• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීමේදී මාලිමාවේ කඩුවෙල නගරාධිපතිව ළඟ තියාගෙන විපක්ෂනායක සජිත් ආණ්ඩුව යන වැරදි ගමන පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 6, 2025
in Exclusive
Reading Time: 23 mins read
A A
කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීමේදී මාලිමාවේ කඩුවෙල නගරාධිපතිව ළඟ තියාගෙන විපක්ෂනායක සජිත් ආණ්ඩුව යන වැරදි ගමන පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොඳ දේ මෙන්ම නරක දේ සරු දේ මෙන්ම නරක දේ ගැන දැනගත යුතු බවත් දරුවන්ට සරු දේ හොඳ දේ කියා දෙන්නේ ආගමික නායකයන් ගුරුවරුන් දෙමාපිය වැඩිහිටියන් බවත් හොඳ නරක කියා දීම ඒ අයගේ වගකීම බවත් මේකට බාධාවන් නොතිබිය යුතු බවත් හොඳ නරක කියා දීමේ දී ශාරීරික මානසික හිංසනයට කෘරත්වයට ලක් කළ නොහැ‌කි බවත් මේ හොඳ නරක ක්‍රියාදීමේ ක්‍රියාවලිය තුළ දරුවාගේ අභිමානය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරනාවා සේම දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ අත්බැද සත්භාවයෙන් දෙන උපදෙස් අවවාද සමාජයෙන් නැති කරන්නට දරන උත්සාහයන් පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය වන පරිදි දහම් පාසල් දරු දැරියන්ගේ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනක් සදහා එක්වෙමිනි. කඩුවෙල බෝමිරිය ජාතික පාසල් භූමියේ දී පැවැති මෙම වැඩසටහන සදහා අවශ්‍ය ත්‍යාග හා මූල්‍ය අනුග්‍රහ ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මැදිහත්වීම තුළින් සිදු කරන ලදී.

එසේම දරුවන්ට නවීන තාක්ෂණ ගැන සුහුරු අධ්‍යාපනය ගැන නවීන නූතන අධ්‍යාපනයක් ලබා දී යාවත්කාලීන විය යුතු බවත් අලුත් වනවා සේම පැරණි දේ අමතක කළ නොහැකි බවත් පෞඩ ශිෂ්ටාචාරයක් ඇති බවත් මේ ඉතිහාසය වාරි තාක්ෂණය අතීත රජ දවස ගැන අපට අමතක කළ නොහැකි නිසා ඉතිහාසය යන විෂය හර විෂයක් විය යුතු බවත් ඒවා කරනවා සේම අධ්‍යාපන ක්‍රමය නවීන විය යුතු බවත් යල්පැනගිය නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන නැති නිසා එය යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දෙනවා සේම සෙසු ආගම්වලට ද නිසි තැන ලබා දිය යුතුයි

අප රටේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ඇති බවත් ඒ තැන අප ආරක්ෂා කර ගත යුතු බවත් සම්බුද්ධ ශාසනයට ඇති සුවිශේෂි තැන සුරැකිය යුතු වනවා සේම මෙරට සම්බුද්ධ ශාසනය සුරැකී ඒකීය භාවය භෞමික අඛණ්ඩතාව සෛරීත්වය ආරක්ෂා වීමට නම් අනෙකුත් ආගම් සංස්කෘතීන්ට ලබා දිය යුතු නිසි තැන නිසි රැකවරණය හා ආරක්ෂාව ලබා දිය යුතු බවත් අවංකවම සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවන්නේ නම් කතාව මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කළ යුතු බවත් කතාවට බුද්ධශාසනය මුදුන්පත් කර ගෙන තමන්ගේ වාසියට හරවා ගන්නවා වෙනුවට කතාව මෙන්ම ක්‍රියාවෙන්ද සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රටේ විහාරස්ථාන 14129ක් ඇති බවත් මේ විහාරස්ථාන සියල්ලම ආරක්ෂා වන රැකගන්න සුරක්ෂිත වෙන ජාතික වැඩසටහනක් කරා යා යුතු බවත් ඒ සදහා බුද්ධශාසන අමාත්‍යාංශයක් තිබිය යුතු බවත් බුද්ධශාසන අමාත්‍යාංශය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් බුද්ධශාසනයට කරන සේවාව ඒ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන විට සෙසු ආගම් කේන්ද්‍ර කර ගෙන රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත විය යුතු බවත් මේ ව්‍යුහය හරහා රට තුළ ජාතීන් අතර ආගම් අතර එකමුතුකම වඩාත් ශක්තිමත් කර සැමගේම සිතුවිලිවල මේ අපේ රටයි කියන හැගීම ඇති කර හදවතින්ම ශ්‍රී ලාංකිකත්වය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතු බවත් එය අනිවාර්යෙන්ම විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දහම් අධ්‍යාපනය ප්‍රචලිත කළ යුතුයි

