• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බාලි බලන්න කාලෙ හරි

August 28, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
බාලි බලන්න කාලෙ හරි
Share on WhatsAppShare on Facebook

වීසා ෆ්‍රී රටවල් හොය හොය සංචාරය කරන එක මගේ විනෝදාංශය. ඒකට හේතුව මං පිටරටක රැකියාවක් කරන නිසා වීසා ගන්න ලංකාවට එන්න කාල වේලාව අඩුයි. ලැබෙන වැකේෂන් එක මට ඕන නොගිය රටකට ගිහින් රටතොට බලාගෙන ත්‍රාසජනක අත්දැකීම් පිරුණ අමතක නොවන ටුවර් එකක් කරගන්න. ලංකාවේ ඉන්න ඕගොල්ලන්ටත් පුළුවන් ඒ වගේ සංචාරයක් පහසුවෙන්ම සැලසුම් කර ගන්න. මං කරන විදිය මං කියන්නම්.

ගුවන් ටිකට් ඩොමෙස්ටික් ගුවන් ටිකට් හොටෙල්ස් මේ හැම දේම ඔන්ලයින් සර්ච් කරල අඩුම හොඳම පැකේජ් එකක් කස්ටමයිස් කරල හදා ගන්න එක තමා මුලින්ම කරන්නේ. එතකොට සෑහෙන්න අඩු වියදමින් ට්‍රැවල් කරන්න පුළුවන්.
ඉන්දුනීසියාව වීසා ෆ්‍රී රටක්. මාසයක වීසා එයාපෝට් එකේදිම ලැබෙනවා. මං කියන්නම් ඔයාලට ඉන්දුනීසියාවේ බාලි යන්න පුළුවන්නම් ඇවිදින්න බලන්න ලස්සන තැන් ටිකක්.
මුලින්ම කියන්නම් කොහොමද මන් අඩුවට ඒයර් ටිකට් සහ හොටෙල් බුක් කළේ කියලා. ඒයර් ටිකට් එක මන් ගොඩක් වෙලාවට ිනහිජ්බබැර හරි ඔරසච.ජදප කියන ටැවල් ඇප්ස් දෙකෙන් තමයි බුක් කරන්නේ. යන රටයි දවස් ටිකයි දලා මිල ගන්න සසඳලා අඩුම ටිකට් එකේ මිල ඉඳන් වැඩිම එක දක්වා ඒකේ පෙන්වන්වා. ඒකෙන් කරන්න තියෙන්නේ අපේ අවශ්‍යතාවට හරියන ටිකට් එක ගන්න එක. ඊළඟට අපි බලමු කොහොමද හොටෙල් බුකිං කළේ කියලා. මගේ හැම සංචාරයකටම මං පාවිච්චි කරනේ Agoda. com කියන හොටෙල් බුකිං සයිට් එක.මොකද ඒකේ රේට්ස් ඔක්කොම එකට එකතු කරලම එන නිසා ලේසියි. මන් ගොඩක් හොටෙල් එකක් තොරා ගන්නකොට මේ දේවල් සලකලා බලනවා.

  1. එයාපෝට් එකේ ඉඳන් දුර
  2. කලින් සිටිය අයගේ අදහස් වගේ දේවල්
  3. හැම තැනටම ළඟද කියලා. City center නම් හැමදේටම පහසුයිනේ
    4.මගේ බජට් එකට හරියනවද කියලා.
    බාලි යන අය මුලින්ම නවාතැන් ගන්නෙ කූටා සිටි එකේ. එතැන ඉඳන් පැයක් විතර ටැක්සි රයිඞ් එකකින් පුළුවන් නූසා ලෙම්බොන්ගාන් යන්න. නූසා ලැම්බොන්ගාන් කියන්නෙ දූපතක්. ඉතින් එතැන ෆෙරී පොයින්ට් එකට ටැක්සි එකේ ගිහින් ෆෙරී එකේ පැයක් විතර යන්න ඕන නූසා ලැම්බොන්ගාන් අයිලන්ඞ් එකට. පට්ටම ලස්සන බීච් එකක් තියෙන පිරිසිදු ලස්සන දූපත් සමූහයක්ම එක ළඟ පිහිටා තියෙනවා.
    ෆෙරී එකේ ගිහින් බහිද්දි බුක් කරපු හොටෙල් එකෙන් පික් කරන නිසා හරිම පහසුයි. කෑම බීම හරිම මිල අඩුයි. සී ෆුඞ් කැමති කෙනෙක්නම් හුඟක් සතුටු වෙයි. අලුත්ම අලුත් සී ෆුඞ් එයාල පිලියෙල කරන්නෙ.

