• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදයිද රනිල් ඒ වගේ ආණ්ඩුවක් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 11, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
හදයිද රනිල් ඒ වගේ ආණ්ඩුවක් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් පසුගියදා ආණ්ඩුවක් හදන්න ඡන්දය දෙන්න යැයි යූ.ඇන්.පී.කාරයන්ගෙන් ඉල්ලීමක් කළේය. රනිල් යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න ඡන්දය ඉල්ලද්දී චම්පික රණවක සහ ලක්‍ෂ්මන් කිරිඇල්ල පසුගිය දින කිහිපයයේ එකම කතාවක් වෙනත් වචනවලින් කියා තිබිණි. කිරිඇල්ල කීවේ රනිල්ට ආණ්ඩු තියාගන්න දන්නේ නැහැ කියාය. චම්පික කීවේ රනිල් ආණ්ඩු කරන්න ගිහින් ඇඟේ හලා ගන්නවා කියාය. මේ දෙන්නාම රනිල් එක්ක ආණ්ඩු කරන්න වෙනත් පක්‍ෂවලින් එකතු වුණු අයය. 2001 මහ මැතිවරණයට කලින් කිරිඇල්ල රනිල් එක්ක ආණ්ඩු කරන්න ආවේ එවකට විධායක ජනාධිපති වූ චන්ද්‍රිකාගේ බලයට බය නැතිව අභියෝග කරලාය. චම්පික 2015 රනිල් එක්ක ආණ්ඩු කරන්න ආවේ රාජපක්‍ෂවරුන්ට බය නැතිව අභියෝග කරලාය. 2004 කිරිඇල්ලට සිදුවූයේ අවුරුදු දෙකකින් විපක්‍ෂයට යන්නටය. අද චම්පිකට වෙලා තියෙන්නේත් ඒකය. 2001 රනිල්ට ආණ්ඩුවක් හදල දෙන්න ආපු එස්. බී.ට හිරේ යන්න සිදුවිය. චම්පිකටත් වුණේ ඒ නස්පැත්තියමය.
කිරිඇල්ලයි, චම්පිකයි දෙන්නාම කියන කතාව හරිය. ආණ්ඩුවක් කියන්නෙ සෙල්ලමක් නොවේ. වෙනත් පක්‍ෂවල නායකයන්, මන්ත්‍රිවරු, රජයේ සේවකයෝ, ව්‍යාපාරිකයෝ, මාධ්‍ය වගේම ගමේ පෝස්ටර් ගහන පත්‍රිකා බෙදන පාක්‍ෂිකයා දක්වා ආණ්ඩු හදන්න එන්නේ තමන්ගේ බෙල්ල දීලාය. හදන ආණ්ඩුව වැටුණොත් බෙල්ල යන්නේ ඔවුන්ගේය. මේ නිසා ආණ්ඩු හැදීම වගේම හදපු ආණ්ඩුව ආරක්‍ෂා කරගෙන ආණ්ඩුව හදන්න පෙරට ආ අයගේ බෙල්ල ආරක්‍ෂා කිරීමත් ආණ්ඩුවේ නායකයාගේ වගකීමකි.
හැබැයි ආණ්ඩුවක් ආරක්‍ෂා කරන්න නායකයකුට තනියම බැරිය. කාශ්‍යප සීගිරිය ආරක්‍ෂා කරගන්න දිය අගල්, තාප්ප බැන්දා සේ නායකයෙක් ආණ්ඩුව ආරක්‍ෂා කරගන්න හොඳ ටීම් එකක් තමා වටා හදාගතයුතුය.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වැනි ආණ්ඩුව හදපු ඩී. එස්. සේනානායක ආණ්ඩුව ආරක්‍ෂා කරගන්න සිංහල මහ සභාවේ නායක බණ්ඩාරනායකව වම් පසින් තියාගත්තේය. යකාටවත් බය නැති සර් ජෝන්ව දකුණු පසින් තියාගත්තේය. සර් ඔලිවර් ගුණතිලක වැනි මොළකාරයන්, ජේ. ආර්. වැනි තරුණ නායකයන් වටේට තියාගත්තේය.
