• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තා තැලසීමියා රෝගයෙන් මියගියා! දරුවන් තුන්දෙනාටම වහ පොවලා අම්මත් වහ බිව්වා! තාත්තගෙයි අම්මගෙයි අවසන් කටයුතු එකම දවසේ කළා! අම්මා තාත්තා නැතිව තැලසීමියා රෝගයෙන් පීඩා විඳින මේ දරුවෝ තුන්දෙනාට ආපහු ජීවිතය දෙමුද? Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
තාත්තා තැලසීමියා රෝගයෙන් මියගියා! දරුවන් තුන්දෙනාටම වහ පොවලා අම්මත් වහ බිව්වා! තාත්තගෙයි අම්මගෙයි අවසන් කටයුතු එකම දවසේ කළා! අම්මා තාත්තා නැතිව තැලසීමියා රෝගයෙන් පීඩා විඳින මේ දරුවෝ තුන්දෙනාට ආපහු ජීවිතය දෙමුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය සැමියාගේ මෘත දේහය නිවසේ තිබියදීම බිරිය සිය දරුවන්ට වස පෙවූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණා. මේ සිදුවීම වාර්තා වුණේ උඩුදුම්බර දඹගහපිටිය ප්‍රදේශයෙන්. දරුවන්ව මෙලොවට බිහිකළ අත්දෙකෙන්ම තම දරුවන්ට වස දෙන්න අම්මෙකුට පුළුවන්ද? ඇයි අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට එහෙම අපරාධයක් කළේ? මොකද්ද හේතුව…?Sri Lanka Latest News

එම කාන්තාව කිරිවලට වස විස මිශ්‍ර කරලා දරුවන්ට බොන්න දී තිබුණා. වෙනදා අම්මා දෙන කිරිවලට වැඩිය මේ කිරිවල තිත්ත රසක් දරුවන්ට දැනුණා. ඒ නිසා කිරි පානය කිරීම ප්‍රතික්ෂේප කරන්නට දරුවන් කටයුතු කර තිබුණා. දරුවන් කිරි බීම ප්‍රතික්ෂේප කළත් ඒ ඉතිරි කිරි සියල්ලම මේ මව විසින් පානය කර තිබුණා. පසුව මෙම විනාශය දැනගත් අසල්වැසියන් දරුවන් තිදෙනා සහ මව උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලට කඩිනමින් ඇතුළත් කරන්නට වුණා. දරුවන් පවසන්නේ තමන්ගේ අම්මා කිරිවලට තිත්ත රස දෙයක් මිශ්‍ර කර දී ඇති බවයි. රෝහලට රැගෙන යන විටත් මේ මව මෙලොව හැරගොස් තිබුණා.

‘මල්ලිලා හිටියේ ඇඳේ නිදාගෙන. මමත් හිටියේ ඇඳේ නිදාගෙනයි. මං නිදාගෙන ඉද්දි අම්මා ඇවිල්ලා ඇහැරෙව්වා. කෝප්පෙක තිබ්බ කිරි අම්මා හැන්දකින් මට පෙව්වා. මම ඒවා කටෙන් එළියට දැම්මා පිටි නෙවෙයි කියලා. ඊට පස්සේ අම්මා ඔක්කොම ටික බීලා ඇඳට වැටුණා…’

උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක ගාමිණී බස්නායක මහතා පැවැත්වූ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් මියගිය කාන්තාවගේ වැඩිමහල් දරුවා වන 12 හැවිරිදි ලක්ෂිත බස්නායක එසේ පවසා තිබුණා. ‘තාත්තා මැරුණු නිසා පුතාලාව හදාගන්න බැහැ’ යනුවෙන් මව පැවැසූ බවද එහිදී එම දරුවා පවසා තිබුණා.

මේ දරුවන් තිදෙනාම තැලසීමියා රෝගයෙන් පෙළෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. දරුවන්ගේ පියා ඊට දින දෙකකට පෙර මියගියේද තැලසීමියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි. සිය සැමියාගේ මෘත දේහය නිවසේ තිබියදීම මෙම 34 හැවිරිදි කාන්තාව දරුවන්ටද වස පොවා තමන්ද වස පානය කර තිබුණා. ඒ තම රෝගී දරුවන් ජීවත් කරවන්නට තමාට අපහසු බව පවසමිනි.

දරුවන් තිදෙනා අවුරුදු 5, 9 සහ 12 යන වයස්වල පසුවනවා. මියගිය කාන්තාවගේ සහෝදරිය පවසා සිටියේ ‘අපේ නංගිට මානසික රෝගයක් තිබුණා…’ යනුවෙනි.
මේ දරුවන්ගේ පියාගේ අවසන් කටයුතු නියමිත දිනට පසු දින සිදුකිරීමට යොදාගත්තේද මෙම මවගේ අවසන් කටයුතු සමග සිදුකිරීමටයි. පසුගිය 20 වැනිදා මොවුන් දෙදෙනාගේ අවසන් කටයුතු එකම ස්ථානයක සිදුකෙරුණා.

මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඒත් ඒවා සාධාරණීකරණය කරන්නට අපට බැහැ. නමුත් මේ ප්‍රශ්නවලට පිළිතුර ජීවිතයෙන් පලායාම නම් නෙවෙයි. තවත් කෙනකුගේ ජීවිතයක් පැහැර ගන්නට කාටවත් අයිතියක් නැහැ. අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්නේ දහසක් දුක් කම්කටොලු විඳලා බව ඇත්ත. එහෙමයි කියලා තමන්ගේ දරුවාගේ ජීවිතය පැහැර ගන්න කාටවත් අයිතියක් නැහැ. දරුවන් බලාපොරොත්තු වන ආදරය සෙනෙහස මවුපියන්ගෙන් නොලැබෙන විට දරුවන් මානසිකව බිඳවැටීම වැළැක්විය නොහැකිය. මේ නිසා දරුවන් ගැටලු ගණනාවකට අනාගතයේ දී මුහුණ දෙනු ලබයි.

මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර මහත්මිය මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නකි.
‘අපි කාටත් ජීවිතයේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපිට ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි වගේ සිතුවිලි එන්න පුළුවන්. එහෙම සිතුවිලි නැවත නැවත එනවා නම් එයින් ඇඟවෙන්නේ ඔබට උදව් අවශ්‍ය බවයි. ඔබට කතාකරන්න පුළුවන් 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඔබට උදව් ගන්න පුළුවන් තැනක් අපි හොයලා දෙන්නම්…’

මියගිය කාන්තාවගේ ඥාතියෙක් පවසා සිටියේ මෙවැන්නකි.
‘මේ නැතිවෙලා ඉන්නේ අපේ බාප්පාගේ දුව, මේ දරුවන්ටත් අසනීපයක් තිබුණා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ දරුවන් තිදෙනාට උපකාරයක් කරන්න…’
දරුවන්ගේ සීයා වන හීන් බණ්ඩා මහතා මෙවැනි ඉල්ලීමක් ජනතාවගෙන් සිදුකර සිටියේය.
‘අම්මා තාත්තා නැතිව තනිවුණු මේ පුංචි පැටවුන්ගේ ජීවිත රැකගන්නට අපිට දැඩි වෙහෙසක් දරන්නට සිදුව තිබෙනවා. ඒ නිසා දරුවන් රැකගන්න ප්‍රතිකාර කරන්න කවුරු හරි උදව් කරනවා නම් ඒක ලොකු පිනක්…’

මේ දරු පවුල වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් මෙලෙස සඳහන් කරමු. උඩුදුම්බර ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරුවකු වන හසලක නන්දන මහතාව 0759356506 අංකයෙන් අමතා, මේ දරු පවුල සම්බන්ධ කරගැනීමට ඒ අනුව ඔබට හැකියාව ඇත.
මේ මල් කැකුළුවලට හෙට දකින්නට අත දෙන්නට හැකියාවක් තිබේ නම් ඒක මහඟු පුණ්‍ය කර්මයක් වෙයි.

තැලසීමියා රෝගී තත්ත්වය ජානමය හේතු මත මතුවන රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරු පවසන්නේ. මෙම රෝගීන්ගේ ශරීරයේ හිමෝග්ලොබින් වැඩිවීමයි සිදුවන්නේ.
මේ අම්මාටත් තිබුණා හිත හදාගෙන තමන්ගේ දරුවන් පුළුවන් විදියට ජීවත් කරවන්න. නමුත් ඇය එහෙම කළේ නැහැ. අපි ජීවිතයේ කුඩා කාලයේ සිටම කඩාවැටීම් විඳ දරාගැනීමට දරුවන්ට ඉගැන්විය යුතුයි. එහෙම නොවුණු තැන මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.

කොයි තරම් ප්‍රශ්න තිබුණත් අවසානයේදී සිදුවුණේ දරුවන්ට අම්මෙක් නැතිවුණු එක විතරයි. කවුරු හිටියත් අම්මකුගේ ආදරය රැකවරණය දෙන්න ඒ කාටවත් බැහැ. මේ අම්මා නිකමට හරි කල්පනා කළා නම් මම මැරිලා දරුවෝ මේ ලෝකෙට තනිවෙලා දුකට පත්වෙනවා කියලා, ඇය අදටත් මේ දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්නට ඉඩ තිබුණා.
පවුලක් රකින සතරවරම් දෙවියන් වන්නේ ආදරය, කරුණාව, දයාව සහ ඉවසීම කියන කාරණායි. දරුවකුට සෑම විටම හොඳ මිතුරෙක් මිතුරියක් වී දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීම හැම මවුපියකුගේම වගකීමක් මෙන්ම යුතුකමක් කොට සැලකිය යුතුය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලංකාවේ බලශක්ති යුද්ධයට ඇතුළු වෙන්න ආණ්ඩුව රුසියාවට ඉඩ දෙයිද? Sri Lanka Latest News

Next Post

නුඹට රිදෙයි නම් හෙමිහිට බැහැපන් දුන්හිඳ මනමාලී! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.