• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ අතවත් නොතියපු තවත් සමූහ මිනීවළවල් 5ක්! I Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
උතුරේ අතවත් නොතියපු තවත් සමූහ මිනීවළවල් 5ක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනයේ දුපත් කලාපයේ ඇති බවට හෙළි වු තවත් සමුහ මිනි වළවල් සංකිර්ණයක වළ දමා ඇති පිරිස් වෙනුවෙන් මුල්ම වතාවට අනුස්මරණ මාලාවක් සිදු කර තිබේ.Sri Lanka Latest News

වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනේ යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ වල දමා තිබෙන බවට විශ්වාස කෙරන තිස් පස් වසරකට ඉහත දී අතුරුදහන් වු සිය ඥාතීන් දෙමළ ජනයා මුල්ම වතාවට අගෝස්තු 26 වැනි අගහරුවාදා මලින් පහනින් අනුස්මරණය කිරීමට කටයුතු කළ බවයි.

අරාලි 01
අරාලි හන්දියේ පැවැති අනුස්මරණය පහන් සිළුව දල්වා තිබුනේ අතුරුදහන්ව සිටින සිවසුබ්‍රමනියම් මතියලගන්ගේ මැණියන් වන සිවසුබ්‍රමනියම් මහේෂ්වරී මාතාව විසිනි.

සිරුරු 60 ට අධික ප්‍රමාණයක් පවතින මන්ඩතීව් ළිද සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් 2025 ජුලි මාසයේදී පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන මොහොතේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුනේ ඒ සම්බන්ධයෙන් පොලිස් පැමිනිල්ලක්, විශ්වාස කළ හැකි තොරතුරක් හෝ අධිකරණ නියෝගයක් නොමැතිව  ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවයි.

මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක දමා ඇති සිරුරු සම්බන්ධයෙන්  ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනි.

තිස් පස් වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන සිහිපත් කළ ස්වාමිනාදන් පිරකලාදන් එහිදී අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගත් අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

මණ්ඩතිව් 02
“හරියටම අදට අවුරුදු 35 කට ඉස්සර – ඒ කියන්නේ 1990 අටවැනි මාසේ, මේ මාසෙම, 25 වැනිදා හවස් යාමයේ යුද හමුදාව මන්ඩතීව්වල සෝදිසි මෙහෙයුමක් කළා.  එහෙ මන්ඩතීවූ, අල්ලෙයිපිට්ටි, මන්කුම්බාන් පලාත්වල හිටපු තරුණයන් සිය ගණනක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. අත් අඩංගුවට ගත්තු අයගෙන් 84 දෙනෙක් මේ වෙනතුරුත් කොහෙද කියලා නෑ, අතුරුදහන් කරලා.”

හමුදාව සිය භාරයට ගත් පිරිස අතුරින් කිහිප දෙනකු නිදහස් කර ගැනීමට හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කටයුතු කළ බවත් ඔහු එහිදී සදහන් කළේය.

“ඒ කාලයේ මොරටුවේ ඉඳලා  ආපු සිංහල කාන්තාවක් හිටියා. ඒ සිංහල කාන්තාව හමුදාව එක්ක කතා කරලා ටික දෙනෙක් නිදහස් කරගත්තා. සමහරක් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නිදහස් කරගත්තා.

ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින හෙළි කර තිබුනේ හමුදාව සිය භාරයට ගත් අනෙක් අය ඝාතනය කර ළිංවලට දැමු බවයි.

මණ්ඩතිව් 01

“අනික් අයව මරලා ළිංවලට දැම්මා. ඇත්තටම, මන්ඩතීව්වල ළිං තුනක් තිබුණා. සමූහ මිනීවළවල් තුනක් තිබුණු ඒ පලාතේ නැවත පදිංචි කිරීම් පටන් ගත්තට පස්සේ මන්ඩතීව් නැගෙනහිර පළමුවැනි කලාපයේ  මුත්තුමාරි අම්මන් කෝවිල ඉස්සරහ තියෙන ළිඳ සුද්ද කරන්න ගියාම එතන අතපය ගැට ගහපු මළ සිරුරු හයක් හම්බවුනා. ඊට පස්සේ 2004 දී දෙවැනි කලාපයේ නැගෙනහිර වීදියේ වතු ඉඩමේ 55ක් 60ක් විතර සිරුරු තවත් එක ළිඳක තියෙනවා. “

ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා වේලනෙයි ප්‍රාදේශීය සභාවට දැනුම් දී තිබුනි.

