• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහෙම ගියොත් ලංකාව දිය යට රටක් වෙයිද? දීපු පොරොන්දුවලට මොකද වුණේ? Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙහෙම ගියොත් ලංකාව දිය යට රටක් වෙයිද? දීපු පොරොන්දුවලට මොකද වුණේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගංවතුර යනු හුදෙක් අපට නව අත්දැකීමක් නොවේ. මන්දයත් වැසි තත්ත්ව හේතුවෙන් ජලාශ පිරී ඉතිරී යාම හේතුකොට ගෙන ගංවතුර තත්ත්ව ඇති විය හැකිය. එය හුදෙක් නාගරික පැතිකඩයන්ට සාපේක්ෂව වැව් හා ජලාශ ආශ්‍රිතව සිදුවනු ලබන්නකි. එනමුත් නාගරික ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයන් ඇතිවීම සංවර්ධනමය වශයෙන් ගැටලුවකට අත වනන්නක් බව ලියුම්කරුගේ අර්ථකථනයයි. මන්දයත් නාගරීකරණය හමුවේ සංවර්ධනය සිදුකිරීමේදී වැසි ජලය බැස යාමට අදාළ ක්‍රියාමාර්ග දියත් කිරීමෙන් ගංවතුර තත්ත්ව අවම වීම කරණකොටගෙනය. එහෙත් එම අදහසට තිතක් තබමින් වර්තමාන අගනුවරේ අඳුරු පැතිකඩ පෙන්වා දෙමින් අධික වර්ෂාව නිසා ගංවතුරෙන් මුළු කොළඹම යටපත් වීම මේ වනවිටත් සිදුවී හමාරය.Sri Lanka Latest News

‘ආසියාවේ ආශ්චර්යය’ ලෙස වර්ණනා පිට වර්ණනා කරමින් නාගරික සංවර්ධන ප්‍රතිපත්ති හා ප්‍රගතීන් හමුවේ සුළු වර්ෂාපතනයකට හෝ ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග ගංවතුර හේතුවෙන් යටවීම මෙන්ම නගරවාසීන් හටද කොළඹට පැමිණෙන දෙස් විදෙස් සියලු ප්‍රජාවටද මෙම තත්ත්වය මහත් ගැටලුවක් වී ඇත. මෙම වාතාවරණය හමුවේ එක් ගැටලුවක් පමණක් නොව අධික වාහන තදබදය, ප්‍රමාද වූ දුම්රිය හා බස් ගමනාගමනය මෙන්ම කාර්යාල හා පාසල් දරුවන් හටද පීඩිත තත්ත්වයක් ඇතිවීම හුදෙක් ප්‍රධානතම ගැටලුවයි. එපමණක් නොව නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව අවතැන්වීම, වැසිකිළි අපද්‍රව්‍ය මිශ්‍රවූ අපිරිසිදු ජලයෙන් රෝග ව්‍යාප්තියේ අවදානමක් මෙන්ම දේපළ සඳහා වන හානිය ද බරපතළය. මෙම ගැටලු හුදෙක් සුළුකොට තැකිය නොහැක. මන්දයත් ඔවුන් නිරන්තරයෙන් මුහුණ දෙනු ලබන මෙම ආපදා තත්ත්වයන් හමුවේ ඔවුනගේ ආර්ථිකයට හා මානසික සෞඛ්‍යයටද ඇතිකරන බලපෑමද ඉතා ඉහළ වන බැවිනි. තවද බොහෝ විට බොහොමයක් ගංවතුර හානි පියවා ගැනීමට සිදුවනුයේද හුදෙක් ඔවුනගේම පෞද්ගලික වියදමෙනි.

මීට රජයේ ක්‍රියාකාරීත්වයේ පවත්නා මන්දෝත්සාහී බව පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. මන්දයත් අගනුවර නිසි ලෙස සංවර්ධනය කිරීමට ඔවුනගේ මැළියාවෙන් ජනතාව පීඩාවට පත්වනු ඇත. කානු පද්ධති හා ඇළ මාර්ග නිසි ලෙස ශුද්ධ පවිත්‍ර නොකිරීම මෙහි මූලික ගැටළුවයි. මෙහිදී ප්‍රජාවගේ දෝෂ නොමැතිවම නැති බවත් සඳහන් කළ යුතුමය. මන්දයත් අපද්‍රව්‍ය, පොලිතින්, ප්ලාස්ටික් බෝතල් ආදිය රිසිසේ පරිසරයට මුදාහැරීම හමුවේද මෙවැනි තත්ත්ව ගොඩනැගෙනු ඇත. කෙසේ වෙතත් මෙම ගංවතුර ගැටලුව වසර ගණනාවක් මුළුල්ලේ පවතින නොවිසඳුණු ගැටලුවක් බවට නූතනයේ පත්වී හමාරය. එමෙන්ම නාගරික සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන කාලසීමාවක් හමුවේද මෙවැනි නොවිසඳුණු ගැටලු ඇති වීමද හුදෙක් ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම නාගරික සංවර්ධනයෙහි දුර්වල සැලසුම් හමුවේ පැවතීමද මෙවැනි තත්ත්ව උද්ගතවීමට බලපානු ලබයි. තෙත්බිම් හා ජලාපවහන ප්‍රදේශයන් ගොඩකිරීම් සමග සිදුවන සංවර්ධිත ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ස්වභාවිකවම වැසි ජලය උරාගැනීමට පවතින ඉඩකඩ සීමා කොට ඇත.