1956 ආණ්ඩුව හදපු බණ්ඩාරනායක වටේ හිටියේ බොරළුගොඩ සිංහයා නම් නාමය ලද පිලිප් ගුණවර්ධන, සී. පී. ද සිල්වා, ටී. බී. ඉලංගරත්න වැනි නායකයන්ය.
1980 ආණ්ඩුව හදපු බණ්ඩාරනායක මැතිනියගේ වටේ හිටියේ ෆීලික්ස් ඩයස්, ඉලංගරත්න, ඇන්. ඇම්., කොල්වින් වැනි දේශපාලනයේ වීර චරිතය.
1965 ඩඞ්ලිගේ ආණ්ඩුව වටේ හිටියේ ජේ. ආර්., පිලිප්, ඊරියගොල්ල වැනි ප්‍රබලයන්ය.
1970 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ මුර දේවතාවුන් වූයේ ෆීලික්ස් ඩයස්, ටී. බී., මෛත්‍රිපාල, ඇන්. ඇම්. සහ කොල්වින්ය.
1977 ජේ. ආර්.ගේ ආණ්ඩුවේ පෙරමුණේ රාළලා වූයේ ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රොනී ද මැල්ය.
1988 ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ප්‍රේමදාසගේ වමේ සහ දකුණේ හිටියේ රන්ජන් විජේරත්න සහ සිරිසේන කුරේය.
1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා ළඟම හිටියේ අනුරුද්ධ රත්වත්ත, ජී. එල්., කදිරගාමර්, එස්. බී. සහ මංගලය.
2005 මහින්දගේ ආණ්ඩුවේ මුර ගල් වූයේ බැසිල් සහ ගෝඨාභයය.
‘එතකොට 2015 රනිල්ගේ ආණ්ඩුව…?’
2015 රනිල්ගේ ආණ්ඩුවේ රාජපක්‍ෂලාට දුවන්න දෙන්න පුළුවන් දස මහ යෝධයෝ සිටියහ. ඒත් රනිල් ආණ්ඩු කළේ දස මහ යෝධයන් එක්ක නොව ලිලිපුට්ටන් එක්කය.
හොඳම නිදසුන රුවන් විජයවර්ධනය. 2015 මහ මැතිවරණයෙන් රුවන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණේ තුන්වැනියාටය. ඒ වන විටත් රුවන් ආණ්ඩුවක නියෝජ්‍ය ඇමැති ධුරයක හෝ වැඩකොට අත්දැකීම් ලබාගෙන තිබුණේ නැත. ඒත් රනිල් ඔහුට ආණ්ඩුවක ජනාධිපති, අගමැති ධුරය හැරුණු විට ලොකුම සහ බලසම්පන්න ඇමැති ධුරය වූ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දුන්නේය. රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ජාතික ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වන අයෙකි. එවැනි අයකුට එක්කෝ ආරක්‍ෂාව ගැන අත්දැකීම් තිබිය යුතුය. නැතිනම් ඇමැති ධුරයක වැඩ කොට අත්දැකීම් තිබිය යුතුය.
ජේ. ආර්. ජාතික ආරක්‍ෂක ඇමැති ධුරය දුන්නේ 1977 ආණ්ඩුව ගේන්න හිරේ ගිය පක්‍ෂයේ ඊළඟ නායකත්වයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවැති ඡන්දයේදී ප්‍රේමදාසට, ගාමිණීට පසු වැඩිම ඡන්ද ගත්, ඔක්ස්ෆර්ඞ්හි උගත් ලලිත් ඇතුලත්මුදලිටය. ප්‍රේමදාස 1988 රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දුන්නේ 1988 ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ. යූ.ඇන්.පී.කාරයන්ට මරණ වරෙන්තුව නිකුත් කර තිබියදී ජීවිතයත්, මරණයත් අතර මැතිවරණ සටනක් කළ පක්‍ෂ ලේකම් රන්ජන් විජේරත්නටය. 1994 චන්ද්‍රිකා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දුන්නේ ශ්‍රීල.නි.ප.යට වසර 17කට පසු ආණ්ඩුවක් අරන් දුන් 1994 දකුණු පළාත් සභා සටන සහ මහ මැතිවරණ සටන මෙහෙය වූ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේටය. මහින්ද රටේ ආරක්‍ෂාව බාර දුන්නේ යාපනයේ යුද මෙහෙයුම්වල ප්‍රධාන චරිතයක් වූ ගෝඨාභය රාජපක්‍ෂටය. රනිල් ආරක්‍ෂාව බාර දුන්නේ කවදාවත් චන්ද්‍රිකාට ගහල රාජපක්‍ෂලාට ගහල දේශපාලනයක් නොකළ රුවන් විජයවර්ධනටය. එපමණක් නොව 2018 කුමන්ත්‍රණයට පසු යළි ආණ්ඩුව ගත්විට රනිල් රුවන්ට මාධ්‍ය ඇමැති ධුරයද දුන්නේය.
