පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්‍යාලයට එල්ලවූ ප්‍රහාරය පිළිබදව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම ඊයේ, සැප්තැම්බර් 09 දින සිදුකරන ලද අතර ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා ඉදිරියේ නඩු විභාගය පවත්වනු ලැබීය. Sri Lanka Latest News
එහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, නීතීඥ රිවිහාර පින්නදූව, නීතීඥ චරිත් ද සිල්වා, නීතීඥ දිනූෂා තිරාණගම පෙනී සිටියේය. නඩුව පවරනු ලැබුවේ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනතේ 66 වගන්තියට අනුවය.
එහිදී අධිකරණය යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයන පිහිටි පෙසප කාර්‍යාලයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් වහාම ඉවත් කරන ලෙසත්, එහි භුක්තිය හිමි කවරෙකුටදැයි අධිකරණයේ නඩු විභාගයකින් තීරණය වනතුරු එම දේපළ පොලිස් බාරයට ගන්නා ලෙසත් යක්කල පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. නඩුව නැවත සැප්තැම්බර් 23 කැඳවීමට නියමිතය.










