• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 60කට පස්සෙ කරන කොටුව බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය පටන් ගන්න අනුරත් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
අවුරුදු 60කට පස්සෙ කරන කොටුව බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය පටන් ගන්න අනුරත් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.Sri Lanka Latest News

“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව, ‘Clean Sri Lanka’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

වසර 60ක කාලය තුළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන් වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම්පොළක් ලෙස පුර්ණ සංවර්ධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය (NIO Engineering) ඇතුළු සංවිධානද ස්වේඡාවෙන්ම මේ සඳහා එක්ව සිටී.

2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකර, රටක් දියුණු කළ නොහැකි බවයි. පොදු ප්‍රවාහනය රටක ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සුවපහසු, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම තුළින් මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම වේගවත් කළ හැකි බවද සඳහන් කළේය.

සමරු ඵලකය නිරාවරණය කර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීහු සහ වෘත්තීය සංගම්,වෙළෙඳ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-15

SendShareShare
Previous Post

මහින්ද ආපහු කොළඹ එන්නද යන්නේ? පොහොට්ටුව කියන කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

දියවඩන නිළමේ ඡන්දයත් දේශපාලන ඡන්ද ගානට වැටිලා වගේ! මඩ ගැහිලි.. බොරු ප්‍රචාර සමාජ මාධ්‍යවල දිගට හරහට පළවෙන්න පටන් අරන්! නාථ දේවාලයේ බස්නායක නිළමේ ෆොටෝත් එක්කම CIDයට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.