සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කබීර් හෂීම් කමිටු වාර්තාව ලැබුණු පසු එහි ඉදිරි කටයුතු සියල්ල තමා යටතට ගැනීමට සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව, අදාළ වාර්තාව සම්පූර්ණයෙන් අධ්‍යයනය කොට එහි ඉදිරි කටයුතු කළ යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳ පක්ෂයට දැනුම් දීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ.
තවදුරටත් ඒ සම්බන්ධයෙන් කමිටු පත් නොකිරීමටත්, කිසිවකුත් සමග රහස් සාකච්ඡා නොපැවැත්වීමටත්, සියලු කටයුතු එළිපිට සිදුකිරීමටත් එහිදී විපක්ෂ නාකවරයා තීන්දු කොට ඇති බව වාර්තා වේ.
පක්ෂ දෙක එකතු විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන කබීර් හෂීම් කමිටු වාර්තාව ලබන බදාදා දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතට පත්වීමට නියමිතය.










