කොරෝනා වයිරසය රට පුරා පැතිර යාමේ තත්ත්වයක් පවතී නම් ජනජීවිත අවදානමේ නොදමා වහාම මැතිවරණය කල්දමන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාව ගැන සිතනවා නම් ආණ්ඩුව කළ යුත්තේ ප්‍රචාරක රැලි පැවැත්වීම සීමාකිරීම නොව සමස්ත ජන්දයම කල් දැමීම බවකි.
ආණ්ඩුවට රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පෞද්ගලික මාධ්‍යයන්හිද සහාය හිමිව ඇති තත්ත්වයක් යටතේ විපක්ෂයට පමණක් ප්‍රචාරක රැලි සීමා කරන ලෙසට උපදෙස් දීම අසාධාරණ බවද ප්‍රේමදාස මහතා සදහන් කළේය.