මෙම උද්ගතවී ඇති ගැටලු හමුවේ බලධාරීන් ඇස් කන් පියා සිටීම සිදුකරනු ලබන මහත් විපතක් බව තරයේ අවධාරණය කළ යුතුම වූවකි. මන්දයත් ඔවුනොවුන් හුදෙක් බලය ලබාගැනීමේදී බොහෝ පුරසාරම් දෙඩුවද ඒවා ක්‍රියාත්මක වීමක් නම් දක්නට නොලැබේ. බලයට පත්වීමට ප්‍රථම විපක්ෂයේ සිට ආණ්ඩුව පතුරු ගැසුවද ප්‍රාදේශීය සභා, නගර සභා අක්‍රිය බව පැවසුවද හුදෙක් නූතනයේ ආණ්ඩුව මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට සක්‍රීය වී ඇද්ද යන්න ගැටලුවකි. එමෙන්ම බලයට පත්වීමේදී නම් බොහෝ උදවිය පැවැසුවේ කොළඹ මින්පසු යට නොවන බවට සහතික කරමිනි. එනමුත් අද එය නෙත් විවර කොට නැරඹිය හැකි දසුනක් වී හමාරය. පළාත් පාලන ඡන්දය තහවුරු කොට ගැන්මට පමණක් ගමේ නගරයේ සංවර්ධනය සිහියට නැඟෙන මැති ඇමැතිවරුන් හට අද එම සංවර්ධනය සිහියට නොනැඟීම අභාග්‍යයකි. කොළඹ මාස හයෙන් ගොඩනගන බවට වහසිබස් කියූ ඇතැමුන් හට තවමත් මාස හය ගෙවී නොමැත.
ජනතා අපේක්ෂාවන් නිසි ලෙස ඉටු නොකිරීමට අසමත් වුවහොත් වත්මන් ආණ්ඩුවද ජනතාව විසින්ම පෙරළා දමනු ඇති බව බලධාරීන් පසක් කරගත යුතුමය. මන්දයත් මේ පීඩා විඳිනුයේ රටේ ජනතාවයි. ආසියාවේ ආශ්චර්යය ලෙස හැඳින්වීමට උත්සාහ ගත්තද නූතනයේදී ජාත්‍යන්තරය හමුවේ සිහිගැන්වෙනුයේ ‘වාණිජ අගනගරයත් යටවෙන ආශ්චර්යමත් රටක්’ ලෙසය.

මෙවැනි තත්ත්වයන් අවම විය යුතුමය. මන්දයත් කොළඹ යනු රටේ ආර්ථික හා පරිපාලන කේන්ද්‍රස්ථානයයි. එහෙයින් සුළු වර්ෂාවකට පවා මුළු නගරයම අකර්මණ්‍ය වීම සමස්ත රටේම ආර්ථිකයට නිසැකවම බලපානු ලබන්නකි. තවද රටේ කීර්ති නාමයටත් එය ඍජුවම බලපානු ඇත. ගංවතුර ආපදා කළමනාකරණය යනු හුදෙක් ජනතාවට සහන සලසා දීමක් පමණක් නොවිය යුතුය. එය ගැටලුවේ මූලය හඳුනාගෙන විද්‍යාත්මක හා ස්ථාවර විසඳුම් ක්‍රියාවට නැංවීමෙන් යුක්ත විය යුතුය. පවතින ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම ඇළ මාර්ගවලට අපද්‍රව්‍ය මුදාහැරීම වැනි නොසැලකිලිමත් පුරුදු වෙනස් කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොවුණහොත් නවීන ගොඩනැගිලිවලින් සරසන ලද අපේ අගනුවර සෑම වැසි සමයකදීම ‘දිය යට නගරයක්’ ලෙස ලෝකයට විදහා දැක්වීමට සිදුවනු ඇත.

අනෙක් අතට දිනක් ඇතුළත, පැය කිහිපයක් ඇතුළත ඇදහැලුණු වර්ෂාවෙන් මෙවර ජනාධිපතිවරයාගේ ගම්පියස වූ තඹුත්තේගම නගරය පවා ජලයෙන් යටවිය. ගම්වැසියන් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ නගරයේ කානු පද්ධතිය සිරවී ඇති බවත්, පාලකයන් ඒ දෙස නොබලන බවත්ය. ජනාධිපතිවරයාගේ ගමෙන්ම ඒ පිළිබඳ චෝදනා එල්ල වන්නේ නම් ඒ පිළිබඳ ආණ්ඩුව දෙවතාවක් සිතාබැලිය යුතු බව ලියුම්කරුගේ අදහසය.

එමෙන්ම පොරොන්දු පාලනයෙන් මිදීමද අද දවසේ දේශපාලනය තුළ සිදුවිය යුත්තකි. මාලිමාව බලය ගත්තේ 76 වසරක සාපය අවසන් කරන බවට පොරොන්දු දෙමිනි. ජනතාව පෝලිමේ ගොස් මාලිමාවට ඡන්දය දුන්නේ ඒ පොරොන්දුවලටය. වරක් යහපාලන සමයේදී හිටුප මෙගා සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා කොළඹ මින් පසු වතුරට යට නොවන බවටත්, තමන් ඒ සඳහා ව්‍යාපෘතියක් දියත් කර ඇති බවටත් කියා සිටියේය. නමුත් අදටත් පොඩි වැස්සටත් කොළඹ යටවීම කනගාටුදායකය.
ඒ නිසා දැන්වත් පාලකයන් මේ පොරොන්දු දේශපාලනයට තිත තැබිය යුතුය. ජනතාවත් මේ පොරොන්දු දේශපාලනයට රැවැටෙන එකට තිත තැබිය යුතුය. ඒ දෙකම නැවැත්වීමට මේ සුදුසුම කාලයයි.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

ප්‍රගීත් කෝ? ලසන්තට වුණේ මොකෝ? තාජුඩීන් පව් යකෝ! Sri Lanka Latest News

Next Post

වැලේ වැල් නැතිව එල්ලුණු කිරිඳිවැල! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන්...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.