හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට එරෙහිව පැමිණිල්ලක් තලංගම පොලිසිය වෙත ඉදිරිපත්ව තිබේ.
මාලක සිල්වා තමන්ට මරණ තර්ජන එල්ල කළ බව කියමින් ව්‍යාපාරිකයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ඉල්ලා මෙසේ මාලක සිල්වා තමන්ට තර්ජන එල්ල කරන බව එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියැවේ.










