• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොකක්ද මේ පද්මේගෙ නළු-නිළි හුටපටේ? නිළියෝ හතර දෙනෙක්ම කතා කරයි! Sri Lanka Latest News

November 2, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මොකක්ද මේ පද්මේගෙ නළු-නිළි හුටපටේ? නිළියෝ හතර දෙනෙක්ම කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල ලෝකය පමණක් නොව තවත් ක්ෂේත්‍ර කිහිපයක්ම හෙල්ලී ගියේය. ඉන් ප්‍රධානම එකක් වූයේ කලා ක්ෂේත්‍රයය. මෙරට ජනප්‍රිය නිළියන් බොහෝදෙනකු පද්මේ සමඟ ගනුදෙනු කර ඇති බව හෙළිදරව් වීමත් සමග නිළියන් කිහිපදෙනකුම CID කැඳවීමට පියවර ගෙන තිබිණි. සමාජ මාධ්‍යවල විවිධ නිළියන්ගේ නම් පද්මේ සමඟ ඈඳමින් රස කතා මවන ආකාරයක්ද දැකගත හැකි විය. මේ දැක්වෙන්නේ එසේ ප්‍රසිද්ධියේ CIDයට පැමිණි නිළියන් කිහිපදෙනකු මාධ්‍ය වෙත දක්වා තිබූ අදහස් හා සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිළියන් කිහිපදෙනකු දක්වා තිබූ අදහස්ය.Sri Lanka Latest News

සමාජය ගල් ගසමින් මා මරා දමමින් සිටී – ගයත්‍රී ඩයස්

පෙර ආත්මය ගැන මතකයක් නැතත්, ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්‌බර ඇති. වේදනාකාරී ඇති. පෙර පව් අනුව මේ ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි. නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී. මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජය සරීයා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි. කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත. මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි. මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරීනියක වීමයි..

අපිත් එක්ක කතා කරන අය ගැන හොයන්නෙ නැති එක වැරැද්දක් – හේෂානි ලියදිපිට

“මම පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ. මේ දවස්වල ටිකක් ලංකාවේ කතා වෙන දෙයක් ගැන. මම සාමාන්‍යයෙන් සෝෂල් මීඩියාවල මං ගැන යන නෙගටිව් දේවල් පස්සේ එහෙම පන්නපු කෙනෙක් නෙමෙයි. එහෙම කවුරුත්ම මුකුත් කිව්වට ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. මම සෝෂල් මීඩියාවල එහෙම දෙයක් දැක්කත් ඒ දේවල් පස්සේ එච්චර එළවන්න ගිහිල්ලා නැහැ.

මේකත් එහෙම දෙයක් තමයි. මේකෙදිත් මම ඒක මම ඔයගොල්ලන් ඔය කතා වෙන පෝස්ට් එක මමත් දැක්කට මම ඒක පස්සේ එච්චර එළවන්න ගියේ නැහැ. මොකද ඒක මට රෙලවන්ට් දෙයක් නෙමෙයි නිසා. හැබැයි මට තේරුණා ටිකක් මේක ගැන වැඩිපුර ලංකාවේ කතා වෙනවා වගේ දෙයක්. මොකද මගේ යාළු‍වෝ, මගේ වටපිටාවේ මාව ආශ්‍රය කරන පිරිස චුට්ටක් මට කිව්වා මේක ගැන පොඩ්ඩක් හොයලා බැලු‍වොත් හොඳයි. මේක ටිකක් කට්ටිය අතර ස්ප්‍රෙඩ් වෙන විදියේ තරම් හොඳ නැහැ එහෙම කියලා. ඒ නිසා තමයි මම ටිකක් මේක ගැන කන්සර්න් වෙන්න පටන් ගත්තේ.

