අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතය අඩාල වූ මන්නාරම් දූපතේ ජනතාව ඊයේ (19) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එම ව්‍යාපෘති වහාම නතර කරන ලෙස බල කරමින් විරෝධතාවයක නිරත වුනි.Sri Lanka Latest News
විශේෂයෙන් සුළං විදුලි බලාගාර සහ යෝජිත කනිජ වැලි කැණීම් හේතුවෙන් විශාල ගංවතුර තත්ත්වයන් සහ සෞඛ්‍ය ගැටලු මෙන්ම ධීවර කර්මාන්තයට ද එහි අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඇතැම් ගම්මාන උග්‍ර ජල අර්බුදයකට ද මුහුණ දී ඇති අතර කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙමින් පවතිනවා.
මෙම විරෝධතාවය සඳහා පන්සියටත් වැඩිය මන්නාරම් ජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් ද සහභාගී වී සිටියා.
“දන්නවද වැඩක් , EIA හදන්නෙ කොම්පැනිකාරයෝමයි”
“Mannar Is Not For Sale”
“Minister Jayakody there are birds in Mannar”



























