• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලේ වැල් නැතිව එල්ලුණු කිරිඳිවැල! Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලේ වැල් නැතිව එල්ලුණු කිරිඳිවැල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලුත් ආණ්ඩුවක් පත්වුණාම ඒ අලුත් ආණ්ඩුව ගැන මුළු රටම බලාපොරොත්තු තියාගන්නවා. අලුත් ආණ්ඩුවක් පත්වෙන්නෙත් ඒ අය ලබාදුන්නු බලාපොරොත්තුවල තියෙන ශක්තිමත්කමත් එක්ක. මිනිස්සු හිතන්නේ හැමදාම මේ රටට අලුත් ක්‍රමයක් ආවොත් අලුත් දේවල් සිද්ධ වෙයි කියලා. හැබැයි හැමදාම මිනිස්සුන්ට සිද්ධ වුණේ, අලුත් කියලා හිතාගෙන පරණ මොඩ්ල් එකේම එකක් අලුතින් පිට කවරේ දාලා අරගෙන, ඒකට රැවටිච්ච එක. ඒක පරම්පරා ගානක් තිස්සේ අපි කළා. හැම අවුරුද්දකම, හැම වතාවකම, හැම ඡන්දෙකින් පස්සේම අපි හිතනවා, නෑ දැන් අලුත් දෙයක් වෙයි, අලුත් ක්‍රමයක් එයි, අලුත් දේවල් රටේ සිද්ධවෙයි කියලා. ඒත්, පරණ බෝතලේම තමයි අලුත් ලේබල් එකක් ගහලා එවලා තියෙන්නේ කියලා තේරෙනකොට හුඟාක් පරක්කු වැඩියි. හැබැයි මේ වතාවේ අපි අලුත් ලේබල් එකක් එක්ක, අලුත් බෝතලයක් මිලට ගත්තා කියලා යම් විශ්වාසයක් ඇතුව කියන්න පුළුවන් තත්ත්වෙක ආණ්ඩු මාරුවක් සිද්ධ වුණා. නැත්නම් බලය මාරු වීමක් සිද්ධ වුණා.Sri Lanka Latest News

මේ රටේ කිසිම දවසක තමන්ට දේශපාලන බලය හම්බවෙයි කියලා නොහිතපු ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සු ඓතිහාසික බලයක් දුන්නා. ඇත්තටම ඒකට කියන වචනේ ඓතිහාසික බලයක් කියන එකම තමයි. ආසන්න කාලය ගත්තම, අපි දන්නවා අපේ රටේ දේශපාලන වෙනස්කම් සිද්ධ වෙච්ච විදිහ හරිම ව්‍යාකූලයි. මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජයට පත්කරලා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජයග්‍රහණය කරන එක, මේ රටේ කිසිවෙක් බලාපොරොත්තු වෙච්ච දේශපාලන වෙනසක් නම් නෙමෙයි. ඒ වෙනකොටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටියේ මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ මහ ලේකම්වරයා විදිහට. එහෙම ඉඳලා, හදිසියේම ඇවිල්ලා, ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණා. ඉන් පස්සේ, අඩුම තරමේ ප්‍රාදේශීය සභාවකවත් බලයක් හිමිකරගෙන නොතිබ්බ, ප්‍රාදේශීය සභා ඡන්දෙකටවත් ඉදිරිපත් වෙලා නොහිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වෙලා, ඔහු ගාව තිබිච්ච අසීමිත බලය, ඔහුගේ හමුදා ශක්තිය, ඔහුගේ හැකියාවන්, ඔහුගේ දක්ෂතාවන්, මේ සියල්ල ගැන පුරසාරම් දොඩමින් හිටපු ආණ්ඩුවට කරකියාගන්න දෙයක් නැති වුණේ, ජනතාව ඔවුන්ට එරෙහිව එළියට බැස්සට පස්සේ. ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට පාලකයෙක්ව බලෙන් පන්නලා දැම්මා. ඒක කළේ මහජනතාව. ඔහුට තවදුරටත් අල්ලගෙන ඉන්න බැරි තැනට ආවට පස්සේ, ඔහු තමන්ගේ තනතුර දාලා පැනලා දිව්වා. ඒකට වෙන වචන නැහැ. ඔහු පැනලා දිව්වා. ඔහු ජනාධිපතිකම එපා කියලා තිබ්බා. ඉන් පස්සේ, කොහේදෝ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට පරණ පිනක් පල දීලා ජනාධිපතිකම ලැබුණා.
රටේ අගමැති ධුරය අවුරුදු ගානක් තිස්සේ දරමින්, ඡන්ද විශාල ප්‍රමාණයක් පරාජයට පත්වෙමින්, ජනාධිපතිවරයෙක් බවට පත්වීමේ සිහිනය කිසි දවසක මල්ඵල ගැන්වෙන්නේ නැතිවෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට හදිසියේම පරණ පිනක් පලදුන්නා. කොහෙවත් තිබිච්ච ජනාධිපතිකමක් ඔහුගේ ඇඟ උඩට වැටුණා. ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණා. අපි හිතන්නේ අදටත් සමහර විට මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් හීනයක් වගේ ඇති කියලා. ගෝඨාභය රාජපක්ෂ පන්නන්නට සහාය දක්වපු අරගලයේ හිටපු තරුණ තරුණියන්ටත් ඒක හිතාගන්න බැරි දෙයක් වුණා.

