• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ඉල්ලපු – නෝර්වේ දුන්නෙ නැති – නොබෙල් එක දිනපු යකඩ ගැහැනිය ‘මචාඩෝ’! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප් ඉල්ලපු – නෝර්වේ දුන්නෙ නැති – නොබෙල් එක දිනපු යකඩ ගැහැනිය ‘මචාඩෝ’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාරියා කොරිනා මචාඩෝ (María Corina Machado) ඇය කවරෙක්ද? ලෝකය පුරා අද මහත් කතාබහකට ලක්ව තිබෙන ඇය අන්වර්ථ නාමයකින් හඳුන්වා දී තිබෙන්නේ වෙනිසියුලාවේ යකඩ ගැහැනිය (The ‘Iron Lady’ of Venezeula) ලෙසිනි. එසේම අද ඇය ගැන කතාබහට ලක්ව ඇත්තේ එක්තරා සුවිශේෂ හේතුවක් නිසාය. එය කුමක්ද? ලෝකයේ අතිඋත්තරීතර සම්මානයක් සහ ගෞරව නාමයක් වන 2025 නොබෙල් සාම ත්‍යාගය හෙවත් සම්මානය (2025 Nobel Peace Prize) මෙවර ප්‍රදානය කර ඇත්තේ ඉහත මාරියා කොරිනා මචාඩෝ වෙතය. ඇය වර්තමානයේ දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව වන ප්‍රකටතම දේශපාලන චරිතයකි. ඇයට මෙම නොබෙල් සාම ත්‍යාගය මෙයට දින කීපයකට පෙරදී පිරිනමනු ලැබීය. මෙම සම්මානය ඇයට පිරිනැමීමට අභිප්‍රේරණය ලෙස කෙටි හේතු පාඨයක් සඳහන් කර තිබුණේය. ‘වැඩෙන අන්ධකාරය මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිදැල් දැල්වූ ගැහැනිය මාරියා කොරිනා මචාඩෝය…’. එය සැබැවින්ම අපූරු වදනකි. Sri Lanka Latest News

එම මහා ගෞරව සම්මානය උදෙසා නොබෙල් සාම ත්‍යාග කමිටුව ඇය වෙනුවෙන් ප්‍රකාශ කර තිබුණු සම්පූර්ණ හේතුපාඨය මෙසේ සඳහන් කර ඇත.
‘වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ නොපසුබට උත්සාහයට සහ ඒකාධිපතිත්වය තුළදී ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇය සිදුකළ අරගලය වෙනුවෙනි…’

මාරියා කොරිනා මචාඩෝ යනු සැබැවින්ම අයෝමය ගැහැනියකි. ඇය තමාගේ සමාජ මෙහෙවර ආරම්භ කරනු ලබන්නේ මෙයට හරියටම වසර 33කට පෙර සමයක සිටය. එනම් 1992 වැනි වසරකදී ඇයට වයස අවුරුදු 25ක් වන හිරිමල් තාරුණ්‍යයේදීය. දැනට ඇය 58 වැනි වියේ පසුවන්නීය. 1992 දී ඇය වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් නගරයේ වෙසෙන වීදි දරුවන් වෙනුවෙන් ප්‍රතිලාභ සැලසීම සඳහා සුබසාධන වැඩපිළිවෙළක් ආරම්භ කළාය. එය ‘ඇටෙනියා පදනම’ ලෙසින් නම්කෙරුණු අතර, වසර ගණනාවක් පුරා වීදි දරුවන් සියදහස් ගණනකට සෙත ශාන්තිය උදා කළේය. මේ ආකාරයට ඇය වසර දහයක් පමණ එම මෙහෙවර ඉටුකළ අතර, පසුව එරට දේශපාලන ක්ෂේත්‍රයටද පිවිසෙන්නට වූවාය. බොහෝ දරදඬු ඒකාධිපති රාජ්‍ය පාලනයක් තිබුණු වෙනිසියුලාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ප්‍රවර්ධනය කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වටපිටාවක් බිහිකිරීමට ඇය මුල් වූවාය. ඒ නිසා ඇය එරට ජනතාව අතර බොහෝ ජනප්‍රියත්වයට පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 2010 වසරේදී පාර්ලිමේන්තු අසුනක් තරග කරමින් එරට ජාතික සභාවට තේරීපත්විය. එය ඇයට හැරවුම් ලක්ෂ්‍යයක් විය.

