• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය පොලිසියෙ පැත්තෙ! ලෝයර් ලෝයර්ලගෙ පැත්තෙ! එතකොට අපි කාගෙ පැත්තෙද? අපේ පැත්ත ගන්නෙ කවුද? Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය පොලිසියෙ පැත්තෙ! ලෝයර් ලෝයර්ලගෙ පැත්තෙ! එතකොට අපි කාගෙ පැත්තෙද? අපේ පැත්ත ගන්නෙ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් පොඩ්ඩෙක්ට වන්නිනායක කියන නීතිඥවරයා තර්ජනය කළා. ලොකු ප්‍රශ්නයක්. මේක තමයි මුලින්ම එළියට ආවේ. වන්නිනායක නීතිඥවරයා ගේට්ටුව අසල කෑගහනවා. ඔහු එක එක ඒවා කියනවා, ප්‍රියන්තට කෝල් එකක් ගන්න කියනවා, උඹව මම එක දවසෙන් අස්කරනවා කියනවා, පන්නලා දානවා කියනවා, උඹව මේකෙන් අයින් නොකළොත් මම ආයේ නඩු කතාකරන්නේ නෑ කියනවා. අපිට හිනායනවා. ඔයා නඩු කතාකරන්නේ නැතුව ගියාම අපි එල්ලුම් ගස් යයි, අපිට හරි පාඩුවෙයි. මොකද මේ රටේ හැම නඩුවම ඔයානේ කතා කරන්නේ. අනිත් එක ඔයා නඩු කතා නොකර ගිහිල්ලා හරි ඔයාගේ අනිත් අය නඩු කතා නොකර ගියොත් හරි, කන්න නැතුව යන්නේ ඔයාලට. ජීවත් වෙන්න විදියක් නැතුව යන්නේ ඔයාලට. මොකද ඔයාලා කුඹුරු ඉඩකඩම්වලින් සල්ලි හම්බකරන්නේ නෑනේ. ඔයාලා සල්ලි හම්බකරන්නේ නඩු කතාකරලා. එක පැත්තකින් තියන්නකෝ.Sri Lanka Latest News

පොලිසියේ පොඩ්ඩා, ඒ වීඩියෝ එකක් ඇතුළේ කියනවා, ඔහුද නැද්ද කියලා අපි දන්නේ නැහැ, ඔහු යැයි හැඟෙන විදිහට මේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ යනවා, ‘දෙකක් ඇන්නා’ කියලා. ඔයාලට දෙක දෙක අනින්න, ඔයාලා අපිව හදලද තියෙන්නේ? පොලිසියට පුළුවන් සාමය ආරක්ෂා කරන්න. හැබැයි සාමය ආරක්ෂා කරනවා කියලා සාමය කඩකරන්න බැහැ. සරලවම කියනවා නම්, තේරුම් කරලා දෙන්න තියෙන්නේ, පොලිසියට එහෙම එක එක්කෙනාට දෙක දෙක අනින්න බැහැ. ඒ නිසා මේක දැන් පනහට පනහ දෙපැත්තෙම හරි සුන්දර කතාවක්.