මට බොහොම පැහැදිලිව කියන්න තියෙනවා මම දන්නේ නැහැ මේ පෝස්ට් එක කවුද නිර්මාණය කළේ, මොකක් මොන පරමාර්ථයකින්ද මෙහෙම දෙයක් නිර්මාණය කළේ කියලා. හැබැයි මේ සඳහා මගේ නම භාවිතා කිරීම මම හිතන්නේ මම දන්නේ නැහැ මොන දේ නිසා ඒක කරාද කියලා. කිසිම සත්‍යතාවයක් නැති දේකට මගේ නම භාවිතා කිරීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. ලොකු දුකක් තියෙනවා. ඉතින් මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ මම සම්බන්ධව අසත්‍ය දෙයක් සමාජ මාධ්‍ය හරහා මගේ ප්‍රේක්ෂකයන්ට හෝ මාව දන්න පිරිසට හෝ මෙහෙම දෙයක් ස්ප්‍රෙඩ් වෙන එකට මට කරන්න පුළුවන් ඒකට නීතිමය පියවර ගැනීම පමණයි. ඉතින් ඒ මාර්ගය මම තෝරගත්තා. ඒ සඳහා මම නීතිමය පියවරක් ලබා ගන්න මට සිද්ධ වුණා. මොකද මගේ නම සෝෂල් මීඩියා හරහා භාවිතා කරමින් බොහොම නරක දෙයක් ලොකු අපසරයක ගෙනියන එකට.
ඉතින් හැබැයි මම මේ වෙලාවේ හරිම ඇප්‍රිශියේට් කරනවා මගේ වටේ ඉන්න පිරිස ගැන. මට මගේ යාළු‍වෝ, මගේ පවුලේ අය සහ ඔය විදිහටම සෝෂල් මීඩියාවලින් ඔහොම කියන පිරිස වගේම මට හොඳ විදිහට මට මැසේජ් කරලා ඒ දේවල් එච්චර ගණන් ගන්න එපා, ඒ දේවල් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල් කියන එක අඟවන පිරිසට මම ඇත්තටම හරිම ස්තූතිවන්ත වෙනවා.

මට කියන්න තියෙන්නේ අපි හරියට තොරතුරක් දන්නේ නැත්නම් මේ වගේ ලොකු චෝදනාවල් විශේෂයෙන්ම අනික ගැහැනු ළමයෙක් ඒ දේවල් කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ හරි වැරැද්ද මොකක්ද කියලා. සමහර විට නිවැරදි මනුස්සයෙක්ට මෙහෙම දෙයක් කරන එක ඒ කරන කෙනාට වදත් නැහැ. එයාට නීතිමය වශයෙන් ඒ දේ හොඳත් නැහැ සහ මනුස්සයෙක් විදිහට මනුස්සකමින් ඒ දේ හොඳත් නැහැ. මොකද අද මට මේක වෙන්න පුළුවන්. මේ වගේ වටපිටාවක් ලංකාවේ තියෙනකොට මේ වගේ දේවල් ප්‍රවෘත්තිවලින් ඇහෙනකොට තවත් පිරිසක් හෙට වෙද්දි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. තව කෙනෙක් මේ විදිහට මගේ නම භාවිතා කරලා යැව්වා වගේම තවත් නම් මේකට ඇටෑච් කරලා යවනවා වෙන්න පුළුවන්.

ඉතින් අපි දන්නේ නැහැ අපිට එදිනෙදා ජීවිතයේදී හම්බවෙන මිනිස්සු අපිත් එක්ක ඇවිල්ලා කතා කරන මිනිස්සු කවුද? කින්ද මන්ද කියන දේ අපි හොයන්න බලන්න යන්නේ නැහැ. ඒක තමයි සමහර තැන්වල සමහරවිට ඒක වැරැද්දක්. හැබැයි අපි ජීවත් වෙන ක්ෂේත්‍රයත් එක්ක රංගන ශිල්පිනියක් විදිහට මම හිතන්නේ අපිට ඒ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඉතින් මට කාරුණිකව කියන්න තියෙන්නේ තමන් නොදන්න කිසිම තොරතුරක් තවත් කෙනෙක්ට කියන්නවත්, තවත් කෙනෙක් එක්ක ෂෙයාර් කර ගන්නවත් යන්න එපා. මම කියන්නේ මේ දේ සම්බන්ධ වෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් එහෙම කරන්න එපා. මොකද ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. අපි මිනිස්සු විදිහට. මම දැන් ලංකාවේ ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. මම දැන් මගේ මැරිජ් එකෙන් පස්සේ වෙන රටකට මූව් වුණා. ඉතින් මගේ රංගන කටයුතු සඳහා තමයි මම ලංකාවට ආයේ එන්නෙ යන්නේ ඒ දේවල් කරන්නේ.