රනිල් මොළය පාවිච්චි කරලා සරත් ෆොන්සේකාට පොලිසිය හෝ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දීලා තිබුණා නම් පාස්කු ප්‍රහාරයක් සිදුවන්නේ නැත. එහෙනම් අද ජනාධිපති එක්කෝ රනිල්ය, නැතිනම් සජිත්ය. පාස්කු ප්‍රහාරයට පසු මෛත්‍රි ෆොන්සේකාට පොලිසිය දෙන්න බැහැ කියද්දී රුවන්ට ඉවත් වෙන්න කියා රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය ෆොන්සේකාට ලබා දිය හැකිව තිබිණි. ඒත් රනිල් රුවන්ව ඉවත් කරන්න කැමැති නොවීය. රුවන් හමුදාව සහ පොලිසිය පිරිවරාගෙන ගම්පහ රවුම් ගැහුවා මිස ආණ්ඩුව ආරක්‍ෂා කරගන්න ‘මම අයින් වෙන්නම් ඇමැති ධුරය ෆොන්සේකාට දෙන්න’ යැයි කීවේ නැත. අනෙක ආණ්ඩුවේ මුල් කාලයේ මෛත්‍රි සහ ෆොන්සේකා අතර ගැටුමක් තිබුණේ නැත. ඒ කාලයේ මෛත්‍රි ෆොන්සේකාව ෆීල්ඞ් මාර්ෂල් ධුරයට පත්කළේය. රටේ වැඩවර්ජන නවතා රටේ විනය හදන්න ෆොන්සේකාට පොලිසිය බාර දෙන ලෙස මුලින් මෛත්‍රි කීවේය. ඒ වෙලාවේ රනිල්ට ෆොන්සේකාට පොලිසිය බාර දීම හෝ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දිය හැකිව තිබිණි. මෛත්‍රිව ෆොන්සේකා එක්ක හැප්පුවේ රාජපක්‍ෂලාය. ඒ ෆොන්සේකා ආරක්‍ෂාව බාර ගතහොත් තමන් ඉවර බව දැනගෙනය. ෆොන්සේකා එදා රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරයේ හිටියා නම් මෛත්‍රි රනිල්ව අගමැති ලෙස රුවන්ව ඇමැති ලෙස ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි කරගන්න බැහැ කියද්දී ෆොන්සේකා කටවහගෙන ඉන්නේ නැත. ඔහු බලෙන් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට රනිල්වත් ඇදගෙන යනවා නිසැකය. අනෙක ඔහු රාජ්‍ය ආරක්‍ෂක ඇමැති වූවා නම් හමුදාව ඉන්නේ ඔහු එක්කය.
