අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඉලක්ක කරගෙන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.Sri Lanka Latest News
මෙම ප්‍රචාරක මෙහෙයුම පසුපස එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප්‍රබලයන් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව මෙහි පළමු පියවර ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ඇතුළේ දියත් කෙරුණු අතර, පාර්ලිමේන්තුවෙන් පිටතද රංග දිසානායක මහතා ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් එල්ල විය.
එමෙන්ම ඉදිරි සති කීපය තුළදී රංග දිසානායක මහතා ඉලක්ක කොට සිදුකරන මෙම ප්‍රහාරය තීව්‍ර කිරීමට මෙම පිරිස තීන්දු කොට ඇති බවද දැනගන්නට තිබේ.
මේ සඳහා කිසිවකු නොසිතන ආකාරයේ දැවැන්ත මුදලක් වීසි කිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටින බවද අනාවරණ වේ.