ඉතින් මම ආයෙමත් කෘතඥශීලී වෙනවා. මගේ වටා මට ආදරණීය මැසේජ් එවපු සියලු‍ දෙනාට, මගේ යාළුවන්ට, මගේ පවුලේ අයට, සහ මෙහෙම දේවල් ස්ප්‍රෙඩ් කරන එක නතර කරන්න කියලා මම බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. තැන්ක් යූ සෝ මච්.”‍

පද්මෙ පවුල එක්ක ඇවිත් මගෙත් එක්ක ෆොටෝ ගත්තා – පියුමි හංසමාලි

මම මීට අවුරුදු 4 කට කලින් ඒ කියන්නෙ 2022 අප්‍රේල් ඩුබායිවල අවුරුදු උත්සවයකට ගියා තව නළු‍ නිළියන් සමග. ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ. ඔහු ඔහුගෙ බිරිඳත් දරුවන් දෙන්නාත් සමගම ඇවිල්ල මා සමග පිංතූර ගත්තා. ඒ අවස්ථාවේදී ඔහු පැවසුවේ ඔහුටත් සුදු වෙන්න, ලස්සන වෙන්න ඕනෙ කියලා. මම කිව්වා මගේ ක්‍රීම් එක අරන් ගාන්න කියලා. මම හිතන්නෙ පොර අරං ගාලා ඒක Sure ඒක තමයි CID මහත්වරු මගෙන් විමසුවේ, ඔහු සමග මුදල් ගනුදෙනු කරලා තියෙනවද කියලා. මට එකෙක්ගෙවත් කුඩු සල්ලි, නීති විරෝධී සල්ලි, කළු‍ සල්ලි මට අවශ්‍ය නැහැ. මම යකඩ ගැහැනියක් තනියම නැගිට්ට. මට මගෙ සමාගමක් තියෙනවා. ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා. ඔවා අරං නිකං වෙඩි කාලා මැරෙන්න මට බැහැ. මම ඕවාට පට්ට බයයි.

