වංචා දූෂණ චෝදනා එල්ල වූ සහ දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් මින් ඉදිරියට කිසිසේත්ම පෙනී නොසිටීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබේ.
පසුගිය බදාදා පැවැති සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.Sri Lanka Latest News
ඉකුත් වතාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒ මහතාට එල්ල වී තිබූ චෝදනාව වූයේ ජනතා මුදලින් සිය බිරිය සමග බි්‍රතාන්‍ය සංචාරයක නිරත වූ බවටය.
හිටපු ජනාධිපතිවරයාට ඊට වඩා බරපතළ චෝදනා එල්ල වී තිබියදී උක්ත චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනය කිරීමක් ලෙස බොහෝ දෙනා පෙන්වා දී තිබිණි.
ඒ අනුව සමගි ජන බලවේගයද ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබාදීමට තීරණය කොට තිබිණි.
නමුත් මේ වනවිට සජබය තීන්දු කොට ඇත්තේ දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ හෝ අල්ලස් දූෂණ චෝදනාවලට සම්බන්ධ කිසිදු දේශපාලනඥයකු වෙනුවෙන් පෙනී නොසිටීමටය.










