• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරයකට ආපු ස්වීඩන් කාන්තාවගෙන් පාඩමක් ඉගෙන ගමු! ගයිඩ්ලාව ‘ගයිඩ්’ නොකළොත් ලංකාව ‘අතින් කයිට්’ තමයි! Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සංචාරයකට ආපු ස්වීඩන් කාන්තාවගෙන් පාඩමක් ඉගෙන ගමු! ගයිඩ්ලාව ‘ගයිඩ්’ නොකළොත් ලංකාව ‘අතින් කයිට්’ තමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දුක්මුසු පුවත අපට අහන්නට ලැබුණේ සමාජ මාධ්‍යයෙන්. ඒ, කතරගම ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට අත්වූ දුක්මුසු ඉරණමක් තමයි මේ විදියට අසන්නට ලැබුණේ. ඇය මෙරටට එන්නට ඇත්තේ බොහෝ බලාපොරොත්තු ඇතිවයි. ඒත් ඒ බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු වන්නට ගතවුණේ ඉතා කෙටි කාලයක්. අපේ රටේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ බලධාරීන් නිතරම පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තය දියුණු කරන්න, නගාසිටුවන්න කටයුතු යොදන බවයි. එහෙත් මේ පුවත හරහා නම් ඊට හාත්පසින්ම වෙනස් පැතිකඩක් තමයි අපට දක්නට ලැබුණේ.Sri Lanka Latest News

ආර්ථිකයේ ප්‍රධාන කුලුනක් ලෙස සංචාරක කර්මාන්තය නම්කළද මෙවැනි ඍණාත්මක පැතිකඩවල් වැළැක්වීමට පියවර නොගැනීම කනගාටුවට කරුණක්. මේ කනගාටුදායක සිදුවීම සිදුවුණේ ස්වීඩනයේ සිට මෙරටට පැමිණි කාන්තාවකටයි. වීසා කාලය අවසන් වීමෙන් මහත් අපහසුතාවට සහ අසීරුවට පත්ව සිටි මෙම කාන්තාවට කතරගම ප්‍රදේශයේදී හමුව තිබුණේ රාජා නමැති පුද්ගලයෙකුටයි. මේ තොරතුරු සමාජ මාධ්‍යයට ඇය මුදාහැර තිබුණේ ඔහුගේ තිබුණු ගුණගරුක බවට ගරු කිරීමක් විදියටයි. ඔහු ඇය වෙනුවෙන් කළ මේ සද්කාර්යය වෙනුවෙන් ඔහුට ස්තුතිවන්ත විය යුතුයි.

ඇයට යනඑන මං නැතිවීමෙන් ඇය කතරගම පුදබිමේ රැඳී සිටින බවයි දැනගන්නට ලැබුණේ. මේ ස්වීඩන් ජාතික කාන්තාව සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් මස මෙරටට පැමිණ ඇති අතර, ඇගේ ආදරණීයයන් කිසිවකුත් මෙරට සහ ස්වීඩනයේ නැති බවයි දැනගන්නට ලබුණේ. ඇය කූට මග පෙන්වන පුද්ගලයන්ගේ ව්‍යාජ තොරතුරුවලට ගොදුරු වී ඇති අතර, ඒ හරහා සිය මුදල් අහිමි කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව දැඩි අපහසුතාවට පත් තමාට යළි තම මවු රටට උදව් කරන ලෙස ඇය සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

මේ විදේශීය කාන්තාව තමන්ව අසරණ තත්ත්වයට පත්කළ මිනිසුන් ගැන කතා කළේ ඉතා කනගාටුවෙන්.
”My name is “Meera baby” I’am staying sri Lanka. I have no money. I have no phone. I have no rest. I’am request for help to go to Sweden. I have no contact any family…”

‘මගේ නම මීරා බේබි. මම ලංකාවේ ඉන්නේ. මට මුදල් නැහැ. මට දුරකතනයක් නැහැ. මට විවේක ගන්න තැනක් නැහැ. මම ස්වීඩනය වෙත යාමට උදව් ඉල්ලනවා. මට කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්න විදියක් නැහැ…’ යනුවෙන් ඇය තමන්ට සිදුවූ අසාධාරණය ගැන මාධ්‍ය වෙත පවසා තිබුණා.
කතරගම චම්පා නමැති පුද්ගලයා මේ සිදුවීම ගැන අදහස් පළකළේ මෙලෙසයි.

‘ගරු ජනාධිපතිතුමනි, මේ ස්වීඩන් කාන්තාව ගොඩාක් අසරණ වෙලා ඉන්නකොටයි අපට හමුවුණේ. අපි මෙයාට ගොඩාක් උදව් කරනවා. ඇය ළඟ සතපහක්වත් නැහැ. එයාට උදව් කරපු ගයිඩ්ලා එයාව රවට්ටලා මුදල් ඔක්කොම පැහැරගෙන තියෙනවා. නමුත් මගේ වැඩසටහනක් තියෙනවා විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා ආරම්භ කරපු. ඒ තුළින් අපි එයාට උදව් කරනවා. ඇයට ඇගේ රටට යන්න උදව් කරන්න කියලා තමයි ඔබතුමන්ගෙන් ඉල්ලන්නේ. මම අවුරුදු 47ක පළපුරුද්දක් තියෙන කෙනෙක්…’ යනුවෙන් ඇයට සිදුවුණු අපහසුතාව පිළිබඳ ඔහු කරුණු ඉදිරිපත් කර තිබුණා.

