කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙක් හමු වූ රාජාංගනය යාය 1, 3 සහ 5 යන කලාපවල සංචරණය සම්පූර්ණයෙන්ම අඩාල කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රාජාංගනය ප්‍රදේශයේ පැවති මළ ගෙදර සහ බණ සංවිධානය කළ අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කළේ නම් මෙවැන්නක් සිදු නොවීමට ඉඩ තිබුණු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුනි.
වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාදිතයා මගින් ඇති වූ කන්දකාඩු පොකුර පාලනයට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවද ඔහු කීය.
“රෝගීන් හඳුනාගැනීම, ස්පර්ශකයින් හඳුනාගැනීම සහ ඔවුන් නිරෝධායනය කිරීම සාර්ථකව සිදුවෙලා තිබෙනවා.”










