• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ජිනීවා සටනට ලෑස්ති වෙයි! 2000ට කලින් අතුරුදන් වූ 10000ක් ගැන හොයන්න යයි! I Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු නැවත ආරම්භ කර අතුරුදන් වූ දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ශණ නානායක්කාර මහතා පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා හානි පූර්ණ කාර්යාලය සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක්ද ඇති කරන බවය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයක් අරලිය ගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ශණ නානායක්කාර මහතා,

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කිසිසේත් අහඹු සිදුවීම් නෙවෙයි. ඒවා අපරාධ. මේ අපරාධ ජීවත්වීමේ අයිතිය, පවුලක් ලෙස එකට සිටීමේ අයිතිය, ගරුත්වය සඳහා ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් හිතාමතාම උල්ලංඝනය කිරීම් වෙනවා. එම නිසා, රාජ්‍යයේ කාර්යභාරය වන්නේ මේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන් වෙනුවෙන් සිදුකළ යුතු කාර්යයන් ප්‍රමාද කිරීම නොව, පිළිගැනීම සහ ක්‍රියාත්මක වීමයි. ජාතික ජන බලවේගයේ නායකත්වය යටතේ රජය සංහිඳියාව සහ යුක්තිය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදවතේ තබාගෙන සිටින්නේ ඒ නිසයි.

අප විසින් සිදුකරන ප්‍රධාන කාර්යන් තුනක් පමණක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මම කැමතියි. එනම් සත්‍යය, යුක්තිය සහ හානි පූරණයයි

පළමුව  සත්‍යය – සත්‍යය දැන ගැනීමට සෑම පවුලකටම  අයිතියක් තිබෙනවා. සත්‍යය යනු රජය විසින් ලබා දෙන තෑග්ගක් නොවේයි. සත්‍ය දැනගැනීම සහතික කළ යුතු ජනතා අයිතියක්. ඒ නිසා අපි සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙය දේශපාලනික පොරොන්දුවක් හෝ සංකේතාත්මක සන්දර්ශනයක් නොවේයි. එය ඔබට සවන් දීමට, පිළිගැනීමට සහ පිළිතුරු සැපයීමට නිර්මාණය කර ඇති සියලු දෙනා ඇතුළත්කරගන්නා , විනිවිද පෙනෙනා සහ විශ්වසනීය, වින්දිතයා කේන්ද්‍ර කරගත් යාන්ත්‍රණයක් වන බව අපගේ විශ්වාසයයි.

2000 වර්ෂයට පෙර උතුරේ දී සහ දකුණේ දී අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති මෙතෙක් විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. මේ කටයුතුවලට අදාළ ව රුපියල් මිලියන 375 ක් අපි වැය වේයැයි අපේක්ෂා කරනවා. 
දෙවනුව  යුක්තිය – බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විසඳිය නොහැකි අභිරහස් නොවේයි. අතුරුදහන් කිරීම් යනු අපරාධයි. යුක්තිය සැමවිටම අපක්ෂපාතී, විශ්වාසනීය සහ සැබෑ විය යුතුයි. අපගේ ජාතියේ ආරක්ෂාව සහ අපගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් යන දෙකම ආරක්ෂා කරන නීතියක් අපි ඉදිරිපත් කරනවා. බලය වෙනුවෙන් යුක්තිය කිසිදා කැප නොකළ යුතුයි යන ස්ථිර අධිෂ්ඨානයේ අපි සිටිනවාතුන්වැන්න හානිපූරණය – අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අනුකම්පාවට වඩා වැඩි යමක් ලැබිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම සහ ගෞරවය ලැබිය යුතුයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සිදු වූ හානි පූරණය කිරීමට නව ක්‍රමයක්  හඳුන්වාදීමට කටයුතු කරමින් සිටිනවා.

නව ක්‍රමය මගින් මෙතෙක් සිදු වූ ප්‍රමාදයන් වළකමින් සහ විනිවිදභාවය තහවුරු කරමින් එක් වරක් ගෙවීම්වලින් ඔබ්බට ගොස් දිගුකාලීන සහයෝගයක් ලබාදීමට හැකිවෙනවා. අධ්‍යාපනය, ජීවනෝපාය අවස්ථා, මනෝ-සමාජ සත්කාර සහ ගෞරවය යථා තත්ත්වයට පත් කිරීම සමඟ සාධාරණ මූල්‍ය වන්දියක් ඇතුළු ඒකාබද්ධ වූ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවෙනවා. මේ ක්‍රියාමාර්ගවලින් අපි තුවාල සුවපත් කිරීමට පමණක් නොවෙයි, විශ්වාසය, සංහිඳියාව සහ එක් ජාතියක් ලෙස අපගේ අනාගතය ශක්තිමත් කිරීමටත් කැපවෙනවා.”

SendShareShare
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ට අත තියපු අනුර ජනාධිපති මන්දිරවලටත් අත තියයි! I Sri Lanka Latest News

Next Post

උතුරේ අතවත් නොතියපු තවත් සමූහ මිනීවළවල් 5ක්! I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.