සංචාරකයන් මුහුණ දෙන එක් කනගාටුදායක පුවතක් විතරයි මේ. අප රටේ බොහෝ ගයිඩ්ලා (මග පෙන්වන්නන්) විදේශිකයන්ගෙන් මුදල් කඩා වඩා ගැනීමට කටයුතු කිරීම අදක ඊයේක සිදුවූවක් නොවෙයි. අපේ මිනිස්සු හිතන්නේ විදේශිකයෙක් දැක්ක ගමන් ඔහුට ඕනෑ තරම් මුදල් තියෙනවා කියලයි. උදාහරණයක් ලෙස බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් පවා විදේශිකයන්ගෙන් වැඩියෙන් මුදල් කඩාගන්නවා. විදේශිකයන් ගුවන් තොටුපළේ සිට රැගෙන යන බොහෝ රියැදුරන් පවා මේ දේ කරනවා. මුහුදුබඩ ප්‍රදේශවල ඉන්නා විදේශිකයන් දුටු විට ඔවුන්ව අප රටට ආකර්ෂණය කරගැනීමට නෙවෙයි කටයුතු කරන්නේ. ඔවුන්ව ගසාකෑමටයි මේ ඇතැම් රියැදුරන් කටයුතු කරන්නේ.

මේ ස්වීඩන් ජාතික කාන්තාවගේ ලියකියවිලි කිසිවක් නැත්නම්, දුරකතනය පවා සොරාගෙන ගොස් නම්, ඇයට කිසිදු තොරතුරක් සොයාගැනීමට අපහසු බව හැමෝම තේරුම්ගත යුතුයි. අප රටේ තැරැව්කරුවන් බොහෝයි. මේ නිසා සංචාරක කර්මාන්තයට යම් ඍණාත්මක තත්ත්වයක් උද්ගත වන්නේ මෙවැනි කූට තැරැව්කරුවන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසායි. විදේශීය රටවල ජීවත් වන්නන් මෙවැනි සිදුවීම් දැකීමෙන් අප රට කෙරෙහි ඔවුන් තුළ ඇති යහපත් ප්‍රතිරූපය බිඳවැටෙන්නේ නිතැතින්මයි. ඒ වගේම සංචාරක කර්මාන්තයටත් මේ ප්‍රශ්නය නරක ආකාරයට බලපානු ලබනවා. මෙවැනි සිදුවීම් නිසා අප රටට සංචාරකයන් පැමිණීමට යම්කිසි බියක් දැක්වීමද වැළැක්විය නොහැකියි.
ඇය මුලින්ම ස්වීඩන් තානාපති කාර්යාලයට හෝ පොලිසියට ගොස් තමන් මුහුණ දුන් අසාධාරණය පිළිබඳ පැමිණිලි කිරීමට කටයුතු කළ යුතුව තිබුණු බවයි බොහෝ අයගේ මතය වී තිබුණේ. ඒත් විදේශිකයෙක් පොලිසිය කොහේද අදාළ බලධාරීන් කවුරුන්ද යන්න දන්නේ නැහැ. ඉස්සෙල්ලාම තමන්ට වූ අසාධාරණය පවසන්නේ තමන්ගේ සමීපතම පුද්ගලයන්ට හෝ ඒ පිළිබඳ දැනුවත් කෙනකුටයි. මේ සිදුවීමද එක් අතකින් එහෙම වන්නට ඇති. නමුත් ඇයට සිදුවුණු අසාධාරණය නිසා මෙරට සමස්ත සංචාරක කර්මාන්තයටම සිදුවන කළු පැල්ලම ඉවත් කිරීමට බලධාරීන් වහා මැදිහත් විය යුතුයි. මෙවැනි අසාධාරණකම්වලට ලක්වන විදේශිකයන්ට සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදිය යුතුයි. ඇයගේ තත්ත්වය ඒ රටට දැනුම් දී ඇයව රජයේ වියදමින් හෝ එරටට යැවිය යුතුයි. ඇයගේ දේපළ සොරාගත්, ඇයව රැවැටීමට ලක්කළ පුද්ගලයන් සොයා ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයි. නොඑසේ නම් සිදුවන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තය පරිහානිය කරා ගමන් කිරීම පමණයි. ඒ නිසා අපට කියන්න තියෙන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ගේ ඇස් ඇරේවා කියලා විතරයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අපි අද ‘මව්රට’ පුවත්පතෙන් හෙළිකරපු තොරතුරු සියල්ල පොලිස් ඇමැතිතුමා මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී තහවුරු කරයි! මෙන්න කුඩු-පාතාලයට එරෙහිව පටන් ගන්න යන යුද්ධය! VIDEO I Sri Lanka Latest News

Next Post

අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් ඔක්කොම එකතු කරගන්නවා! සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ආණ්ඩුවක් ගන්නවා! මෙන්න වෙන්න යන දේ ප්‍රසිද්ධියේ කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.