මේ ඔක්කොගෙන්ම පස්සේ, අපිට විශාල බලතුලනයක වුවමනාව දැනෙන්න පටන් අරගත්තා. අපේ රටේ දේශපාලකයෝ තක්කඩි බවත්, ඔවුන් වංචා කරන බවත්, ඔවුන්ගේ හොර මැරකම් එකින් එක එළියට එන බවත්, ඔවුන්ටම තේරෙන්න ගත්තා. මේ නිසා පරාජය වේයැයි සිතුණු තැන, සමහර දේශපාලකයෝ තමන්ගේ දේශපාලනය කෙරිල්ල පැත්තක තියලා, හීන් සැරේ කටුව අස්සට රිංගා ගත්තා. තමන්ගේ නෝනා මහත්තයා, දරු මුණුපුරෝ, පරම්පරාවේ ඉන්න හැම එකාවම මැතිවරණයක් කිට්ටු කරලා, දේශපාලන වේදිකාවට ගොඩකරන පුරුද්ද මේගොල්ලන්ට අකැමැත්තෙන් වුණත් අතහැරගන්න සිද්ධ වුණා.

රටේ බලය වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෑම බලු වැඩක් කරපු තක්කඩි ටිකක්, දේශපාලන වේදිකාවෙන් බැහැලා ගෙදර ගියා. දැන් දේශපාලනය කෙරිල්ල ඇති කියලා ඒගොල්ලෝ තීන්දු කළා. ඒගොල්ලන්ට තීන්දු කරන්න සිද්ධ වුණා. ඒ අස්සේ ජනාධිපතිවරයා ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් අනුර කුමාර දිසානායක මහත්මයා පත්වුණා. තඹුත්තේගමින් ආපු ගොවියෙක්ගේ පුතෙක් මේ රටේ රජ වුණා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. මිනිස්සුන්ගේ හදවත්වලට දැනිච්ච, මිනිස්සුන්ගේ ලොමුදැහැගන්නවපු, මිනිස්සුන්ගේ පපුව කැවුතු අස්සෙන් ආපු සතුට ඉහවහා ගියපු ජයග්‍රහණයක් බවට පරිවර්තනය වුණා. මේ ජයග්‍රහණය චුට්ටක් එහෙට මෙහෙට වැනි වැනී තිබ්බත්, මේක ස්ථිර වෙලා, ස්ථාවර වුණේ 159ක බලයක් එක්ක, තුනෙන් දෙකකටත් වඩා වැඩි ජයග්‍රහණයක් ලැබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ. දැන් ඒ කතන්දරේ ඉවරයි. දැන් ජයග්‍රහණයේ සතුටු කඳුළු වගුරවලා ඉවරයි. අත්පුඩි ගහලා ඉවරයි, හූ කියලා ඉවරයි, ඔල්වරසන් දීලා ඉවරයි. ඒ අස්සේ මේගොල්ලෝ කිරිඳිවැල ටවුන් එක මැද්දේ ටයර් එකක් පාට කරලා තියලා.