නූසා ලැම්බොන්ගාන් බීච් හොටෙල් එකෙන් ආයෙ පහු වෙනිදා මං ගියේ නූසා පෙනිඩා අයිලන්ඞ් එකට. ඒකේ බලන්න තියෙන තැන් හරිම ලස්සනයි.

නූසා ලැම්බොන්ගාන් ඉඳන් ළඟ තියෙන නූසා පෙනිඩා දූපතට බෝට් එකේ යන්න අමතක කරන්නනම් එපා. නැවතිල ඉන්න හොටෙල් එකෙන් හරි නැත්නම් ටුවර් අරේන්ජ් කරන තැන් ගොඩක් තියෙනව ලැම්බොන්ගාන්වල. මම නම් හොටෙල් එකෙන් බෝට් එක අරේන්ජ් කර ගත්තා. එයාලම නූසා පෙනිඩා වටේම යන්න ඬේ ටුවර් එකට වෑන් එකත් බුක් කරල දුන්නා.
ඒ බීච් නිල්ම නිල් පාටයි. මුලින්ම ගියෙ ඒන්ජල් බිලබොංග් බීච් එකට. ටික දුරක් පයින් ගියාම බ්‍රෝකන් බීච් එක බලන්න පුළුවන්. ආයෙ පයින් යන දුර ක්‍රිස්ටල් බීච් එක. බලන්න ඇවිදින්න ලස්සනයි. පාරවල් පටුයි නමුත් ටැක්සි ඩ්‍රයිවර්ස්ලා හරිම සුහදශීලී අය. එයාලා හැම වෙලේම සංචාරකයන්ට ගරු කරනවා.

නූසා පැනිඩාවල ලස්සනම වීව් පොයින්ට් එක ක්ලින්කින් බීච් එක (kelingking beach)
නූසා පෙනිඩාවල ගොඩක් නවාතැන් පහසුකම් නැහැ. ඒකයි නූසා ලැම්බොන්ගාන්වල නැවතිලා ඬේ ටුවර් එකක් හැටියට නූසා පෙනිඩා එන්නෙ.
බාලි එනවනම් මතක තියා ගන්න එයාලගෙ රටේ මුදල් ඒකකය ඉන්දුනීසියන් රුෆියා. එක ඩොලර් එකකට රුෆියා 15,000 වැඩිය ලැබෙනවා. හිතා ගන්න පුළුවන්නෙ ඒ මුදල් ඒකකයට උද්ධමනයේ බලපෑම. හැබැයි කෑම බීම ඉඳුම් හිටුම් වගේම හැම දෙයක්ම වැඩි බරපැනක් නැහැ. පර්ස් එක හින්දගන්නෙ නැතිව ලස්සන තැන් බලන්න ඕනනම් බාලි යන්න. වීසා ඕනත් නැති නිසා හරි පහසුයි. හැබැයි ඉතින් මැයි – සැප්තැම්බර් අතර යන්න පුළුවන්නම් වඩත් හොඳයි. හොදට පායන මාස. මං මේ ලිව්වෙ බාලිවල ලස්සන බීච් ගැනනේ.
බාලිවල තව යන්න පුළුවන් ලස්සන තැන් තියෙනවා අපේ රටේ නුවරඑළිය වගේ. ඒ ගැනත් ලියන්නම් ආයෙ. එතකොට ඔයාලට ලස්සනට ප්ලෑන් කරන් ඔයාලට ගැළපෙන ටුවර් එකක් ටේලර් මේඞ් කරගන්න ඔයාලටත් පුළුවන්.

ගයාන් මහගමගේ

SendShareShare
Previous Post

අවුරුදු 5000ක් පැරැණි කුරුල්ලන් බලන්න කුරුල්ලන්ගලට

Next Post

හෙල්ලෙන් නැති එකම ඇල්ල

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.