හැබැයි ඉතින් අපිට කියන්න තියෙන්නේ, මේ පොලිසියටවත්, නීතිඥවරුන්ටවත් එහෙම සමහරුන්ට දෙක දෙක අනින්නයි, රස්සාවලින් අස්කරන්නයි, එහෙට මෙහෙට කෑ ගහන්නයි, පාරවල්වල ගහගන්නයි, එහෙම ඒවා බැහැ. අපිට ඒවා වැඩකුත් නැහැ. අපිට මේ කවුද හරි, කවුද වැරදි, මොකක්වත් කතාකරන්න අවශ්‍ය නැහැ.
අපිට කියන්න තියෙන්නේ, මහත්තයෝ, නඩුවක් තියෙනවා නම්, නඩුව කතාකරන්න නීතිඥයෝ ඉන්නවා මිසක, ඔයාට ඕනෙ ඕනෙ විදිහට නටන්න නීතිඥවරුන්ට බැහැ. නීතිඥවරයෙක් වැරැද්දක් කළාම, නීතිඥවරු සියලු දෙනා නීතිඥවරයාගේ පැත්ත අරගෙන, නීතිඥවරයෙක් නිසා අගතියට පත්වෙච්ච පාර්ශ්වයේ නඩුවට පෙනී නොසිට, මේ විදිහට වැඩ කරනවා නම් ඒක නීතිඥවරුන්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද නීතිඥවරු කියලා කියන්නේ නඩුවට කතාකරලා තමන්ට සල්ලි ගෙවන මිනිහා නඩුවෙන් දිනවන කෙනා මිසක්, තමන් ආස පැත්ත දිනවන කෙනා නෙමෙයි. දැන් බැරි වෙලාවත් හරි, නීතිඥවරයෙක්ගෙන් මනුස්සයෙක් දූෂණයට ලක් වුණොත්, ඒ දූෂණයට ලක්වෙච්ච එකාට විරුද්ධව මුළු නීතිඥ ප්‍රජාවම හිටගත්තොත් එහෙම, නීතිඥවරුන්ට පුළුවන්නේ ගෑනු දූෂණය කරන්න. නීතිඥවරයෙක් ගෙදරකට හොරකම් කරන්න පැනලා, මංකොල්ලා කාලා, ඒ මංකොල්ලා කාපු නීතිඥවරයාට විරුද්ධව අධිකරණය යන්න බැහැ, ඇයි අපි නීතිඥයෝනේ. එහෙම එකක් නැහැ. නීතිඥවරු කියලා වැරදි කරන්න ලයිසන් දීලා නැහැ.
ඒ වගේම පොලිස් නිලධාරීන්ට. සරලව තේරුම් කරලා දෙන්න තියෙන්නේ මෙච්චරයි මහත්තයෝ. පොලිස් නිලධාරියෙක් වැරැද්දක් කළාට පස්සේ, පොලිසියට ප්‍රකාශ නිකුත් කරන්න බැහැ, අපි පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්නවා කියලා. සාධාරණ පැත්ත, හරි පැත්ත ගන්නයි පොලිසිය ඉන්නේ. අනිත් එක පොලිසියේ නඩුවක් තියෙනවා නම්, පොලිසියට පොලිස් නිලධාරියාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න බැරි නම් පොලිසියක් නැතුව යනවනේ මෙහෙම ගියොත් එහෙම. ඇයි අපි පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්නවා. අපි පොලිසිය වෙනුවෙන් හිටගන්නවා. පොලිසිය වෙනුවෙන් පෙනීහිටිනවා. මේ මොනම කෝලමක්ද? මෙහෙම රටවල් කරන්න පුළුවන්ද? පොලිසිය පොලිසියේ පැත්ත ගන්නවා, නීතිය නීතියේ පැත්ත ගන්නවා, අරයා අරයාගේ පැත්ත ගන්නවා, මෙයා මෙයාගේ පැත්ත ගන්නවා. එහෙම එකක් නැහැ. මේවා ස්වාධීන ආයතන. අපි ගරු අධිකරණයට හිස නමා ආචාර කරනවා, ඔබ තීන්දු දෙන විදිහ ගැන. හිතවත්කම්, යාළු මිත්‍රකම් තියෙන්න පුළුවන්. හැබැයි හිතවත්කම්, යාළු මිත්‍රකම්වලට සමහර තීන්දු දෙන්න බැහැ. රටේ, ලෝකේ ඕනෙ තරම් එහෙම දේවල් තියෙනවා. හිතවත්කම් මත, තමන්ගේ හිතවතාගේ කැමැත්ත මත දේවල් සිද්ධ වෙනවා. අපි මනුස්සයෝ විදිහට අපිට එහෙම හිතෙනවා. හැබැයි එහෙම කරන්න බැරි අය ඉන්නවා. එහෙම කරන්න බැරි වෙන්න මේගොල්ලෝ පුහුණු කරලා, මේගොල්ලන්ගේ මානසික තත්ත්වය හදලයි තියෙන්නේ. එහෙම නැතුව මනුස්සයෙකුට එහෙම එළියට බැහැලා ඉවර වෙලා කියන්න බැහැ ‘මම නැත්නම් කොරයි’ කියලා.