රටක බලය මේ තරම් ඉහළට තියෙන, මේ තරම් ශක්තියක් තියෙන, මේ තරම් හැකියාවක් තියෙන, මේ තරම් දක්ෂයෝ ඉන්න බව කියන ආණ්ඩුවක් මොන බඩකඩිත්තුවක් කරනවද කියලා අපිට හිතාගන්න බැහැ. ඇත්තටම මේ ආණ්ඩුව ගොඩක් දේවල් කරන්නේ කොහොම හිතලද, මොනව හිතලද, ඇයි එහෙම දෙයක් ඒගොල්ලෝ කරන්නේ කියලා ඒගොල්ලන්ගෙන් ඇහුවොත් ඒගොල්ලොවත් කියන්න නොදන්න බව නම් අපිට ස්ථිරයි. ඒත් ඉතින්, හැමදාම එහෙම කරන්න බැහැනේ. ඒ නිසා අපි ඒගොල්ලන්ගෙන් අහනවා, දැන් කිරිඳිවැල නගරයේ හදිසියේම ටයර් එකක් අටවලා, ඒගොල්ලෝ බලාපොරොත්තු වුණු සංවර්ධනය මොකක්ද? රටක් කරනකොට, ඒ රට කරන්න නම්, ඒ රට කරවන්න නම්, මීට වඩා නිශ්චිත සැලසුම් අවශ්‍යයි නේද? කිසිම සැලසුමක් නැතුව, එහෙට මෙහෙට දුවලා පැනලා, එක එක කයිකතන්දර කියලා, එක එක්කෙනා රවට්ටගෙන කරගෙන යන මේ වගේ දේවල්වලින් නම් අපි හිතන්නේ, ඔබේ ආණ්ඩුවටත්, ඔබේ බලයටත් සිද්ධ වෙන්නේ ලැජ්ජාවක් කියලා.

