• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රගීත් කෝ? ලසන්තට වුණේ මොකෝ? තාජුඩීන් පව් යකෝ! Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රගීත් කෝ? ලසන්තට වුණේ මොකෝ? තාජුඩීන් පව් යකෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනේ තරහ අවසර. මේ ආණ්ඩුවට චෝදනා කරනවා කියලා හිතන්න එපා. අපි සැලියුට් කරන්න ඕනෙ තැන්වල සැලියුට් ගහනවා. අත්පුඩි ගහන්න ඕනෙ තැන්වල අත්පුඩි ගහනවා. හැබැයි විසිල් විතරක් තියෙන තැන්වල බල්ටි ගහනවා දැක්කම අපිට මාර සතුටුයි. අපි පහුගිය කාලෙත් කිව්වා ලංකාවේ දේශපාලනයට අවශ්‍ය වෙලා තියෙන්නේ විසිල් නෙමෙයි බල්ටි කියලා. අපි දැක්කා අනුර කුමාර දිසානායක මහත්තයා තමන්ගේ පළමුවැනි අවුරුද්දේ සැමරුම සත පහකට ගනන් ගන්නේ නැතුව, ඔහුගේ පාඩුවේ රටේ දේශපාලනය කරමින් හිටියා. ඉස්සර අය ඔය අවුරුද්ද සමරන්න පුදුම සෙප්පඩ විජ්ජාවක්, නාඩගමක් නැටුව බව අපිට මතකයි. ඒ නිසා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හිස නමා ආචාර කරන තැන් තියෙනවා.Sri Lanka Latest News

අපි නිතරම කියනවා, මේක තමයි අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස. මේ වෙනස ඇතුළේ නිවැරදිව ඒ වෙනස සිද්ධ වෙනවද නැද්ද කියන එක මිසක වෙන දෙයක් අපිට නැහැ. අපි විශ්වාස කරනවා, මේ තමයි අන්තිම අවස්ථාව. මේ අවස්ථාවෙන් පස්සේ ආයේ අවස්ථාවක් එයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසයි අපි බලකරන්නේ, ඒ නිසයි අපි මේ කෑ ගහන්නේ, ඒ නිසයි අපි රණ්ඩු කරන්නේ, ඒ නිසයි අපි කියන්නේ මේ වගේ දේවල්. ඒවට හිත රිදෙනවා නම් සමාවෙන්න.

කීත් නොයාර් සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, ඒ වගේම ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය, මේ වගේ සිද්ධි ගොඩක් පහුගිය කාලේ යට ගියා. සමහර දේවල් වුණේ කොහොමද, වෙන්න ඇත්තේ කොහොමද කියලා අපි හැමෝම දන්නවා. අපිට වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව දැන් අලුත් කතන්දර ඇහෙන්න පටන් අරන් තියෙනවා. වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කියන සමහර ඒවා ඇහෙද්දි අපිට හිනාත් යනවා. මොකද ඒවා දැන් කියලා වැඩක් නෑ වගේ අදහසක් තියෙන දේවලුත් දැන් එහෙ මෙහෙ කියවෙන්න පටන් අරන් තියෙනවා. කමක් නෑ. වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය අපි දන්නවා, මුළු රටම කතා වෙන, මුළු රටම කම්පනයට පත්කරපු, ඉතාම භයානක සහ ඉතාම නරක සිද්ධියක්. මේ සිද්ධියේදී වසීම් තාජුඩීන් මියගියේ අනතුරකින් නොවන වග දැන් මුළු රටම, කුමන හෝ හේතුවක් නිසා දැනගෙන තියෙනවා. අනතුරකින් නෙමෙයි නම් ඔහු මියගියේ, ඒක මනුෂ්‍ය ඝාතනයක් සහ ඔහු අනතුරකින් මියගිය බවට අඟවන්නට කිසිවෙක් උත්සාහ කරලා තියෙන බවත් අපිට දැන් පැහැදිලියි. එහෙම නම් ඒක කළේ කවුද? ඒක කළේ කවුද කියලා මේ ආණ්ඩුවටත් හොයන්න බැරි නම්, කලින් ආණ්ඩු හෙව්වේ නෑ කියලා චෝදනා කරලා වැඩක් නෑ.

රටක මිනීමැරුමක් සිද්ධ වුණාට පස්සේ, ඒක මිනීමැරුමක් බව හඳුනාගෙන, ‘ඔව් ඒක මිනීමැරුමක් තමා’ කියලා කියලා, ඔන්න අපි ඒක කිව්වා කියලා අත්පුඩි ගහන්න නම් ආණ්ඩු වැඩක් නෑ රටකට. ඒ වගේම අපි දන්නවා, ඒක මේ ආණ්ඩුවට කරන චෝදනාවක් විදිහට ඉදිරිපත් කරලා වැඩකුත් නැහැ. මොකද මීට කලින් ආණ්ඩු කීපයක්ම ආවා, ඔය වසීම් තාජුඩීන්ලාගේ සිද්ධි හොයනවා, අරවා හොයනවා, මෙව්වා හොයනවා කියලා. හැබැයි ඉතින් හොයපු කෙනෙක් නැහැ. අපි ඒගොල්ලෝ ගැන තිබ්බ විශ්වාසය කඩ කළාට කමක් නැහැ, මේගොල්ලොවත් ඒ විශ්වාසය කඩ නොකළොත් කියලා පොඩි අපේකමක් දැනෙන නිසයි මේගොල්ලන්ට මේ කියන්නේ.

