• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අවුරුදු 5000ක් පැරැණි කුරුල්ලන් බලන්න කුරුල්ලන්ගලට

August 28, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
අවුරුදු 5000ක් පැරැණි කුරුල්ලන් බලන්න කුරුල්ලන්ගලට
Share on WhatsAppShare on Facebook

අතීතයේ පටන්ම සන්නිවේදනය සඳහා විවිධ මාධ්‍යයන්, විවිධ සංඥා භාවිත කිරීමට පෙලඹී ඇති මානවයා ගල් පවුරු මත, විශාල ගස්වල පෘෂ්ඨ මත නොයෙක් ආකාරයේ හැඩතල යොදා ගනිමින් ගස්වලින් සාදාගත් තීන්තවලින් තමාගේ ගෝත්‍රයන්ට අදාළ දෑ ලිවීමට හුරුවී ඇත. දිගු ඉතිහාසයකට උරුමකම් කියන හෙළයන් අතින් මෙවැනි ශිලා ලේඛන, ශිලා රූප කොතෙකුත් නිර්මාණය වන්නට ඇද්ද?

මෙවැනි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප සමහර සන්ධිස්ථානයන් ගැන මහත් උජාරුවෙන් කතා කිරීමට පෙලඹෙන අවස්ථා බොහෝය. මෙම සන්ධිස්ථානයන් අතරින් අපට මහත් උජාරුවෙන් කතා කළ හැකි එහෙත් අපට මඟහැරී ගිය තැන්ද ඇති බව විටෙක ඔබටද හැඟෙන්නට පුළුවන. අවුරුදු 5,000කට වඩා පැරැණි අතීතයකට දිවයන මුහුදු මට්ටමේ සිට අඩි 2,500කට වඩා උසකින් පිහිටි ගිරි ශිඛරයක පවතින හෙළයන්ගේ චිත්‍ර කලාව පිළිබඳ අපට මහත් උජාරුවෙන් කතා කළ හැකි සිතුවම් මේ වන විටත් අව් වැසිවලට නිරාවරණවී විනාශවෙමින් පවතින බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුවී ඇත.

කුරුල්ලන්ගල නම් මෙම ස්ථානය පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයේ ගිනිකොන දිග බෑවුමෙන් තරමක් ඔබ්බට වන්නට පිහිටි පූනාගල කඳු පන්තියේ එක් ස්ථානයකය. ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල පාසල අසලින් ඇති මාර්ගයේ කිලෝමීටර් 02ක් 03ක් පමණ ගිය පසු මෙම කුරුල්ලන්ගලට පිවිසිය හැකි එක් මඟක් හමුවේ.

මෙම අපූරු සිතුවම් සොයා යෑමට මා ඇතුළු පිරිස පෙලඹුණේ මෙහි ඇති වටිනාකම නිසාමය. රාත්‍රී තැපැල් දුම්රියෙන් තුන්දෙනෙක් බණ්ඩාරවෙලට පැමිණි අතර ඉතිරි දසදෙනා කොළඹ කොටුවේ සිට බදුල්ල බස් රථයෙන් බණ්ඩාරවෙලට පැමිණි අතර ඉන් පසු ඇල්ල වැල්ලවාය බසයක නැඟ 10 කණුව අසලින් බැසගත්තේ අපව කුරුල්ලන්ගල රැගෙන යන මෙත්තානන්ද මාමා හමුවීම සඳහාය.

ඉක්මනින් ලැහැස්ති වූ අප මෙත්තානන්ද මාමාගේ වෑන් රියට ගොඩවී උදෑසන ආහාරයද මඟදී ලබාගෙන කුරුල්ලන්ගල යෑමට පිටත්වුණෙමු. මඳක් ඉදිරියට ගිය වෑන් රථයේ කාර්මික දෝෂයක් නිසා ගමන තරමක් ප්‍රමාද විය. අප පිරිසේද දක්ෂ කාර්මික ශිල්පීන් සිටි නිසා වෑන් රථය ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගත හැකි විය. කෙසේ හෝ පෙ.ව. 9.30ට පමණ අපට කුරුල්ලන්ගල ගමන පටන් ගන්නා ස්ථානයේ බෝධිය අසලට පැමිණීමට හැකි විය.

ආගමට දහමට ළැදි අප බෝධිය අසල බුදු මැඳුර වෙත පැමිණ වතාවත් සිදුකොට වනය දෙසට පිටත් වුණෙමු. කුඩා ඇළ පාරක් දිගේ වනය දෙසට ගිය අපට කුඩා කැලෑ ප්‍රදේශයක් හමුවිය. එය පසු කළ අප විශාල ෆයිනස් කැලයක් ඔස්සේ ඉදිරියට ඇදුණෙමු. මෙම ගමන සඳහා අපට සහාය වූයේ මෙත්තානන්ද මාමාගේ හිතවතකු වූ සුදත් මාමාය. ෆයිනස් ගස්වල කොළ වියළී බිමට වැටී ඇති නිසා ඇතැම් ස්ථානවලදී අප පිරිසේ ඇතැමෙක් ලිස්සා ඇද වැටීමට ලක්විය.