ෆොන්සේකා පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කතා කරමින් කීවේ රුවන්ලා බුද්ධි අංශ වාර්තාවක් අධ්‍යයනය කරන්න අත්දැකීම් නැති ලාබාල තරුණයන් බවත්, ඔවුන්ව මෙවැනි අමාත්‍යාංශවලට පත්කිරීම ජාතික අපරාධයක් බවත්ය. කතාව ඇත්තය. බුද්ධි අංශ වාර්තා අධ්‍යයනය කරන්න අනෙකුත් රාජකාරි සමඟ ජනාධිපතිට, අගමැතිට වේලාවක් නැත. එය කළ යුත්තේ රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිය. රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිගේ වගකීම එය නිසාම 1987 වඩමාරච්චි මෙහෙයුම නතර කරද්දී චෝදනා එල්ල වූයේ ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත්ටය. ප්‍රේමදාස යුගයේ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල වෙද්දී චෝදනා එල්ල වූයේ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්නටය. චන්ද්‍රිකාගේ කාලයේ ජය සිකුරුයි මෙහෙයුම අසාර්ථක වෙද්දී චෝදනා එල්ල වූයේ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේටය. මහින්දගේ කාලයේ කොටි කොළඹට ගුවනින් බෝම්බ දමද්දී චෝදනා එල්ල වූයේ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති නොවුණත් ඒ චරිතය රඟපෑ ගෝඨාභයටය. හැබැයි පාස්කු බෝම්බයේදී රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රුවන්ට කවුරුත් චෝදනා කළේ නැත. හේතුව එක්කෝ ඔහු ජාතික ආරක්‍ෂාව ගැන මළපොතේ අකුරක්වත් නොදන්න බව විපක්‍ෂය දැන සිටි නිසා විය හැකිය. නැතිනම් ඔහු රාජපක්‍ෂලාත් සමඟ තිබුණු ඩීල් දේශපාලනය නිසා විය හැකිය. එසේත් නැතිනම් මෙවැනි ලිලිපුට්ටන් රාජ්‍ය ආරක්‍ෂාව බාරව සිටීම ගැන රාජපක්‍ෂලා සතුටු වී සිටි නිසා විය හැකිය.
1978න් පසු ජනාධිපති වූ හැමෝම ආණ්ඩුව ආරක්‍ෂාකර ගන්න විපක්‍ෂය, වෘත්තීය සමිති, නාහෙට නාහන මාධ්‍ය බය කරන්න යකෙක් තියා ගත්තේය. ජේ. ආර්.ගේ ආණ්ඩුවේ ඒ චරිතය රඟපෑවේ ප්‍රේමදාසය. ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ඒ චරිතය රඟපෑවේ රන්ජන් විජේරත්නය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඒ චරිතය රඟපෑවේ අනුරුද්ධ රත්වත්තය. මහින්දගේ ආණ්ඩුවේ ඒ චරිතය රඟපෑවේ ගෝඨාභය රාජපක්‍ෂය.
රනිල්ගේ ආණ්ඩුවේ ඒ චරිතය රඟපෑවේ යක්කු නොවේ පූසෝය. ෆොන්සේකාව යකාට ඇන්දුවේ නම් ඒ දවස්වල රාජපක්‍ෂලාට කඬේ යන මාධ්‍යවලට ‘චූ‘ ගිහින්ය. රනිල් ජනාධිපතිවරණයට වසරකට කලින් ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය වූ මාධ්‍ය ඇමැති ධුරය දුන්නේත් රුවන්ටය.
2019 ජනාධිපතිවරණයේදී මාධ්‍ය ඇමැති ලෙස රුවන් රජයේ මාධ්‍යවලට සත්තම දමලා සජිත්ගේ සටන රටට ගෙන ගියා නම් අද සජිත් ජනාධිපතිය. ජනාධිපතිවරණයෙන් සජිත් පරාජය වීමෙන් පසුත් රනිල් බැලුවේ ගම්පහින් රුවන් ගොඩ ගන්න ක්‍රමයක්ය. රුවන්ට දිනන්න අමාරු බව දැන රනිල් රුවන්ගේ ගම්පහ ප්‍රතිවාදියා වන රන්ජන්ට නාම යෝජනා නොදෙන බව ප්‍රකාශ කළේය. රුවන්ගේ අනෙක් ප්‍රතිවාදියා වන ෆොන්සේකාව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළේය.
