කවදා හෝ නාමල් රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම නාමල් රාජපක්ෂ මහතාද ඉතා හොදින් රට පාලනය කරනු ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියේය.
නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ නාමල් යනු ඉතා දක්ෂයකු බවත්, මුළු පාර්ලිමේන්තුවේම එවැනි දක්ෂයකු නොමැති බවත්ය.
තමන් දුර දකින දේශපාලඥයකු බව මෙහිදී කී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නාමල්ගේ දක්ෂතා තමන් දුටුවේ 2010 වසරේ සිට බවද කියා සිටියේය.