අප රටේ ඇති දහම් පාසල් 10347 අප ආරක්ෂා කර ගත යුතු බවත් අපේ පාසල් දූදරුවන් දැන් දහම් පාසලින් ඈත් වන බවත් දහම් පාසල් පද්ධතියට සම්බන්ධ දූදරුවන් ක්‍රමිකව අඩුවන බවත් එම නිසා දහම් අධ්‍යාපනය ප්‍රචලිත කර දරුවන් උනන්දු කර සැම දෙමාපියෙක්ම අනිවාර්යෙන්ම දරුවන් යොමු කරන සංස්කෘතියක් ඇති කළ යුතු බවත් සෑම ආගමකටම ආවේණික දහම් අධ්‍යාපනය ලබා දෙමින් යුක්තිගරුක විනයගරුක ශිෂ්ටසම්පන්න සුචරිත වූ දරු පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සෑම දහම් පාසලකටම අරමුදලක් ඇති කළ යුතුයි

ලංකාවේම ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් ඇති බවත් මේ 327ම රැකගත යුතු බවත් මෙවර මේ වැඩසටහන කරන්න කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගිණුමට මුදල් පරිත්‍යාග කරන විට ඒ ගිණුම අක්‍රීය වී ඇති බවත් මේ ගිණුම අක්‍රීය නම් සෙසු පරිපාලන දිස්ත්‍රික්ක වල ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාසවල දහම් අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළට ලැබෙන ආශිර්වාදය රැකවරණය ඉතාම පහළ මට්ටමක ඇති නිසා ලංකාවේ ඇති සෑම දහම් පාසලක්ම ශක්තිමත්ව පවත්වාගෙන යාමට දහම් පාසල් අරමුදලක් ආරම්භ කළ යුතු බවත් ඒ අරමුදල හරහා දහම් අධ්‍යාපනයට අවශ්‍ය භෞතික සම්පත් ලබා දී දහම් අධ්‍යාපනය ලබා දෙන ගුරු භවතුන්ද ඇගයිම කළ යුතු බවත් ධර්මාචාර්ය විභාගය සමත්ව පත්වීම් නොලැබූ බොහෝ පිරිසක් ඇති බවත් පසුගිය කාලයේ රජයට බදවා ගන්නා විට දහම් පාසල් ගුරු සහතිකයට පවා ලකුණු හිමි වු බවත් අද දවසේ දහම් දැනුම ලබා දෙනවා සේම සෑම දහම් පාසල් පද්ධතියකට සුහුරු අධ්‍යාපනය පෙන්වා දිය යුතු බවත් ගමේ පන්සල විහාරස්ථානයට දරුවන් යොමු කර ශීලාචාර ශිෂ්ටසම්පන්න යුක්තිගරුක විනයගරුක ජන සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් පාසල්වලට මෙන්ම දහම්පාසල්වලට ද සුහුරු අධ්‍යාපනය ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

2023 වසරේදීද මේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් 2024 එය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ජනාධිපතිවරණය පැවැත්විම සහ ජනාධිපතිවරණ නීති රීති රෙගුලාසි වලට යටත්වීමට සිදුවූ නිසා බවත් මේ වැඩසටහන පමණක් නොව රාජ්‍ය බලය තිබූ කාලයේ පවා ගස් යට දහම් අධ්‍යාපනය ලැබූ දූදරුවන් වෙනුවෙන් ස්ථිර දහම්පාසල් ශාලා ගොඩනැගීමට සිසු දහම් සෙවන වැඩසටහන් ගොඩනැගීමට උක්ගොඩ ධම්මින්ද ස්වාමීන්වහන්සේ උපදෙස් ලබා දුන් බවත් මෙවර මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ තමා හිතවත් සිංහල බෞද්ධ නොවන අයකු වීම සුවිශේෂි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

OICලා 32ක් මාරුකරයි!  I Sri Lanka Latest News

Next Post

ඇමැති කෙනෙක් යන වාහන පෝලිමක් දැකලා මිනිස්සු වීඩියෝ කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.