ඒ වගේම අපි දන්නවා ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන සිද්ධිය. ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන සිද්ධිය කියන වචනේ පවා මම විශ්වාස කරන්නේ වැරදියි කියලා. මොකද ඒකට හේතුව, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීමේ සිද්ධිය කියන එක තමයි මේකට ගැළපෙන නම. ප්‍රගීත් එක්නැළිගොඩට සිදුවූයේ කුමක්ද කියන එක පවා තවම අබිරහසක්. ඇත්තටම ප්‍රගීත් එක්නැළිගොඩලා වගේ මිනිස්සුන්ව කොහේ හෝ තැනකදී, කුමන හෝ ආකාරයකින් විපතකට පත්කරලා හෝ නොකර හෝ, කුමන හරි ආකාරයකින් අතුරුදන් කරලා දැන් වසර ගණනක් ගතවෙලා ගිහිල්ලා. නමුත් පුදුමය කියලා කියන්නේ, කවුරුත් ඒක දැනගෙන, නොදන්නවා වාගේ ඉන්නවා. ප්‍රගීත් එක්නැළිගොඩට මොකද වුණේ? මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි හිතුවා ඉක්මනට හොයලා දේවි කියලා. අනේ තවම ඒක වෙලත් නැහැ.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය. දැන් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය ගැන මේ අනිත් සිදුවීම් දෙක තුනටත් වඩා වැඩියෙන් කතාබහ කෙරෙනවා සහ, ඒ සිදුවීම පිළිබඳ වැඩිපුර විස්තර කළ හැකි කරුණු කාරණා තියෙනවා. මේ සිදුවීම වෙච්ච තැන, සිදුවීමට පාවිච්චි කරපු ආයුධය, ඒ වගේම සිදුවීමට කලින් ලසන්තගේ හැසිරීම, ලසන්තගේ හැසිරීම සම්බන්ධව ඔහුට එල්ල වෙච්ච තර්ජන ගර්ජන, ලසන්තට සාධාරණ සැකයක් ගොඩනැගෙන ආකාරයෙන් තර්ජනය කරපු අය, සාධාරණ සැකයක් ගොඩනැගෙන ආකාරයෙන් ඔහු මරන්න ඇත්තයි හිතන්න පුළුවන් අය පවා අපිට ඉන්නවා. අපි දන්නවා අධිකරණමය ක්‍රියාදාමයක් සඳහා, සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම අවශ්‍යයි. අධිකරණමය ක්‍රියාදාමයක් සඳහා නිශ්චිත පර්යේෂණ අවශ්‍යයි. එහෙම නැතුව, අපිට හිතෙන දේවල් කියලා, අපේ කැමැත්ත අකැමැත්ත කියලා, අපි වඩාත් අකැමැති කෙනාට චෝදනා කරලා එහෙම දඬුවම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ.

ප්‍රශ්නේ තියෙන්නේ, දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් පර්යේෂණවලට මොකද වෙලා තියෙන්නේ? මේ ගැන පාර්ලිමේන්තුවේ කතාකරන එක හරි, මේ ගැන ප්‍රසිද්ධ වේදිකාවේ එක එක්කෙනාට චෝදනා කරගන්න එක හරි, තරහ ගියාම අරයා තමයි මේක කරන්න ඇත්තේ කියලා කට පියාගෙන හරි ඒක නෙමෙයි රටක අපරාධයක් සම්බන්ධයෙන් සිද්ධ විය යුත්තේ. මනුස්සයෙක් මරාදැමුවා නම්, ඔහු ලසන්ත වික්‍රමතුංගද, ප්‍රගීත් එක්නැළිගොඩද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහු වසීම් තාජුඩීන් වගේ මුළු රටම දන්න කෙනෙක්ද, මුළු රටම දන්න කෙනෙක් එක්ක අමනාපයක් ඇති කරගත්ත කෙනෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රටේ යම් පුද්ගලයෙක් මියයා යුතු නැහැ රහසක් ලෙස. ඔහුගේ මරණයට හේතුවක් තියෙන්න ඕනේ. ඔහුගේ මරණය සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ මරණ සහතිකයක් තියෙන්න ඕනේ. ඔහුගේ මරණය ස්වභාවික නැත්නම්, ඔහුගේ මරණය සිද්ධ වීමට අදාළව හේතුව සාධාරණව ඔප්පු විය යුතුයි. එසේ නොමැතිව, ඔහු මියගියේ කවුරු හරි අතින් කියලා හිතෙනවා නම්, ඔහුගේ මරණය කිසිවෙක් විසින් සඟවනවා නම්, ඔහුගේ මරණය සැඟවූ බව ඔප්පු වෙලා නම්, ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න ඕනේ.

අපේ රටේ පොලිසිය අදක්ෂ නැහැ. අපේ රටේ අධිකරණය අදක්ෂ නැහැ. අපේ රටේ පර්යේෂකයෝ අදක්ෂ නැහැ. අපේ රටේ පාලකයොත් ඉතින් ඔය කියන තරම් අදක්ෂ නැහැ. හැබැයි පුදුමය කියලා කියන්නේ, මේ සිදුවීම්වලදී සමහර වෙලාවට වුණේ මොකක්ද කියලා හිතාගන්නවත් මේගොල්ලෝ දක්ෂ නැහැ. සමහර වෙලාවට කොහොම මැරුණද කියලවත් හිතාගන්න බැරිවෙන තරම්, මේ පොලිසිය, අපේ නීති පද්ධතිය හරි අසරණයි, හරි අහිංසකයි, හරි හුරතල් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් ඔක්කොම එකතු කරගන්නවා! සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ආණ්ඩුවක් ගන්නවා! මෙන්න වෙන්න යන දේ ප්‍රසිද්ධියේ කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙහෙම ගියොත් ලංකාව දිය යට රටක් වෙයිද? දීපු පොරොන්දුවලට මොකද වුණේ? Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.