කරන්දෙණිය පොලිස් වසමේ කොටවෙල ප්‍රදේශයේ දී මවක සහ පුතෙකු කපාකොටා ඝාතනය කර තිබේ.Sri Lanka Latest News
ඔවුන් සිය නිවෙස තුළ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් වන කාන්තාවක් සහ 25 හැවිරිදි තරුණයෙකි.
අදාළ තරුණයා පාසල් ළමුන් ප්‍රවහනය කරන ත්‍රීරෝද රථ රියදුරෙකු බවද සඳහන් වේ.
කෙසේ වෙතත් ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
කරන්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.