ෆයිනස් කැලය ඔස්සේ අප සියලු දෙනා කුරුල්ලන්ගල කඳු මුදුනට පැමිණ මඳ විවේකයක් ලබා ගතිමු. එක් පසෙකින් උමාඔය ව්‍යාපෘතිය දැකගන්නට හැකිය. ව්‍යාපෘතියට බඩු ගෙනයන ටිපර් රථ වනයේ නිහඬතාව බිඳිමින් ඉහළට ඇදෙනු දැකගත හැකිය. ඉපැරැණි සිතුවම් ඇත්තේ අප දැන් සිටින තැනට මීටර 200ක් පමණ පහළට වන්නටය. චිත්‍ර ආසන්නයට යෑමට ගල් පර්වතයේ මඳක් පහළට බැස පර්වතය දිගේ හරහට ගමන් කොට නැවත උඩට නැඟිය යුතුය.
පර්වත මුදුනේ සිට පහළට බැසීම ආරම්භ කර අනෙක් ගල් කුල වෙතට යෑමට සිදුවූයේ මාන පඳුරු අතරින්ය. මාන පඳුරු ඇල්ලීම නිසා පිරිසේ කිහිප දෙනකුගේ ඇඟිලි කැපී ලේ ගලමින් තිබිණි. ඔවුන්ගේ තුවාලවලට බෙහෙත් දමා නැවත පහළට බැසීම පටන් ගතිමු. ගමන තරමක් දුෂ්කර වුවද අප පිරිසට මෙම තරණය එතරම් අපහසුවක් නොවීය. ඒ, ඔවුන් කඳු තරණයේ පළපුරුදුකාරයන් වූ නිසාය.

විටෙක වැල්වල එල්ලෙමින්, තවත් විටෙක කඹවල එල්ලෙමින්, තවත් විටෙක කිසිම ආධාරකයක් නැතිව සීග්‍ර බෑවුම් දිගේ ගල්වල එල්ලෙමින් දහවල් 12.30 පමණ වන විට අප සොයා ආ සිතුවම් දැකගන්නට හැකි විය. පහත සිට අඩි 25ක් පමණ ඉහළට මෙම සිතුවම් විහිදී ඇත. එතරම් උසකට නැඟ මෙම ගල් බිත්ති මත සිතුවම් ඇන්දේ කෙසේදැයි යන්න විස්මයදනවන කරුණකි.
මෙම සිතුවම් ගැන මඳක් විපරම් කර බැලූ විට දැකගත හැකිවන්නෙ සියල්ලම පාහේ සත්ව රූප බවය. තවද දඩයම් යුගයේ ප්‍රධාන ආයුධයක් වූ දුන්න සහ භූමරංගයකට සමාන හැඩතල සහිත සිතුවම් එක් පසෙකින් දැකගන්නට හැකිය. මීට අමතරව විවිධ හැඩතල යොදාගනිමින් වෙනස් ආකාරයේ සතුන් විදහා දැක්වීමට උත්සාහ කර ඇති බව මෙම සිතුවම්වලින් දිස්වේ. මෙම සිතුවම්වල ඇති සතුන්ගේ හිස පහළට යොමුවී තිබීම තවත් විශේෂ කරුණකි.

සිතුවම් අතරේ එක් පසෙක අත්වල තීන්ත ගා ගල් බිත්ති මත සලකුණු තබා ඇත. එයින් ඔවුන් අස්සන් තැබීමක් පෙන්වන බවද මට සිතිණි. ඉතා හොඳින් නිරීක්ෂණය කර බැලූ විට එම සලකුණු වම් අතේ සලකුණු බව හඳුනාගත හැකිය. මෙම සිතුවම්වලින් කියාපාන සියල්ල අපට හඳුනා ගැනීමට නොහැකි වුවත් පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් බව නම් කිව යුතුම කරුණකි.
පැය එකහමාරක් පමණ එහි සිටි අප, නැවත ගමන පටන්ගත් ගල් කුල වෙත පැමිණීමට පටන් ගතිමු. එය පෙර තරම් අපහසු කාර්යයක් නොවීය. පෙර ගමන්ගත් ආකාරයෙන්ම ගමන් කර අප ගමන පටන්ගත් බෝධිය අසලින් කුරුල්ලන්ගල තරණය සාර්ථකව අවසන් කළෙමු. කුරුල්ලන්ගල තරණය සඳහා පැමිණිය හැකි මාර්ග දෙකකි. අනෙක් මාර්ගය වන්නේ කුරුල්ලන්ගල පර්වතය පහළින්ම ඉහළට නැඟීමය.

අමිල ප්‍රදීප්

SendShareShare
Previous Post

ලෝකෙම හොල්ලපු ආයුධ හදපු පැරැණිම ගම

Next Post

බාලි බලන්න කාලෙ හරි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.