ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. Sri Lanka Latest News
එම නිවේදනය අද (11) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උනැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.










