ලබන පාර්ලිමේන්තු සතියේ සිට නියෝජ්‍ය අමාතවරුන් ලබාදෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.Sri Lanka Latest News
ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යවස්ථාදායකට වග නොකියන බව ප්‍රකාශ කරමින් එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කතානායකවරයා තීරණය කළ බවයි.
මේ අනුව කිසිදු නියෝජ්‍ය අමාත්‍යවරයකුට වගකීමක් භාරගත නොහැකි බවත් කථානායකතුමාගේ මෙම තීරණය මත නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වගකීම් ගැන ගැටළු මතුවන බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ තත්ත්වය මත ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබාදෙන පිළිතුරු පිළිනොගැනීම නිසා බරපතල තත්ත්වයක් මතුවන බවත් මේ නිසා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ කැබිනට් අමාත්‍යවරයාටම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවන බවත් දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.