ටයර් එකක් පාට කරලා, කිරිඳිවැල ටවුන් එක මැද්දෙන් තියලා, ඒක සමහරු ෆේස්බුක් එකෙත් දාලා කිරිඳිවැල තියෙන දැඩි වාහන තදබදයට උත්තරයක් කියලා. ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක, උත්තර ප්‍රශ්න කරගන්න එක නෙමෙයි ආණ්ඩුවක් කරන්න ඕනේ. අපි දන්නවා, ලංකාවේ ඉන්න නිර්මාණශීලීම මිනිස්සු ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ අයගෙන් සමහර අය පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ඉවත් වෙලා ගියා. නමුත් යම් පිරිසක් තවම ඔබ සමග ඉතුරු වෙලා ඉන්නවා. ඔබ නිර්මාණශීලී බව රටට ඔප්පු කරලා පෙන්නන්න. ඔබට ඒකට තවමත් අවස්ථාව තියෙනවා. හැබැයි, බලය උදෙසා ළංකරගත්තු සමහර අයගේ දේශපාලන උප්පරවැට්ටිවලට ජනතා විමුක්ති පෙරමුණත් අහුවෙලා, රෝහණ විජේවීර මහත්තයා අමතක වෙලා, පරණ වමේ තිබිච්ච නිර්මාණශීලීත්වය පැත්තකින් ගලවලා තියපු වෙස් මුහුණක් වගේ අයින් කරලා දාලා, අලුත් මුහුණකින් පෙනී හිටින්න ගියොත් එහෙම, ඔබට සිද්ධ වෙන්නේ, මේ පළපුරුදු දේශපාලකයන්ට සිද්ධ වුණාටත් වඩා බරපතළ විපතක් බවයි අපේ අදහස. ඒකට හේතුව, රටක මිනිස්සු හැමදාම කට පියාගෙන ඉන්නේ නැහැ. ඔබ දකින්න ඇති පහුගිය ආසන්න කාලය ඇතුළත මේ රටේ සිද්ධ වෙච්ච දේශපාලන වෙනස්කම්වල තියෙන බරපතළකම.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2015 බලයට පැමිණීමේ සිට, මේ වෙනකොටත් ගත වෙලා තියෙන්නේ අවුරුදු දහයක් විතරයි. හැබැයි මේ අවුරුදු දහය ඇතුළේ, ලංකාවේ මිනිස්සු කිසිම වගක් විභාගයක් නැතුව බලය අරයාගෙන් මෙහාට, මෙයාගෙන් අරයට මාරු කළා. ඉල්ලන කෙනෙකුට දුන්නා. විශ්වාස කරන්න පුරුදු වුණා, අලුත් කෙනෙක්ව හැමදාකම. රටක මිනිස්සු අලුත් කෙනෙක් කෙරෙහි විශ්වාස තියන්න පටන් අරගන්නේ, මෙතෙක් ඉන්න හැම එකාම හොරු කියලා හිතෙන්න පටන් අරගත්තට පස්සේ. රටක බලයේ ඉන්න මිනිස්සු හොඳයි නම්, රටක බලයේ ඉන්න මිනිස්සු විධිමත්ව රට කරනවා නම්, රට වෙනුවෙන් නිවැරදිව රාජකාරී ටික කරනවා නම්, එහෙම සැකයක්, සංකාවක් රටේ මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂට දෙපාරක් බලයට එන්න පුළුවන් වෙන්නේ, චන්ද්‍රිකා බණ්ඩාරනායකට දෙපාරක් බලයට එන්න පුළුවන් වෙන්නේ, එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 17ක් බලයේ ඉන්න පුළුවන් වෙන්නේ, මොනවා කිව්වත්, කොහොම කළත්, ඒ අය කෙරෙහි රටේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබිච්ච නිසා. අද අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන, තාක්ෂණයත් එක්ක ජීවත් වෙන, අතත්‍ය සන්නිවේදනයත් එක්ක ගනුදෙනුවක් තියෙන මේ රටේ මිනිස්සුන්ව අන්දන එක ලේසි නැහැ. අපේ රටේ මිනිස්සු අන්දන්න දෙයක් නැහැ සමහර වෙලාවට ඒගොල්ලෝම කපලා මහලා ඇඳගන්නවා. ඒ වුණාට ඒක තියෙන්නේ ටික කාලයයි. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා තමන්ව ඇන්දුවා කියලා. තමන්ව අන්දවපු එවුන්ව එලෝ එලෝ ගහන්න පටන් අරගන්නවා, පන්න පන්න වධ දෙන්න පටන් අරගන්නවා.

පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ බලයට එන වැඩේදී විවිධ උපක්‍රම පාවිච්චි කරපු අයත් එක්ක, අදටත් සමාජ මාධ්‍ය තුළ වෛරයක් නිර්මාණය වෙලා තියෙන්නේ අන්න ඒක නිසයි. ඒ නිසා මේ කිරිඳිවැල නගරය මත්තේ ටයර් එකක් තියලා සංවර්ධනය කරනවා වගේ වැඩ නම් තවදුරටත් ලංකාවේ කරන්න එපා කියලා අපි ඔබෙන් ඉල්ලනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෙහෙම ගියොත් ලංකාව දිය යට රටක් වෙයිද? දීපු පොරොන්දුවලට මොකද වුණේ? Sri Lanka Latest News

Next Post

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්! දෙහිඅත්තකණ්ඩිය සමූපාකාරයේ බලය සජබය ප්‍රමුඛ විපක්ෂය තහවුරු කරගනී! විපක්ෂය 47ක් දිනද්දී මාලිමාව දින්නේ 31යි! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.