• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝගහ අසලින් වීදි බැස්ස ජවිපෙ දෙවැනි කැරැල්ල! Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
බෝගහ අසලින් වීදි බැස්ස ජවිපෙ දෙවැනි කැරැල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප්‍රේල් කැරැල්ලේ 16 වැනි සමරුව නිමිත්තෙන් 1987 අප්‍රේල් 05 වැනිදා රෝහණ විජේවීරගේ හඬ පටයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් ඇතිවී ඇති බවත් ඊළඟ අරගලය ඇතිවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බවත්ය. ශ්‍රී ලංකාව දැන් විප්ලවයෙන් ගැබ්බරව සිටින බව එමගින් කියා සිටි විජේවීර වැඩිදුරටත් අවධාරණය කළේ දැන් අපි එළැඹ සිටින්නේ අරගලයේ 11 වැනි පැයට බවය.Sri Lanka Latest News

ජවිපෙ දෙවැනි කැරැල්ල 1986 ආරම්භ වූවද එය බෞතීස්ම කරනු ලැබුවේ 1987 ජූලි 28 වැනිදා කොළඹ කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයත් සමගය. එම 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර, අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් ජුනි 04 වැනිදා ගුවනින් පරිප්පු හෙළන ලදී. ජුනි 07 ජවිපෙ මගින් කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩාපැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් ජුනි 22 වැනිදා සරසවි සිසුන් 88 දෙනකු එක රැයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි.

මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සඳහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමග සහ ප්‍රභාකරන් සමග නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදුකළේය. කපුකම කළේ ‘ද හින්දු’ පුවත්පතේ සමකර්තෘ එන්. රාම්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වැනි වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු- ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජූලි 09 ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජවිපෙ අදිසි නායකත්වය දුන් ‘මව්බිම සුරැකීමේ ව්‍යාපාරය’යි. එහි නායකයන් වූයේ පූජ්‍ය හැඩිගල්ලේ පඥ්ඥාතිස්ස මහානාහිමි, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකි.

සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් ‘මව්බිම සුරැකීමේ සංවිධානය’ ගිවිසුමට එරෙහිව 1987 ජූලි 28 වැනිදා විරෝධතාව පැවැත්වීමට තීරණය කළේ ටවුන්හෝල්හි විහාරමහා දේවි උද්‍යානයේ බුදුපිළිමය ඉදිරිපිටදීය. ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය එදින විරෝධතාව පැවැත්වීමට තීරණය කර තිබුණේ කොටුව බෝගහ අසලදීය. සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් සිරිමාවෝ බණ්ඩාරනායක රොස්මීඩ් පෙදෙසේදී හමුවූ අතර, විහාරමහා දේවි උද්‍යානය අසල විරෝධයද බෝගහ අසලට ගෙනගොස් ආණ්ඩු විරෝධී අරගලය වඩාත් සාර්ථක කරගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටියහ. ඇය ඇතුළු ශ්‍රීලනිපයේ මව්බිම සුරැකීමේ සංවිධානයට එම තීරණයට අනුගත වන්නට සිදුවිය.

කොටුව බෝගහ අසල විරෝධතාව ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ උදෑසන 8.00ටය. එයට ප්‍රධාන හේතුව වූයේ උදෑසන දුම්රියෙන් සහ බස් රථවලින් වැඩට පැමිණෙන පිරිස්ද පාසල් සිසුන්ද කොළඹට දිනපතා පැමිණෙන දහස් ගණන් ජනයාද එක්කර ගැනීමට එය සුදුසුම ස්ථානය බැවිනි. පෙරවරු 6.30ට පමණ ලේඛකයා එම ස්ථානයට යනවිට ජවිපෙ නායකයන් කිහිප දෙනෙක් සහ බොහෝ ක්‍රියාකාරිකයන් කොටුව අවට විවිධ ස්ථානවලදී දක්නට ලැබිණි. ඒ අතර එච්.බී. හේරත් සහ ගාමිණි විජේගුණසේකර එහි සම්බන්ධීකාරකවරුන් බවට පත්වී තිබිණි. අප සමග ගිය ඡායාරූප ශිල්පීන් වූයේ ගාමිණී අක්මීමන සහ චන්ද්‍රසිරි වීරසිංහය. එදින එළිවන විට යෝජිත ගිවිසුමට, බෙදුම්වාදයට සහ එජාපයට එරෙහිව මුළු කොළඹම රක්ත වර්ණ පෝස්ටර් සහ වැකිවලින්ද කණු කළු කොඩිවලින්ද සරසා තිබිණි.

