ශ්‍රී ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නිල නිවේදනයක් නිකුත් කොට තිබේ.Sri Lanka Latest News
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා තානාපති සර් රොනල්ඩ් සැන්ඩර්ස් මහතා විසින් 2025 ඔක්තෝබර් මස 03 වැනි දින දින වොෂින්ටන් ඩී.සී. හි දී ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය, එදින සිට ක්‍රියාත්මක වන පරිදි, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
ශ්‍රී ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගත් දේශපාලන, සමාජ-ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව වැඩි දියුණු කරනු ඇත.





















