පිලිපීනයේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් සම්බන්ධ වූ මහා පරිමාණ දූෂණ වංචාවකට එරෙහිව දහස් සංඛ්‍යාත ජනතාවක් 2025 සැප්තැම්බර් 21 වන දින මැනිලා අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටිති. Sri Lanka Latest News
විශේෂයෙන්ම ගංවතුර පාලන ව්‍යාපෘතිවලට අදාළව විශාල කොමිස් මුදල් සාක්කුවේ දමාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා හමුවේ,මහජන අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පුළුල් ජනතා කෝපයක් නිර්මාණය වී තිබේ.
මෙම විරෝධතාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ වංචාවට සම්බන්ධ වූවන් වගවීමකට ලක්කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමයි. ආපදා අවදානම ඉහළ ප්‍රජාවන්ට වෙන්කළ අරමුදල් දූෂිත ක්‍රියා හේතුවෙන් අහිමි වීම පිළිබඳව උද්ඝෝෂකයෝ සිය බලවත් විරෝධය පළ කරති. මැනිලා නුවර රිසාල් උද්‍යානය එඩ්සා හි පිහිටි ජනතා බල ස්මාරකය උද්ඝෝෂණවල ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති අතර, රට පුරා අනෙකුත් නගරවලද විරෝධතා ක්‍රියාත්මක වේ.










