මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහි සටන, වංචා දූෂණයන්ට එරෙහි සටන සහ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහි සටන තව තවත් තීව්‍ර කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය සතියේ පැවැති ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී ඊට සහභාගි වී සිටි ඔත්තු සේවා නියෝජිතයන්ට ආණ්ඩුවේ ඉහළින්ම දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මූල්‍ය අපරාධකරුවන් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන්හි යෙදෙන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය.
එමෙන්ම ඊට අවශේෂ කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු නොකරන ලෙසත්, විශේෂයෙන්ම දේශපාලන කරුණු පසුපස පැන්නීම වහාම නවත්වන ලෙසත් ඉහළින් නියෝග කොට ඇති බවද දැනගන්නට ඇත.










