• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිතුමෝ පොලිසිය පොලිෂ් කරගන්න!Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලීසිය ගැන මොනව කියන්නද මොනවාලියන්නද කියලා කියන්න තියෙන සතියක් මේක. එයාලා එක වෙලාවක වැඩ දානවා. ඒ අතරෙ වැඩ නානවා. ඒ දෙක ගැනම එක පිටුවක කතා කරන්න වෙන එක ගැන සතුටු වෙනවද දුක් වෙනද කියන එකත් වෙනමම තීන්දු කරන්න ඕන දෙයක්.Sri Lanka Latest News

පහුගිය දවසක අපි දකිනවා පොලීසියේ නිලධාරී දෙන්නෙක් කැමරාවකුත් අතින් අරගෙන බයිසිකලයකින් යනවා. හඹායන්නා වෑන් එකකින් පලා යමින් ඉන්නවා.
ඒක ඉවරයක් නැති පැන යාමක්. අතරමග විවිධ රථ හප්පමින්, පැති කණ්ණාඩි කඩමින් ඔහු පැනලා යනවා. මේ තරුණ පොලිස් නිලධාරී දෙන්නා මේ පලායන්නා හඹායනවා. ඒක ලොකු පහසුකම් තියෙන යතුරුපැදියක් නෙමේ. ඒ අතර මේ මිනිස්සු ගැන මුළු‍ රටටම ආදරය හිතෙන කතා කීපයක් ඒ මිනිස්සු කියනවා.
“‍කොකා අස්සට ඇඟිල්ල දාන්න එපා, මිනිස්සු පව්…”‍

මේ වගේ කතාවක් පොලිස් නිලධාරියා කියන්නේ කැමරාවට පේන්න නෙමේ. කැමරාව ඉස්සරහ ඉන්න එවුන්ට ඇහෙන්න නෙමේ. ඒක කියන්නෙ බොක්කෙන්මයි. ඒක අපි අහගෙන ඉන්න එක වෙනමම කතාවක්. රටක ආරක්ෂාවට ඉන්න අයට හදවතක් තිබුණම ඒ රට හරිම ලස්සන වෙනවා. අපි හැම වෙලාවකම හිතනවා ලංකාවේ පොලීසියේ ඉන්න හුඟාක් නිලධාරීන්ට හොඳ හදවතක් තියෙනවා කියලා. මේ අය අතර එක්කෙනෙක් දෙන්නෙක් කරන තක්කඩිකම්වලට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම බැනුම් අහනවා. අපි හිතන්නේ ඒක අසාධාරණයි කියලා. මොකද මේ රටේ තමන්ට අදාළ නැති වුණත් හැම වෙලාවකම වගේ මිනිස්සු වෙනුවෙන් පිහිටට එන්නේ පොලීසිය. වාහනයක් පාරේ කැඩුණම ඒක තල්ලු‍ කරන්නේ පොලීසිය. මනුස්සයෙක් අතරමං වුණොත් අන්තිමටම පිහිටට එන්නේ පොලීසිය. ඕනෑම ප්‍රශ්නයකදී මොන සෙප්පඩ විජ්ජාවක් දාලා හරි විසඳලා දෙන්නේ පොලීසිය. අපි දැක්කා පහුගිය කාලේ සමහර දරුවන්ව විභාගෙට ගිහිල්ලා දාපු පොලිස් නිලධාරි. සමහර අනතුරු වුණාම තුවාලකාරයෝ ඉස්පිරිතාලෙට උස්සගෙන ගියේ පොලීසිය. සමහර වෙලාවට පොලීසියේ ජීප් එකේ. ලොකු අනතුරකදී කවුරු අතෑරලා ගියත් පොලීසිය ගියේ නෑ. ඒ නිසා පොලීසිය නරක නෑ. පොලීසියේ හුඟාක් හොඳ මිනිස්සු ඉන්නවා.
අපි දන්නවා පොලීසියේ ඉන්න හුඟාක් හොඳ මිනිස්සු ගැන.

