ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට සිදුවිය යුතු බව තම ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ නැවත නැවතත් අවධාරණය කරන බව බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.Sri Lanka Latest News
උද්ගතව පවත්නා තත්ත්වය හමුවේ අංක එකට සිදුවිය යුත්තේ තම සේවක පිරිසේ රැකියා සුරක්ෂිතභාවය රැකදීමට රජය පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදිය යුතු බවද ආනන්ද පාලිත මහතා අවධාරණය කරයි.
මෙම ප්‍රශ්නය හමුවේ වටේ නොයා කෙළින්ම විෂයට අදාළව සාකච්ඡා පවත්වා කඩිනම් විසඳුමක් රජය පැත්තෙන් ප්‍රකාශයට පත්කළ යුතුව ඇතැයිද හෙතෙම කියයි.
ලංවිම ප්‍රශ්නය ඇදි ඇදී යන්නේ මෙය නිසි ලෙස හඳුනා නොගෙන ක්‍රියා කිරීම නිසා බවද බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










