොහෝ අසල් වැසියන්ගේ සටහන් දැකගන්නට ලැබුණා. ඒ අතර චමිලා හලන්ගොඩ තබා තිබූ සටහනකි මේ…

“සෆි.. සුපුරුදු ආමන්ත්‍රණයෙන්ම ලියන්නම්.. දුවේ ඔයා අද පාන්දර මව්බිමට පැමිණෙනවා. ඒ එන්නේ නුවර අපි විතරක් දන්න සෆියා නෙමේ. අද ඔයාව මුළු‍ ලංකාවම දන්නවා. ලක්මවට ආඩම්බරයක් රැගෙන ඔයා මේ එන මොහොතේදී හිතට දැනෙන සතුට අකුරු කරන්න මට තේරෙන්නේ නෑ. ඒතරම්ම සතුටුයි මගේ දුවේ. පොඩිකාලේ ඉඳලා බෝගම්බර පිට්ටනියේ හතිවැටෙනකම් දුවලා දුවලා ඔයා ලබාගත්ත පන්නරය සුළු‍පටු නෑ කියලා ඔයා පෙන්නලා ඉවරයි. විතාන සර්, ඒ හැමතැනම හිටියා. ඔයාගේ ආදරණීය මවුපියන්, විශේෂයෙන් තාත්තා, හෙවණැල්ලක් වගේ ඔයා පිටුපස හිටපු විදිය බොහෝ තැන්වලදී මන් දැකලා තියෙනව. දඟකාර පුංචි කෙල්ල ඔයාට මන් හරි ආදරෙයි. අද කාලේ බොහෝ ළමයින් ළඟ නැති ගුණාංග ඔයා ළඟ හැමදාමත් තිබුණා. ඉතිං දුවේ හදවත දොඩමලු‍යි. ඒත් වචන ගළපන්න අමාරුයි. ඒතරම් සතුටක් ඔයා මවුපියන්ට පාසලට අපි හැමෝටම මුළු‍ ලංකාවටම ලබාදුන්නා. ඔයාගේ ඔලිම්පික් සිහිනය යථාර්ථයක් වෙන්න ක්‍රීඩා බලධාරීන්ගේ නොමඳ සහාය හෙටින් පසු අනිවාර්යයෙන්ම ලැබේවා. ඉදිරියේදී ඔලිම්පික් පදක්කම පැලඳ සතුට සමරන දිනයක් උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් දුවේ..” යනුවෙන් තබා තිබූ සටහනක් දැකගන්නට ලැබුණා.
ඒ වගේම රනින් සැරසූ තවත් පුතෙක් සිටියා ඒ චමෝද් යෝධසිංහ. ඔහුත් දකුණු ආසියාවේම වේගවත් ක්‍රීඩකයා වුණා. ඔහුද අදහස් දක්වා තිබුණේ “මම මේ ගමන ආරම්භ කළේ පාසල් කාලයේදීමයි. මට ගොඩාක් උදව් වුණා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලලිත් ලියනගේ සර්, දැන් පුහුණුකරු සංජීව වීරක්කොඩි සර්. එයාලාගේ මඟපෙන්වීමත් එක්ක මෙතනට එන්න පහසු වුණා. පොඩි කාලේ ඉඳලා මම අම්මාත් එක්ක තමයි තරගවලට ගියේ. වසර 4ක්ම එක දිගට රන් පදක්කම ගෙනාවා මීටර් 100න් ඔලිම්පික් ගිහින් කවදාහරි මෙඩල් එකක් ගේන්න තමයි මගේ බලාපොරොත්තුව. මෙම තරගාවලියේම වීරයා වුණේ හෙල්ල විසිකිරීමේ තරගයේ රන් පදක්කමක් ලබාගත් රූමේෂ් තරංගයි. ඔහුද අදහස් දක්වමින් පවසා සිටියේ, ලබන ඔලිම්පික් තරගාවලියට සහභාගි වී දිනා අපේ රටේ ජාතික ගීිය ගායනා කරනු දැකීම සිහිනය බවයි. මොවුන් ඇතුළු රට වෙනුවෙන් සහභාගි වූ සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටම හදපිරි ස්තුතිය පුද කළ යුතුයි.

මේ ජයග්‍රහණ අත්කර දුන් හැම කෙනෙක්ම අපේ රටේ දරුවෝ. අපේ එවුන්. මේ ලක් මවගේ හැම දුවෙක් පුතෙක්ටම ඉදිරි ගමනට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

‘කරන දේශනාවක් හෙමින් කරගන්න! පලයන් යන්න..! පුළුවන් දෙයක් කරන්න! OIC ජයලත්ට එන්න කියන්න මෙතෙනට! මමයි ඔගස්ටීන්…! මෙහෙණින් වහන්සේට මහපාර මැද කුණුහරුප කියමින් ප්‍රසිද්ධියේ සද්දෙ දැමූ ඔගස්ටීන් අන්න දැන් පොලිස් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

Next Post

වැඩේ දරුණුයි! එන පොට හොඳ නෑ! නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ පඬුරු පෙට්ටි 6ක් කඩලා සල්ලි අරන් ගිහින්! ‘දෙවියනි ඔබ කොහිද..?’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.