රට ඇතුළේ සිදුකෙරෙන මත්කුඩු ජාවාරමට එරෙහි මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලබන දරුණු පාතාල අපරාධරුවන් සහ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මිනිස් වාසයක තොර දූපතක රඳවාලීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
දැනට මෙම ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් බූස්ස, අඟුණකොළපැලැස්ස ඇතුළු බන්ධනාගාර කීපයක රඳවා තබා තිබුණද, ඔවුන් සිරගෙදර සිට රිසි සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකරගෙන යන බවට චෝදනා එල්ල වී තිබේ. ඊට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවටද මේ වනවිට චෝදනාවක් එල්ල වී ඇත.
එමෙන්ම බන්ධනාගාර තුළ සිටිමින් නිදහසේ ජංගම දුරකතන භාවිත කරමින් මෙම පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන යන බවටද තොරතුරු වාර්තා වී තිබේ.
අවස්ථා ගණනාවකදීම සංඥා බාධක යන්ත්‍ර (ජෑමර්) යොදා දුරකතන ඇමතුම් ලබාගැනීමේ හැකියාව අවහිර කිරීමට පියවර ගත්තද යම් යම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් එය මෙතෙක් සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබී නොමැත.
ඒ අනුව මේ වනවිට ආණ්ඩුව ඉතා රහසිගත තීන්දුවක් ගනිමින් මෙම පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් දූපතකට ගෙන යෑමට තීන්දු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය දූපතක් මේ වනවිට හඳුනාගෙන ඇති බවටද දැනගන්නට ඇත.
මේ වනවිට ඇති රිමාන්ඩ් බන්ධනාගාරවල 12,000ක සිරකරුවන් ප්‍රමාණයක් රැඳවිය හැකි වුවද, දැනට ඒවායේ මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටින සැකකරුවන් 35,000කට අධික පිරිසක් රඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රට පුරා පුනරුත්ථාපන කඳවුරු අලුතින් පිහිටුවීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව පැවසේ. ඒ සඳහා දැනටමත් විශේෂ කමිටුවක් පත්කොට ඇති බවක්ද දැනගන්නට ඇත.