2010දී එලෙස වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මාරියා කොරිනා මචාඩෝ ජාතික සභාවට පත්වූයේ ‘මිරින්ඩා’ නමැති ලක්ෂ 27ක ජනතාවක් වාසය කරන විශාලතම ආසනයක් ජයග්‍රහණය කරමිනි. ඇය 2011 ජනවාරි 05 සිට 2014 මාර්තු 21 දක්වා එම මන්ත්‍රී ධුරය දැරීය. එකල වෙනිසියුලාවේ ජනාධිපති ධුරය දැරූ ඒකාධිපති රාජ්‍ය පාලකයකු වූ හියුගෝ චාවේස් (1999 සිට 2013) දක්වා වසර 14ක් නොකඩවා)ගේ රජය සමයේදී මාරියා කොරිනා මචාඩෝ මන්ත්‍රී ධුරය දැරූ අතර ඇය බොහෝ විට එම පාලනයට එරෙහිව නැගී සිටින්නට වූවාය. එනම් හියුගෝ චාවේස් ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලන රටාවට එරෙහි වූවාය. ඇය විපක්ෂයේ සිටිමින් එම හඬනැගූ අතර, එම තත්ත්වය ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමටද සමත් විය. ඇයගේ විරෝධතාවන් උත්සන්න වීම හේතුවෙන් ඇය 2014 වසරේදී ජාතික සභාවෙන් ඉවත් කර මන්ත්‍රී ධුරයෙන් නෙරපන ලදී. මෙම වටපිටාව ඇයගේ ජීවිතයේ අනෙක් ප්‍රබලම හැරවුම් ලක්ෂ්‍යය විය. එනම් එකල සිට ඇය ඉතා ප්‍රබල ලෙස එරට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවාය. හියුගෝ චාවේස් ජනාධිපතිවරයාට පසුව එරට බලයට පත්වූ වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝගේ පාලනය යටතේ මේ වනවිට ඇය එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අතිශය ප්‍රබල උද්වේගකර දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවන්නීය. නිකොලස් මදුරෝ 2014 සිට ජනාධිපති ධුරය දරන අතර, 2025 ජනවාරි මාසයේදී පවත්වන ලද ජනාධිපතිවරණය ඔහු ජයග්‍රහණය කළේ ඉතා වංචනික අයුරින් යැයි ලෝකයේ රටවල් රැසක් චෝදනා කර තිබිණි. මෙම තත්ත්වය යටතේ මාරියා කොරිනා මචාඩෝ ප්‍රධාන විපක්ෂය පසුගිය මාස 9ක කාලයක් පුරා එරට තුළ ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවයි.

