• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිත ඇත්නම් පත කුඩාද? එකට පාඩම් කරලා වෛද්‍ය විද්‍යාලයට තේරුණු ලෝකෙම කතාකරන අම්මයි-දුවයි ! Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
හිත ඇත්නම් පත කුඩාද? එකට පාඩම් කරලා වෛද්‍ය විද්‍යාලයට තේරුණු ලෝකෙම කතාකරන අම්මයි-දුවයි ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ පුවත සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වූ පුවතක් වුණා. වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගන්න එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ පුවත හැම මවුපියෙකුටම ආදර්ශයක්. තමන්ගේ දරුවන් විභාග පාස් කරවන්න වැඩියෙන්ම වෙහෙසෙන්නේ අම්මලා තාත්තලා. දරුවන්ට වඩා ඔවුන් ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවා. මේ කතාවට කදිම උදාහරණයක් පසුගිය දිනක අසන්නට ලැබුණේ අපේ අසල්වැසි රට වන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්.Sri Lanka Latest News

මේ වසරේ දකුණු ඉන්දියාවේ පැවැති (NEET) ජාතික සුදුසුකම් විභාගයෙන් අමුතවල්ලි නමැති කාන්තාවගේ දියණිය වූ සම්යුක්තායි සම්යුක්තා කුරුපලිනි (18) වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වුණේ මවගේ ඉමහත් කැපවීම නිසායි. එම විභාගයට 49 හැවිරිදි අමුතවල්ලිද පෙනීසිටියේ දියණිය දිරිමත් කිරීමේ අරමුණ ඇතිවයි. අවසානයේ ඔවුන් දෙදෙනාම වෛද්‍ය විද්‍යාලයට තේරී පත්ව තිබුණේ මුළු ලොවටම ආදර්ශයක් ගෙන දෙමින්.

අමුතවල්ලි වරෙක පවසා තිබුණේ මට දුවව වෛද්‍යවරියක් කරන්න ඕනෙ වුණා. ඒ සිහිනය සැබෑ කරගන්න මම දුවට උදව් කළා…’ යනුවෙනි.

අමුත්තවල්ලි ජිවිතයේ බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දුන් තැනැත්තියක්. ඇය ඉන්දියානු සමාජයේ පහත් කොට සලකන කුලයක් වන දලිත් ප්‍රජාවට අයත් වූ අතර, කුඩා කාලයේ සිටම පෝලියෝ රෝගයෙන් පීඩා වින්දා. වයස අවුරුදු 11දී පියා අහිමි වූ ඇය වෛද්‍යවරියක් වීමට සිහින දකිමින් සිටියා. නමුත් වෛද්‍ය විභාගයෙන් ප්‍රමාණවත් ලකුණු ලබාගැනීමට අසමත් වූ ඇය භෞතික චිකිත්සාවට යොමු වී සිටියා. කෙසේ වෙතත් ඇගේ නොපසුබට උත්සාහය නිසාම තම එකම දියණිය වන සම්යුක්තා සමග මේ වසරේ වෛද්‍ය විභාගයට මුහුණ දෙන්නට කටයුතු කර, දෙදෙනාම වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වුණේ ලෝකයාටම උත්සාහයේ අගය කියා දෙමින්.
අමුතවල්ලි විභාගයට පෙනී සිටීමට මහන්සි වීම ගැන පවසා තිබුණේ මෙවැන්නක්.

‘මම මාස 6ක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම ගැන මම පුදුම වුණා. දුව විභාගයට සුදානම් වීමේදී ගොඩාක් වෙලාවට ලියන උත්තර පරීක්ෂා කරන්න දුන්නේ මටයි. ඊට පස්සේ මටත් විභාගය ලියලා උත්සාහ කරන්න ඕනෙ කියලා හිතුණා. මම විභාගයට ලියනකොට භෞතික විද්‍යාව අමාරුයි කියලා හිතුණා. මම දුවත් එක්ක ජීව විද්‍යාව කරනකොට මට ඒ විෂය හොඳින් කරන්න පුළුවන් වුණා. ඇගේ පොත් මගෙත් පොත් වුණා…’.
ඇය තවදුරටත් ඇගේ පාසල් අතීතය සිහි ගැන්වූයේ මෙසේය.

‘මම 1994දී පාසල් අධ්‍යාපනය අවසන් කළා. වෛද්‍යවරියක් වෙන්න හිතුවා. ඒ කාලේ මම ප්‍රතික්ෂේප වීම්වලට සහ කලකිරීම්වලට මුහුණ දුන්නා. මගේ අම්මාගේ උදව් ඇතිව විභාගය ලියලා භෞතික චිකිත්සක අංශයට තේරුණා. ඒක මගේ අම්මාට දරාගන්න බැරිව ගියා. එයා ඒකට ඇඬුවා. භෞතික චිකිත්සාව කියන්නෙත් වෛද්‍ය රැකියාවක් බවත් මම රෝගීන්ට සේවය කරන බවත් අම්මාට කිව්වා. එහෙම කිව්වේ අම්මාගේ හිත හදන්න.