දැන් කවදා හරි දවසක වාහන හදන මනුස්සයෙක්ගෙන් කාට හරි කරදරයක් වෙලා, ඒ මනුස්සයාව උසාවියට අරගෙන ගියාම, සියලු වාහන හදන අය තීරණය කළොත් එහෙම අපි අදින් පස්සේ වාහන හදන්නේ නැහැ, ඔහු නිදහස් කරනකන්. මීට වඩා හොඳයි ගාසා තීරයේ ඉන්න ත්‍රස්තවාදීයෝ. ප්‍රාණ ඇපකාරයෝ ගන්නවා වගේ කතාවක් නෙමෙයි මේ කියන්නේ. ලංකාවේ ඉන්න ඇතැම් නීතිඥවරු ෆේස්බුක් එකේ දානවා, මේක මේ පන්ති වෛරය, මේක මේ උගත්කමේ වෛරය කියලා. මේක මේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මහත්තයා. උගත්කම කියලා කියන්නේ නීතිඥවරයෙක් වෙනවා කියන එක නෙමෙයි. ලෝකයේ ඉන්න උගත්ම මිනිස්සු තමන් කියලා හිතාගෙන ඉන්න එක තමයි හීනමානය. ඒකට අධිමානය කියලා කියන්න බෑ. පොලිස් නිලධාරියා හිතාගන්න ඕනේ කාකි ඇඳුමක් ඇන්දාට පස්සේ ඒගොල්ලෝ ලයිසන් චණ්ඩි නෙමෙයි. ඒගොල්ලන්ට එහෙම එක එක්කෙනාට දෙක දෙක අනින්න බැහැ. ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒගොල්ලොන්ව හරි වැරැද්ද නැතුව, අනේ එයා පොඩිනේ, එයා දුප්පත්නේ, එයා අහිංසකයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ. වන්නිනායක කියලා කියන්නේ එක නීතිඥවරයෙක්. පොලිසියේ පොඩ්ඩා එක පොලිස් නිලධාරියෙක්. මේක සමස්තය විදිහට මනින්න හොඳ නැහැ. සමස්ත නීතිඥවරු මෙහෙම නැහැ. සමස්ත පොලිස් නිලධාරීනුත් මෙහෙම නැහැ. මේ මනුස්සයෝ දෙන්නෙක් අධිකරණයට ඇතුළු වන ගේට්ටුව ගාව ගැටුමක් ඇති කරගන්නවා. ඒ ගැටුමේ නියෝජනය කරන මිනිස්සුන්ට වෘත්තීන් තියෙනවා. ඒ වෘත්තීන් අතරින් දෙකම බැලූ බැල්මට පිටට පේනවා. පොලිස් නිලධාරියෙක් සහ නීතිඥවරයෙක් විදිහට ඔවුන් පෙනීසිටින නිසා. මේ දෙදෙනා තමන්ගේ තනතුරු වෙනුවෙන් පෙනී හිටිනකොට, මේ දෙන්නා වෙනුවෙන් තව පිරිසක් අපේ එකෙක් යැයි කියමින් පෙනී හිටින්න පටන් කරගන්නවා.

මේ රට හදන්න නම්, මේ අපේ එකා වැරැද්දක් කළාම, වැරැද්ද, නිවැරැද්ද කෙසේ වෙතත්, අපේ එකා නිසා අපේ එකාගේ පැත්ත ගන්නවා කියන තැනින් මිනිස්සු නිදහස් වෙන්න ඕනේ. එහෙම නිදහස් වෙන්නේ නැතුව, මේ ආකල්ප හදන්නේ නැතුව, මේ රට සංවර්ධනය කරන්න බැහැ. මේ රට ඇතුළේ ධනපති පන්ති නැහැ. මේ අන්ත අසරණ, දුප්පත්, දුගී, යාචක රටක තමන් ධනපතීන් කියලා හිතාගෙන, තමන් සල්ලිකාරයෝ කියලා හිතාගෙන, අපිට මේ පන්ති පරතරයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ, අපිට ඇති පන්තියක් නැහැ. ඔය පන්ති පරතරය කියන එක ඇත්තටම තියෙනවා නම් තියෙන්නේ ලංකාවේ දෙකේ පන්තියේ, හතරේ පන්තියේ, ඉස්කෝලේදී තියෙන පන්ති පරතරය. නැත්නම්, විශාල පන්ති පරතරයක් තියෙනවා දෙකේ පන්තියේ ළමයෙක් සහ 13 වසරේ ළමයෙක් අතර. ඒ වගේ පන්ති පරතරයක් මිසක, වෙන පන්ති කතාවක් ලංකාව ඇතුළේ නැහැ. ඒ නිසා, තමන් ධනපතීන් යැයි, සිහින රාජ්‍යයක ජීවත් වෙන මහත්වරුනි, නෝනාවරුනි, පොළොවට බහින්න. මේ දුගී දුප්පත් රටේ ධනපතියෝ නැහැ. ඔබට ඉරිසියා කරන්න කාරණයක් අපේ රටේ මිනිස්සුන්ට නැහැ. ඔබට ඉරිසියා කරන්න තරම් දෙයක් ඔබ ගාව නැහැ. අපිට ඔබ ගාව එහෙම දෙයක් තියෙනවා කියලා පේන්නෙත් නැහැ.

