අවසන් මහා තරඟයේ දී පාකිස්ථාන කණ්ඩායම පරදා ජයග්‍රහණය වාර්තා කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී තමන්ට හිමි කුසලානය මොසින් නක්වී අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.Sri Lanka Latest News
මොසීන් නක්වී, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ය.
එමෙන්ම “පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ” සභාපතිවරයා වන්නේ ද ඔහු ය.
ඊටත් අමරතව, මොසීන් නක්වී, පාකිස්තාන රජයේ අමාත්‍යවරයෙකි.
ආසියානු කුසලානය මොසීන් නක්වී අතින් භාර නොගන්නා බව ඉන්දීය කණ්ඩායම කල්තියා දැනුම් දී තිබුනද, මොසීන් නක්වී, කුසලානය ඔහු අතින් ලබා දිය යුතු බවට වන දැඩි ස්ථාවරයක සිට ඇති බව වාර්තා වේ.
ඉන්දීය ජයග්‍රහණයට සුබපතමින් අගමැති නරේන්ද්‍ර මෝදි තබා තිබුණු X පණිවුඩය මෙසේය.