“මේ ගැන ඇහිං දැකපු සාක්කිකාරියක් – අත් අඩංගුවට අරගෙන නිදහස් කරපු එක්කෙනෙක් – ජීවතුන් අතර ඉන්නවා. මේ විදියට මලසිරුරු 58 ක් 60ක් ඒ ළිඳේත්, මන්ඩතීව් කෝවිල ඉස්සරහ දැන් RC විද්‍යාලය තියෙන තැන ළිඳේ මලසිරුරු හත අටකුත් තියෙනවා.”

Kayts 01

තම දරුවා ඇතුළු  84 දෙනකු මණ්ඩතිව් වලදී අතුරුදහන් කරවීම සහ ඔවුන්ට යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් මණ්ඩතිව් තුන් වැනි කලාපයේ පදිංචි සුසයිදාස් ජේසුරත්නම් ධර්මරානි මාතාව 2025 අප්‍රේල් මස 30 වැනිදා  ජනාධිපතිට අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කර තිබුනි.

එම ලිපියේ පිටපතක් වේලනෙයි ප්‍රාදේශීය සභාවේ  සභාපති ශිවලිංගම් අශෝක් කුමාර් වෙත ඉදිරිපත් කිරීමට වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් ක්‍රියා කළේ සමූහ ඝාතන පිළිබඳව ඔහු කරන හෙළිදරව්ව දැඩිසේ ප්‍රතික්ෂේප කරන ජාතික ජන බලවේග සභිකයන්ට පිළිතුරු වශයෙනි.

“එකම පවුලේ ළමයි තුන්දෙනෙක් අතුරුදහන් වෙච්චි අම්මා කෙනෙක් මන්ඩතීව්වල තවමත් ඉන්නවා. ළමයි තුන්දෙනෙක්. එයා සිද්ධවෙච්චි හැම දෙයක්ම ලියලා තියෙනවා. ඩග්ලස්ව හම්බවෙලා තියෙනවා, ඩෙන්සිල් කොබ්බෑකඩුව හම්බවෙලා තියෙනවා, මහේෂ්වරී වේලායුදන් හම්බවෙලා තියෙනවා. අද වෙනකලුත් හොයා හොයා ඉන්නවා, ළමයි කොහෙද කියලා. සාක්කි නෑ, සාක්කි නෑ කියනවා. එතකොට මේ මොකක්ද? මේ එයා ලිඛිතව දුන්නු එක, සභාපතිතුමනි.”

සිරුරු 60 ට ආසන්න  ප්‍රමාණයක් වැළලි එම  තිබෙන ස්ථානයේ කැනීම් ආරම්භ කරන ලෙස බලකළ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් එහිදී වැඩි දුරටත්  අවධාරණය කර තිබුනේ  කැනීම් සිදු කිරිම වෙනුවෙන් සිය පුද්ගලික ධනය වැය කිරීමට සුදානම් බවයි.

Kayts 02

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් ඉදිරිපත් කරන සාක්ෂි, අතුරුදහන් වුවන්ට යුක්තිය ඉල්ලමින්  අදාල පාර්ශවයන් වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට වේලනෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ශිවලිංගම් අශෝක් කුමාර් සභාවේ අනුමැතිය ලබා ගත් බවයි.

එයට ජාතික ජන බලවේගයේ නියෝජිතයන්ගේ සහාය හිමි නොවු බව ඔවුහු වැඩි දුරටත් පවසති.

SendShareShare
Previous Post

ආණ්ඩුව ජිනීවා සටනට ලෑස්ති වෙයි! 2000ට කලින් අතුරුදන් වූ 10000ක් ගැන හොයන්න යයි! I Sri Lanka Latest News

Next Post

අසාධාරණයත් එක්ක හැප්පෙන චණ්ඩි රැජින! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.