නොබෙල් ත්‍යාගය නොහොත් නොබෙල් සම්මානය යනු කුමක්ද? මෙය කෙටියෙන් කිවහොත් දැනට ලෝකයේ පිරිනමනු ලබන විවිධ සම්මාන වර්ගයන් අතරින් ප්‍රධානතම මෙන්ම ඉහළම සම්මානය ලෙස සැලකෙයි. ‘මානව වර්ගයාට සිදුකරන ශ්‍රේෂ්ඨතම ප්‍රතිලාභය උදෙසා සිදුකරන මෙහෙවර අගය කිරීම, සඳහා මෙම සම්මානය පිරිනැමෙයි. නෝර්වේ රාජ්‍යයේ සහ ස්වීඩනයේ පිහිටුවා තිබෙන ‘නොබෙල් පදනම’ විසින් මෙම ගෞරවය පිරිනමනු ලබයි. මෙම ත්‍යාගය විවිධ ක්ෂේත්‍ර ගණනාවක් උදෙසා පිරිනමන අතර, සාමය, වෛද්‍ය විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාහිත්‍යය වැනි ක්ෂේත්‍රවලට අදාළව එය ප්‍රදානය කෙරෙයි. ලෝකයේ මුල්වරට මෙම සම්මානය පුදකර ඇත්තේ මෙයට වසර 123කට පෙර වන අතර, එනම් 1901 වසරේදීය. ත්‍යාගය සඳහා රන් ආලේපිත පදක්කමක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමෙයි. මුදල් ත්‍යාගය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2කට ආසන්න මුදලක් (ඩොලර් ලක්ෂ 12ක් පමණ) පිරිනැමෙන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 47ක් පමණ වෙයි. මෙය සැබැවින්ම අතිවිශාල මුදල් සම්භාරයකි. මෙහිදී ලොව බොහෝ පාර්ශ්ව විසින් අගය කරනු ලබන්නේ මුදල් ත්‍යාගයේ වටිනාකමට වඩා සම්මානයට අයත් ගෞරවය සහ කීර්තියයි. ස්වීඩනයේ ජීවත්වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් නම් ප්‍රකට විද්‍යාඥයා සිහිවීම උදෙසා මෙම සම්මානය පිරිනැමීම සිදුකරයි. මෙවැනි වටපිටාවක් යටතේ යම් අයකුට මෙම ත්‍යාගය හිමිවීම වචනයෙන් විස්තර කළ නොහැකි අතිශය මහා ගෞරවයක් සහ කීර්තියක් වෙයි.

මෙම වතගොත ඇසෙන මායිමේදී තවත් අපූරු රසවත් කතාවක්ද ඇසෙන්නට විය. එය කුමක්ද? මෙවර 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේදී එම සම්මානය තමන් වෙත හිමිවිය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වුණේ යැයි සමහර පාර්ශ්ව ප්‍රකාශ කර තිබිණි. එයට හේතු ලෙස දක්වා තිබුණේ ඇමෙරිකානු නායකයා පසුගිය මාස 06ක පමණ කාලයක් තුළදී ලොව පුරා උද්ගතව තිබුණු යුද ගැටුම් කිහිපයක්ම සමථයකට පත්කිරීමට මැදිහත් වූ පුද්ගලයකු ලෙස ප්‍රකාශ වීම හේතුවෙනි. එම ක්‍රියාවලියේ ප්‍රධානතම අවස්ථාවක් ලෙස සැලකුණේ මෙයට දින කීපයකට පෙර ඊශ්‍රායල-පලස්තීන (හමාස්) යුද්ධයද සමථයකට පත්වීමය. ලෝකයේ රටවල් 27ක රාජ්‍ය නායකයන් ඊජිප්තුවට පැමිණ පසුගියදා මැදපෙරදිග ගල්ෆ් සාම සමුළුවක්ද පැවැත්වීය. මෙම සාම ගිවිසුම් සියල්ලටම ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාය. මේ නිසා මෙවර නොබෙල් සාම සම්මානය ඔහුට හිමිවිය යුතු යැයි මතයක් ඇතිවිය. එහිදී ඇමෙරිකානු නායකයා ප්‍රකාශ කර තිබුණේ ‘මම කිසි විටකවත් කියලා නැහැ නොබෙල් සාම ත්‍යාගය මට දෙන්න කියලා. මාරියා කොරිනාට ඒ සම්මානය ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇය මට දුරකතනයෙන් කතා කළා. මම ඇයට සුබ පැතුවා. එවිට ඇය මට කිව්වා මේ සම්මානය ඔබට (මට) පවා හිමි එකක් කියලා. ඒ නිසා එහි යම්කිසි ගෞරවයක් මටත් පිරිනමන බව ඇය බොහොම සුහද සිතින් කියා සිටියා. මම වෙනුවෙන් ඇය එය පිළිගත් බවත් ඇය ප්‍රකාශ කර සිටියා…’ යනුවෙනි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අනුර භයානක කලාපයකට ඇතුළු වෙයි! ඔක්කොම ලෑස්තියි! මෙන්න වීඩියෝ එක! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨා පැන්නා වගේ රජෝලිනාත් පැන්නා…! ඒ ගේම ගැහුවෙත් ලංකාවේ වගේමයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.