සාමාන්‍යයෙන් දේශපාලන පක්‍ෂයක නායකයෙක් අගමැති වුණාම බලන්නේ ජනාධිපති වෙන්නේ කොහොමද කියලාය. ජනාධිපති වුණාම බලන්නේ තව වාරයක් ජනාධිපතිකම ගන්නේ කොහොමද කියලාය. රනිල් අගමැති වූ විට බලන්නේ තමන් වටේ ඉන්න ලිලිපුට්ටන්ට ලොකු ලොකු ඇමැතිකම් දී ඔවුන්ව නායකයන් කරන්නේ කොහොමද කියලාය. මේ නිසාම රනිල් බලන්නේ අගමැති වී ජනාධිපති වෙන්න හෝ ජනාධිපති වී තවත් නිල කාලයක් ඉන්න හෝ නොව කෙසේ හෝ පක්‍ෂ නායකත්වය සහ විපක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගෙන මේ ලිලිපුට්ටන්ව පක්‍ෂයේ හෝ රටේ නායකයන් කරන්නේ කෙසේද කියාය. මෙවර රනිල් පක්‍ෂය දෙකඩ වෙන්න ඉඩදී බලාගෙන හිටියේ සජිත් පක්‍ෂ නායකයා වී මහ ඡන්දයට ගියොත් සජිත්ගේ දස මහ යෝධයන් අතර රනිල්ගේ මේ ලිලිපුට්ටන් හිර වී තෙරපී පරාජය වෙයි කියන බයටය. දැන් යූ.ඇන්.පී.කාරයන් අලියාට කතිරය ගහනු ඇති බවත්, ඒ කතිරයේ පිහිටෙන් මේ ලිලිපුට්ටන් පාර්ලිමේන්තුවට එයි කියා රනිල් හීන දකියි. රනිල් ආයෙත් ආණ්ඩුවක් හදන්න යූ.ඇන්.පී.කාරයන්ට එන්න කියන්නේ මේ ලිලපුට්ටන් වටේ තියාගෙනය.
ඇත්තටම මේ ලිලිපුට්ටන් ලිලිපුට්ටන් නොව යූ.ඇන්.පී.යේ ලේ උරා බීලා වැඩෙන්න හදන පරපුට්ටන්ය. මොවුන් රනිල්ටවත්, යූ.ඇන්.පී.යටවත් කරන අබමල් රේණුවක සේවයක් නැත. හැබැයි කරුමය යූ.ඇන්.පී.ය ශක්තිමත් කරන්න යූ.ඇන්.පී.යට ලේ දෙන්න ඕන රනිල්ගේ ප්‍රතිරූපය හදන්න පුළුවන් රාජපක්‍ෂලාට කුඩු වෙන්න ගහන්න පුළුවන් ගලිවර්ලා රනිල්ට අරහංය.
ඇත්තටම මේ මහ ඡන්දයෙන් පොදුජන පෙරමුණට ලොකු බලයක් ලැබෙන්නේ නැත. අනාගතයේ එන ආර්ථික අර්බුදයත් එක්ක ආණ්ඩුව දුවවන එකද ලේසි නැත. අනිවාර්යයෙන්ම ඇමැතිකම් නොලබපු මන්ත්‍රිවරු කලකිරෙති. දැනටමත් ප්‍රසන්නලා, ශ්‍රීල.නි.ප.යේ අයට ඡන්දය දෙන්න එපා කියන්නේ ඔවුන් ආර්ථික අර්බුදයෙන් ආණ්ඩුව අමාරුවේ වැටෙන විට ආණ්ඩුව වට්ටවන්න විපක්‍ෂයට යැයි කියන බයටය. හැබැයි මේ කවුරුවත් ආයේ රනිල් එක්ක ආණ්ඩු හදන්න එයි කියලා හිතන්න බැරිය. මොකද රනිල් ආණ්ඩුව අත හැරියාම හිරේට යන්න බය නිසාය. 2018 කුමන්ත්‍රණයේදී රනිල්ව අගමැති කරන්න බෙල්ල දුන්න පක්‍ෂ නායකයෝ 2020 රනිල්ගෙන් ඉවත් වූයේ රනිල්ගේ ආණ්ඩු කිරිල්ල හොඳින් දැනගෙනය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘නාකොටික්’ එකට මහින්දගෙන් ප්‍රහාරයක්: අද කුඩු අල්ලන අයම කුඩු විකුණලා

Next Post

කාලි වෙලා ඉන්දියාවට පිම්මක් පැන්න මීනා කුමාරි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.