යාපනේට හෙට පත්කරලා යවනවා නම් අපි පොලිස් දෙපාර්තමේන්තුවට නමක් යෝජනා කරන්නම්. ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ. කුරුණෑගල ප්‍රජා පොලීසියේ නිකම් කාලේ නාස්ති කරන දක්ෂ නිලධාරියෙක්. අපි ඒක ඇස් දෙකෙන් දැක්කේ පලෙයි පොලිස් වසමේදී. පලෙයි කියන්නේ සීයට සීයක්ම එල්.ටී.ටී.ඊ. ප්‍රදේශයක්. ඒ මිනිස්සු ආනන්ද රාජපක්ෂට කියන්නේ ගාන්ධි කියලා. අලු‍ත් ආණ්ඩුවටත් යාපනේ ගාන්ධිව මග ඇරිලා. ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණිය කියන්නෙත් එහෙම කෙනෙක්. ආගමික සංහිඳියාව ගැන අ යන්නේ ඉඳලා කියලා දෙන්න පුළුවන් මිනිහෙක්. බඩල්ගම පොලීසියේ ඉඳලා සාමාන්‍ය රාජකාරියට පන්නපු ස්ථානාධිපතිතුමා ගැන මිනිස්සු කියන්නෙත් එහෙම. කාලයක් ධර්මපුරම ස්ථානාධිපතිවරයාව හිටපු චතුරංග කියන මහත්තයා ගැන ඒ වෙලාවේ ඒ මිනිස්සු හිටියේ විශාල පැහැදීමකින්.

ආයේ ඉතිං ලින්ටන් සිල්වා කියන නම කිව්වම ඇතිනේ. සල්ලි කුට්ටිය මේසෙ උඩ තිබ්බම අහක බලාගෙන කනට ගහන්න පුළුවන් කොන්ද පණ තියෙන ලයිෂන් චණ්ඩියෙක්. උස්සලා තියනවා තියන්න ඕනෙ උඩම පුටුවකින්. ඔය අපි දන්න හරිය. නොදන්න දක්ෂ ඕන තරම් අය ඉන්නවා. ඒ නිසා පොලීසියට මෙහෙම එළවලා අල්ලන්න බැරි නෑ. ඒ වෙලාවේ දහස් ගානක් මිනිස්සු ඉන්න වීථිවල ඒ කිසිම කෙනෙක්ට කරදරයක් නොවෙන විදියට කරපු ලු‍හුබැඳීම විශිෂ්ටයි. ඒ ගැන කිසිම තර්කයක් නෑ. හැබැයි පොලීසියේ මහත්තුරු තව දුරටත් බොඩි කැම්වලට විරුද්ධ වෙන එක නම් හොඳ දෙයක් නෙමේ. මොකද ඒ වෙලාවෙ බොඩි කැම් තිබ්බා නම් ඔහොම එක අතකින් කැමරා අල්ලගෙන දඟලන්න ඕන නෑ. එහෙම යන එකේ අවදානමක් නෑ කියලා කියන්න බෑ. මේ වගේ දෙයක් හෙටත් වෙන්න බැරිකමක් නෑ. ඒ නිසා දැන්වත් අපිට වෘත්තීයමය වෙන්න වෙනවා. කොහොම වුණත් මේ වෙලාවේ පොලීසිය නියමයි. අපි සැලියුට් කරනවා. ඒක අතිශය මානුෂීය මෙහෙයුමක්.