1994දී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ ගාස්තුව ගෙවන්න සල්ලි අම්මට තිබ්බේ නැහැ. මොකද අපේ පවුලේ දරුවන් හතර දෙනකුගේ බර ගෙනියන්න අම්මාට සිදුවෙලා තිබුණා. මම අවුරුදු 15 ඉඳලා මේ සිහිනය සැබෑ කරගන්න බලන් හිටියා. අවුරුදු 30ක් මේ වෙනුවෙන් කැපවුණා. අම්මා ප්‍රාථමික පාසලක ගුරුවරියක් ලෙස සේවය කළා. දැන් මම අම්මාගේ සිහිනය සැබැ කළත් ඒ සතුට විඳින්න අම්මා මගේ ළඟ නැහැ…’.

අමුතවල්ලිගේ දියණිය තම මව විභාගයට මුහුණ දුන් ආකාරය පවසා සිටියේ මේ ආකාරයටයි.
‘මගේ අම්මා ජීව විද්‍යාවට ගොඩාක් ආසයි. නමුත් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව එයාට ගොඩාක් අමාරුයි. අම්මා කියන්නේ මට ඉගැන්වූ නිසා ඇයට මතක තබාගැනීමට හැකිවූ බවයි…’

අමුතවල්ලිගේ සැමියා වන මනිවන්නන් නීතිඥයකු වන අතර, ඔහු පැවැසුවේ තම බිරිඳ රෝහලක සේවය කළත් වෛද්‍යවරියක් නොවීම ගැන දුක් වූ බවත්, දැන් ඒ සිහිනය තම දියණිය නිසා සැබෑ කරගැනීමට හැකිවන බවයි. අමුතවල්ලි, ඇය උපන් ප්‍රාන්තයේම රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබේ. දියණියට තවම වෛද්‍ය විද්‍යාලයක් ලැබී නැති අතර, ඉදිරියේදී ලැබීමට නියමිතව ඇත.

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම තරගකාරීයි. නමුත් මේ දෙදෙනාම එම කඩඉම ජයගෙන තිබෙනවා. මොවුන් දෙදෙනාම මේ වනවිට වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා. වසරකට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගනුයේ 120,000ක් වැනි සිසුන් පිරිසක් පමණයි. රට පුරා සිසුන් මිලියන 2.4ක් පමණ වෛද්‍ය විද්‍යාලයට තරග කරනවා. ඉන්දියානු සමාජයේ වෛද්‍යවරුන්ට ඉහළ පිළිගැනීමක් හිමිවෙයි. ඒ නිසාම අතිශයින් සතුටට පත්වන මෙම මව සහ දියණිය මිතුරන්ගෙන් සහ පවුලේ ඥාතීන්ගෙන් සුබපැතුම් ලබමින් සිටිති.

දියණිය පවසා සිටින්නේ එකම වෛද්‍ය විද්‍යාලයක මව සමග ඉගෙන ගැනීමට ලැබුණොත් එය සතුටට කරුණක් බවත්, වෙනත් වෛද්‍ය විද්‍යාලයක් ලැබුණොත් එහිද නිදහස් සහ සැහැල්ලුවෙන් ඉගෙන ගැනීමට හැකි බවයි.

අමුතවල්ලිගේ ගමන සමාජයට ආදර්ශයක් ගෙන දෙනු ලබනවා. දැනුම ලබාගැනීමට කාලයක් හෝ වයසක් බලනොපාන බව ඔවුන් සමාජයටම කියා දුන්නා. එවැනි ධෛර්යවත් අයට සහාය දෙන ලෙසයි ඔවුන් සමාජයෙන් ඉල්ලා සිටින්නේ. අපි තේරුම්ගත යුත්තේ කඩාවැටීම් තුළින් ඒවාට ඔරොත්තු දී තව තවත් ජීවිතය ශක්තිමත් කරගෙන ඉදිරියට යායුතු බවයි.

පරම්පරා දෙකක් එක් සිහිනයක් වෙනුවෙන් තරග වැදිලා ඒ සිහිනය සැබෑ කරගත්තා. අපි මෙයින් තේරුම්ගත යුත්තේ කෙනකුට සිහිනයක් සැබෑ කරගන්න අවශ්‍ය වන්නේ උත්සාහය සහ අධිෂ්ඨානය පමණක් බවයි.

ඔවුන්ට නිදි වර්ජිත රාත්‍රීන් තිබුණා. ඒ දුෂ්කර අවස්ථා ජීවිතයේ සතුටක් කරගෙන ඒවාට මුහුණ දුන්නේ ශක්තිවන්තවයි. මේ මව සමාජයට දුන්න ආදර්ශය ඉගෙන ගැනීමට, අරමුණු කරා යෑමට වයස බාධාවක් නොවන බවයි. ඔවුන්ගේ සාර්ථකත්වය වනුයේ පරම්පරා ගණනාවක් පුරා අධිෂ්ඨානය කැපවීම සහ සිහිනවල ජයග්‍රහණයේ රහසයි. මව අමුතවල්ලිගේ සහ දියණිය සම්යුක්තාගේ සාර්ථකත්වය වෙනුවෙන් අපිද සුබපැතුම් එක්කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පොලිස් නිලධාරීන් 4 දෙනෙක් ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ගෙන් පැය 7ක් ප්‍රශ්න කිරීම! රට ආයෙත් යන්නේ රාජපක්ෂ යුගයකටද? Sri Lanka Latest News

Next Post

හැමෝම ෆොටෝ ගහද්දී වීඩියෝ කරද්දී ජීවිතයක් බේරාගත් පොලිස් වීරයා එළියට එයි! මිනිස්සුන්ගේ වගකීම ගැන පාඩමක් කියා දෙයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.