පොලිස් නිලධාරීන් එක්ක ගැටෙන්න, තරහා වෙන්න අපේ රටේ මිනිස්සුන්ට එහෙම වුවමනාවක් නැහැ. ඔයාලව මේ හිරේ දාන්න ඕනේ, ඔයාලව කූඩුවේ දාන්න ඕනේ කියලා හිතාගෙන නීතිඥවරු ගෙදර ඉඳන් එන්නේ නැහැ. යම් සිදුවීමක් වුණා, යම් සිදුවීමකදී ඔහු ඉතාම කලහකාරී ලෙස හැසිරුණා. ඔහු දුරකතනය අරගෙන, ඔහුගේ සමාජ සම්බන්ධතා පෙන්වන්න උත්සාහ කළා. ඒක අපේත් හැටි. ඒක රටේ නීතිඥවරුන්ගේ විදිහ නෙමෙයි. ඒක රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ විදිහ.

ඒ නිසා, මෙවැනි ප්‍රශ්න දුරදිග යන්නේ නැතුව, මෙවැනි ප්‍රශ්න සමාජ මාධ්‍ය තුළ රචනා ලියන කතා කරගන්නේ නැතුව, මෙවැනි ප්‍රශ්නවලින් මිනිස්සු කරේ තියාගන්න කලබල වෙන්නේ නැතුව, මේ රටේ මිනිස්සු ඕනෙ තරම් පාරවල්වල ගහගන්නවා, බැනගන්නවා, රණ්ඩු වෙනවා. ඒ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙනවා. සමහර ඒවා අපි දන්නෙත් නැහැ. ඕනෙ තරම් ප්‍රශ්න විසඳිලා ඉවරවෙලා යනවා. බැරි වෙලා හරි ජංගම දුරකතනය කියන එක මේ ලෝකේ නොතිබ්බා නම්, සී.සී.ටී.වී. කැමරා කියන ජාතිය මේ ලෝකේ නොතිබ්බා නම්, ගුණරත්න වන්නිනායකවත්, ඔය පොලිස් නිලධාරියාවත් අපි දන්නෙත් නැහැ. ඒ දෙන්නා ගහගෙන ඒ දෙන්නා ඉවර කරගෙන, ඒ දෙන්නා බදාගෙන, ඒ දෙන්නා ප්‍රශ්න නිරාකරණය කරගනී.

අපි දැන් විවිධ තර්ක විතර්ක, නම් ගම් දාගෙන මහන්සි වෙන්නේ නැතුව, දැන් මේ කතාව ඉවර කරමු. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත් දේ තමයි, අපේ එකා, මගේ එකා, අපේ කණ්ඩායම, අපේ පන්තිය, අපේ කොටස, අපි වගේමයි එහෙම ඒවා මේ ලෝකේ නැහැ. තියෙන්නේ, සාධාරණය, අසාධාරණය, යුක්තිය, අයුක්තිය, හරි, වැරදි කියන එක.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජීවත් වෙන්න අඟහරුට යන්න ලෑස්ති වෙන්න! නාසා එකේ ඉන්න ලංකාවේ ආචාර්යතුමා කියන අලුත්ම කතාව! Sri Lanka Latest News

Next Post

මෙන්න අලුත් වසංගතයක් ! පාසල් දැරියන් ප්‍රවේශම් කරගන්න! Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.