ඒ වැඩෙන් ලකුණු දාගෙන දවස් කීපයක් යද්දි පොලීසිය ආයෙත් වැඩ පෙන්වනවා. ඒ වැලිගම සභාපති ඝාතනයට අදාළ සැකකරුවන්ව අල්ලගෙන. අපරාධයක් වෙලා දවස් ගානක් ඇතුළත ඒකට අදාළ සැකකාරයව අල්ලන්න පුළුවන් දක්ෂ පොලීසියක් ලංකාවේ ඉන්නවා. ඒක අපි දන්නවා. ඔය සමහර අපරාධ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ ඉන්න එකත් ඒ පොලීසියේම දක්ෂතාවක් කියලා පැහැදිලියි. ඕවට එක එක හේතු තියෙනවා කියලා ඔයාලා අපි දෙගොල්ලොම දන්නවා.
හැබැයි මේ වෙලාවේ අල්ලගත්තේ සැකාරයෙක්ව බවත්, ඒ සැකකාරයා අපරාධකාරයා කරන්නේ අධිකරණය බවත් අපේ අදහස. එහෙම නම් මේ සැකකාරයව අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රශ්න කිරීමට ක්‍රමවේදයක් තියෙනවා. සැකකාරයෙක් අල්ලපු ගමන් ඔහුව ලෝකෙට පෙන්නන එක කොයි තරම් නරකද කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒක දෙආකරව බලපාන්න පුළුවන්. එකක් ඔහු සැබෑ අපරාධාකරයා නොවේ නම් ඔහුට සිදුවෙන අගතිය. ඔහු සැබෑ අපරාධකාරයා නම් තව දුරටත් හඳුනාගැනීමේ පෙරට්ටු වගේ පරීක්ෂණ ක්‍රමවේද යොදාගන්න බෑ. ඒ වගේම ඔහුව හෙළිදරව් කිරීම ඔහුගේ ආරක්ෂාවටත්, පොලීසියේ රාජකාරීවලටත් බාධාවක්. ඒත් ඒ හැම එකටම වඩා ප්‍රසිද්ධිය ගැන හිතනවා නම් මේක මහ භයානක තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ ප්‍රකට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වන සාලිය පීරිස් මහත්තයා මේ ගැන කියලා තිබුණු කතාව මෙන්න මේක.

අත්අඩංගුවට ගැනීම් අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදුකළ යුතුය. සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබාදීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදාහැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත. එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ කීර්තියට හානි වේ. එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එයි. – සාලිය පීරිස්ගේ ෆේස්බුක් පිටුවෙන්

රටේ අපරාධකාරයෙක් අල්ලන්න කලින් ඒක ෆේස්බුක් දානවා. ඒ වෙලාවේ වුණු පොඩි පොඩි දේවල් පවා වීඩියෝ කරලා බෙදලා දෙනවා. සමහර කට උත්තර මුල ඉඳලා අගට ටී.වී. එකේ යනවා. එයාලා අල්ලන්න කලින් එයාලා නිර්දෝෂී බව ගැන කතා පවත්වනවා. අල්ලන්න ඉන්න කෙනා අල්ලන්න නියමිත බව රටටම කියනවා. ඒ අය කලින්ම හැංගෙනවා. පොලීසිය තව දුරටත් නාට්‍ය පෙන්වන්න ගියොත් ඕලු‍ගල මහත්තයලා ඇතළු‍ නිලධාරීන්ගේ මහන්සිය අපරාදේ වෙන්න ඉඩ තියෙනවා. එක දිගටම පෙන්වන කුඩු ඇල්ලීමේ ජවනිකා දැනටමත් මිනිස්සුන්ට එපා වෙලා.

ඇත්තටම හුඟක් ආණ්ඩු බලය ගත්ත ගමන්ම කරන්නේ වැඩ පෙන්වන එක. ඒකට උදාහරණ සපයන්න එපා කියලා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ. පොලිස්පතිතුමා දක්ෂයෙක් බව අපි දන්නවා. එතුමගේ දක්ෂතා ආයේ අලු‍තෙන් පෙන්වන්න දෙයක් නෑ. ඒත් පොලීසියට අපි කෙළින්ම කියන්නේ, අපි වැඩ්ඩෝ ඉන්නවා කියලා දන්නවා. ඕලු‍ගල මහත්තයලා, ලින්ටන් සිල්වලා කොන්ද පණ තියෙන මිනිස්සු. එහෙම අයව කැමරා ඉස්සරහ නටවලා අභිමානයට හානි කරන්න එපා. මොකද අර දේශබන්දු කියන මහත්තයවත් අපි නිතරම දැක්කේ කැමරා ඇස්වලින්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මොකක්ද මේ පද්මේගෙ නළු-නිළි හුටපටේ? නිළියෝ හතර දෙනෙක්ම කතා කරයි! Sri Lanka Latest News

Next Post

මෙන්න වැඩ..! මෙහෙම එකතු වුණොත් හැම ගමකම කුඩුත් ඉවරයි.. කසිප්පුත් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.