අවුරුදු උත්සවයට මමත් ගියා තව ගොඩක් අයත් ආවා – ශ්‍රීමාලි ෆොන්සේකා

මාධ්‍යවේදියා – දැන් ඔබතුමියට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයිනේ..?
“නෑ අනිවාර්යයෙන්ම නෑ. සියයට සියයක්ම විශ්වාසයි.
ඇත්තටම 2022 පැවැත්වුණු අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් තමයි එතනදි අපිත් එක්ක ගත්ත පික්චර් එකක් සම්බන්ධයෙන් තමයි අද අපේ මේ විමර්ශනය සිද්ධ වුණේ. ඉතින් මෙතනදි ලොකු කතාබහක් තිබුණා ලංකාවේ අපි මනිලොන්ඩරින් ඒ කියන්නේ මුදල් විශුද්ධිකරණය කරා කියලා. ඉතින් ඒක පැහැදිලි කරන්න ඕන. මොකද අපි ඉතාමත් නීත්‍යානුකූලව, නීතියට බයේ ජීවත් වෙන අය. ඉතින් ඒක නිසා අපි කවදාවත් කැමති නෑ මේ වගේ දේවල් රටේ සිද්ධ වෙනවට. සම්පූර්ණ සහයෝගය මගේ ලබා දෙනවා රටේ තියෙන ප්‍රශ්න නැති කරන්න. ඒ වගේම මේ නීති විරෝධී දේවල්වලට. ඉතින් ඒක නිසා තමයි මම ඇවිල්ලා මගේ ඒ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එක එහෙමත් නැත්නම් මගේ ව්‍යාපාරයට ලොකු පහරක් වෙලා තියෙනවා මේක. අපි මනිලෝන්ඩරින් හරහා තමයි මේක පටන් අරන් තියෙන්නේ කියලා. නැහැ. එහෙම නැහැ. අපි පටන් ගත්තේ 2017 මගේ ව්‍යාපාරයන්, ඒ වගේම මගේ මේ හැම ව්‍යාපාර කටයුත්තක්ම. ඉතින් ඒ එදා ඉඳන් මේ වෙනකම් අපි කරපු දේවල් අපි මොන විදියටද ගනුදෙනු කරලා තියෙන්නේ ඒ දේවල් තමයි අද දවසෙම අපි මේ විදියට පෙන්නුම් කළේ.”‍
මාධ්‍යවේදියා – එතකොට ඔබතුමියට මේ සිද්ධියට අදාළව කොහොමද ඍජුවම එන්න කියලා කිව්වේ? දැන් මෙච්චර කතාබහක්?
“මම දන්නේ නැහැ. මගේ පින්තූරයක් තියෙනවා කියලා තමයි එම පාතාල නායකයත් එක්ක. නමුත් පින්තූරේ තියෙන්නේ අවුරුදු උත්සවයකට ගිය පින්තූරයක්. ඉතින් එතනදි ඒ අවුරුදු උත්සවයට ගොඩක් කට්ටිය සම්බන්ධ වුණා. ගොඩක් නළු නිළි සම්බන්ධ වුණා. මේ දවස්වල කතාබහ වෙන ඒ හැමෝමත් සම්බන්ධ වුණා. ඉතින් එතනදි මම හිතන්නේ මම මේ අවුරුදු උත්සවයට ගියේ මගේ වියදමින්. මගේ පවුලත් එක්ක. ඉතින් ඒක නිසා ඒ හැම දෙයක්ම මම ඒගොල්ලන්ට ඔප්පු කරා. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද ලොකු කතාබහක් යනවා මේ වෙනකොට. ඉතින් අපි ගොඩක් අමාරුවෙන් හදාගත්ත මේ නම ගොඩක් අය උත්සාහ කරනවා නැති කරන්න. ඉතින් එහෙම කරන්න බැහැ. මොකද හේතුව අපි ගොඩක් සාධාරණව ඒ වගේම ඉතාමත් නීත්‍යානුකූලව, නීති ගරුකව ජීවත් වෙන අය. ඉතින් ඒක නිසා කවදාවත් වැරැද්දක් වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා.”‍
මාධ්‍යවේදියා – ‍ඔබතුමිය පද්මේ කියන පුද්ගලයාව දැන අඳුනගෙන හිටියාද?
“නැහැ. නැහැ. මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ අවුරුදු උත්සවයට ලක්ෂ ගානක් ලංකාවේ අය ඇවිල්ලා හිටියා. මම පළමුවැනි වතාවට තමයි අවුරුදු උත්සවයකට සම්බන්ධ වුණේ. මොකද මම ඩුබායි රටේ ඉගෙන ගත්ත කෙනෙක්. ඩුබායි රටේ වීසා තිබිච්ච කෙනෙක්, රෙසිඩන්ට් වීසා තිබිච්ච කෙනෙක්. ඉතින් එහෙම හිටපු කෙනෙක් ඇත්තටම ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව ගොඩක් අය කියලා තිබ්බා මම හැමතිස්සෙම ඩුබායි යන්නේ මේගොල්ලන්ව හම්බවෙන්නේ කියලා. නැහැ. මම 2001 ඉඳලා ඩුබායි යනවා. මොකද හේතුව ඩුබායි රට මගේ දෙවැනි ගෙදර වගේ. මොකද හේතුව එහෙ මගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේම මම එහෙ ඉගෙන ගත්ත නිසා මම ඩුබායි යනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මේ හරහා මගේ නම කැත වෙච්ච එක නැති වෙයි කියලා මම විශ්වාස කරනවා.”‍

SendShareShare
Previous Post

නොෂින් ඔයාගේ වැඩ ඔක්කොම නියමයි කියනවට තමා ආස! මට හරි වෙනස් දෙයක් මේක! අපි ගොඩක් දේවල් කළා! Sri Lanka Latest News

Next Post

පොලිස්පතිතුමෝ පොලිසිය පොලිෂ් කරගන්න!Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.