ගිවිසුමට අගමැති ප්‍රේමදාස, ඇමැතිවරුන් වන ලලිත් ඇතුලත්මුදලි සහ ගාමණී ජයසූරියගේ සහායක් නොමැති බවට පුවත්පත්හි මාධ්‍ය ශිර්ෂ පාඨ විය. එබැවින් එජාපය තුළ සිටි ප්‍රේමදාස හිතැති කෙසෙල්වත්තේ 200ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක්ද පැමිණ තිබිණි. ‘අගමැතිතුමාට ජයවේවා’ කියමින් හඬ නගනවා ඇසිණි. උදෑසන 9.00 පමණ වනවිට කොටුව බෝගහ අසලට 3,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගත්හ. මහජන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහි සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළේය. ශ්‍රීලනිප නායකයන් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රිචඩ් පතිරණ ඇතුළු ශ්‍රීලනිප නායකයෝ කිහිප දෙනෙක්ද එහි වූහ.
ගිවිසුමට එරෙහිව කොටුවේදී ඇරඹෙන විරෝධතාව ආණ්ඩුව පලවා හරින දැවැන්ත සටනක වෙඩි මුරය බවට පරිවර්තනය කිරීමට ජවිපෙ 1987 ජූලි මස මුල් භාගයේ සිටම කටයුතු සූදානම් කර තිබිණි. අන්තරේ ඉහළම පෙළේ නායකයන් විශාල කණ්ඩායමක් රත්මලාන පන්සලකට 1987 ජූලි 11 වැනිදා කැඳවා තිබිණි. ඩී.එම්. ආනන්ද එහිදී කියා සිටියේ සටන හරි තැනින් පටන් ගැනීමට හැකිතාක් පිරිස් කොටුව විරෝධයට එක්කරගත යුතු බවය. ජවිපෙ නායකයෙක් වන එච්.බී. හේරත්ද ජූලි මැදදී ජවිපෙ භික්ෂු අංශයේ ජාතික කමිටුවේ භික්ෂුන් වහන්සේලා අමතා කොටුව බෝගහ අසල විරෝධතාව ප්‍රබලතම සහ පුළුල්තම වැඩසටහනක් බවට පත්කිරීමට ඔවුන්ට වගකීම් පැවරූහ. සමස්ත සරසවි පද්ධතියද ප්‍රධාන පාසල්වල සිසු කණ්ඩායම්ද රට පුරා ප්‍රධාන නගරවලට කැඳවාගෙන ඒමේ වැදගත්කමද ඔහු පහදා දුන්නේය. ජවිපෙ සමස්ත කාඩර්වරුන්ම රටේ ප්‍රධාන නගරවලට කැඳවා විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන්නට සැලසුම් සකස් කෙරිණි.

වසර 1987 ජූලි 28 පෙරවරු 11.30 පමණ වනවිට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ අසලට එක්වූ අතර, කොටුවට එන සියලු මාවත් ඔවුන්ගේ හිස් ගොඩවල්වලට වැසී තිබිණි. භික්ෂුන් වහන්සේලාගේ සෙත් පිරිත් හඬ දසත පැතිරී ගියේය. ඒ අතර තාප්පයක් මත නැගි මිනිසෙක් පිරිස ආමන්ත්‍රණය කළේය. ඔහු ජවිපෙ නායකයකු වූ එච්.බී. හේරත්ය. මේවාට විසඳුම් සොයා, රටේ පාලකයා සොයා රජ ගෙදරට යාමට සූදානම් වන්නැයි ඔහු ප්‍රකාශ කළේය.

දසතින් කඳුළු ගෑස් ප්‍රහාර බෝගහ දෙසටත් පිරිස දෙසටත් එල්ල වූයේ ඉන් පසුවය. වෙලාව මධ්‍යහ්නය වී තිබිණි. ජනගඟ කැලඹිණි. සිරිමාවෝ බණ්ඩාරනායක වටකරගත් ආරක්ෂක නිලධාරීහු ඇය බෝගහ අසල විහාර ගෙට පළමුවද, දෙවැනුව වාහනයකටද නග්ගා ගත්හ. ‘බේබිහාමු කොහේදැ’යි කලබලයෙන් ඇසූ ශ්‍රීලනිපයේ ඉන්ද්‍රපාල අබේවීර විසින් මන්ත්‍රී අනුර බණ්ඩාරනායක රැගෙන වාහනය දෙසට පියඹා ගියේය. සෑම දෙනාම කඳුළු ගෑස්වලින් නැහැවී තිබූ බැවින් තත්ත්වය ඉතා උණුසුම් විය.

මේ සියල්ල අතරතුර එක් භික්ෂුවක් පමණක් පැයක් පමණ කඳුළු ගෑස්වලට නොබියව මුහුණ දෙමින් තනියම විරෝධතාවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. පසුව ආරක්ෂක භටයන් පිරිසක් හිමිනම ඔසවා වාහනයකට දමන ලදී. එම භික්ෂුව නමින් පූජ්‍ය කෑගල්ලේ විමල සාමණේර හිමිය. උන්වහන්සේ පූජ්‍ය පිටුවල ධම්මකීර්ති හිමි නොහොත් ‘ලෙනින් හාමුදුරුවන්’ගේ ගෝලයෙකි. අසූවේ ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වූ ලෙනින් හාමුදුරුවෝ ජවිපෙ වෙනුවෙන් ජීවිතයම කැපකළ හිමිනමකි. පසු කාලයේ පූජ්‍ය ධම්මකීර්ති හිමි 1989 අගෝස්තු 22 වැනිදා පැහැරගෙන ගොස් තිරස්චීන ලෙස ඝාතනයට ලක්කර තිබිණි.

වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. කළුවන් දුම් රොටු අහස් කුසේ දිස්විය. ඒ බස් ගිනි තැබීමෙනි. මිනිසුන් හිස් ලූ ලූ අත දිවූහ. පිරිස කණ්ඩායම් වශයෙන් පැති කිහිපයකට බෙදී ගියෝය. සූදානම් කළ සටන්පාඨ පත්‍රිකා බෙදා හැරිණි. ගිවිසුම් සහ ආණ්ඩු විරෝධී සටන්පාඨ හඬ නැගිණි. ලේක්හවුසිය ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල විය. සතර අතට පෙළපාළි 10ක් පමණ විසිර ගිය අතර, ඒ සෑම පෙළපාළියකම දහසකට අධික පිරිසක් වූහ.

ගිවිසුම් විරෝධී එම අරගලයේදී කොටුව බෝ ගහ අසල වෙඩිතැබීමෙන් ප්‍රථමයෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු ක්ලිෆර්ඩ් පෙරේරාය. සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ කාර්යාල භාරකරු පාතේගම මාතුපාල විසින් බිම ඇදවැටුණු ක්ලිෆර්ඩ් ඔසවා ගත්තේය. මාතුපාලගේ අතටද වෙඩි උණ්ඩයක් වැදිණි. එම ස්ථානයේම මොරටු සරසවියේ සිසු නිමල් ලියනගේ ඇතුළු 21 දෙනකුගේ සිරුරු සවස් වනවිට කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනැවිත් තිබිණි. ඉන් දෙදෙනෙක් හඳුනාගත නොහැකි විය. ක්ලිෆර්ඩ්ගේ පියා සේවය කළේ මිලර්ස් ආයතනයේය. පසුදින ඔහු විසින් හඳුනාගත් පුතාගේ සිරුර රෝහලෙන් ගෙන යෑමටද ලේඛකයා සහාය වූ අතර, තම පාසලේ සමකාලීනයකු වූ ක්ලිෆර්ඩ්ගේ අවසන් කටයුතුවලටද සහභාගි විය.

බෝගහ අසලින් බෞතිස්ම කළ ජවිපෙ දෙවැනි කැරැල්ල රට පුරාම පැතිර ගියේය. වර්ෂ 1987 ජූලි 28 සිට අගෝස්තු 02 දක්වා පැවැති ගිවිසුම් විරෝධතාවන්හිදී වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 132ක් මියගියෝය. භික්ෂුන් 56 දෙනකු ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම දින 05 තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජය ප්‍රකාශ කළේය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතා දැනුවත් කර සංවිධානගත කරනවාට වඩා ජනතාව පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාවන්ට බෝගහ යටින් ආරම්භ වූ දෙවැනි කැරැල්ල සමග ජවිපෙ අවතීරණ විය.

එම දින 5 තුළදී ජවිපෙ කැරලිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ ඝාතනය කළේ 1987 ජුලි 31 වැනිදාය. අඟුණකොළපැලැස්සේදී විරෝධතාකරුවන්ට මැදිවූ මන්ත්‍රීවරයා වෙඩිතබා මරාදමා තිබිණි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේ ගම් සභාපතිවරයකු වූ ඔහුගේ ඝාතනයෙන් පසු චිට් මන්ත්‍රී ධුරයට පත්කළේ ඔහුගේ පුතාය.
රජය 1987 ජූලි 28 රාත්‍රියේ ඇඳිරි නීතිය පැනවීය. ගිවිසුම අස්සන් කිරීමට රජීව් ගාන්ධි එන බවට වාර්තා විය. ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට නියමිතව තිබුණේ 1987 ජූලි 29 වැනිදා පස්වරුවේය.

ඉන්දු – ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රට පුරා එයට එරෙහිව නායකත්වය දෙන්නේ යැයි තොරතුරු ලැබී ඇති සියලුම සරසවි සිසු නායකයන් අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව එක් රැයින් එම මෙහෙයුම ක්‍රියාත්මක විණි. ඒ සරසවි සිසුන් අත්අඩංගුවට ගත් දීපව්‍යාප්ත මෙහෙයුම ක්‍රියාත්මක වුණේ 1987 ජුනි 22 වැනිදා මහ රෑය. රහස් පොලිස් වාර්තා අනුව සරසවි සිසුන් 310ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ, කැලණිය, මොරටුව සහ ජයවර්ධනපුර යන සරසවිවල සිසු නායකයන් අත්අඩංගුවට ගැනීමට රජයට සහාය වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි ඇතුළු පිරිසකි. එහෙත් අදාළ ස්ථානයන්හිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සිසු නායකයන් 88 දෙනකු පමණි. ඒ අතර ශිෂ්‍යාවක් සහ පැවිදි හිමිවරුන් 10 දෙනකුද විය. එවැනි මෙහෙයුමක් පිළිබඳ තෙදිනකට පමණ පෙර යම් ඉවක් වැටී තිබුණු හෙයින් බොහෝ දෙනා සිය නවාතැන් වෙනස්කර තිබිණි. එය එකවර අත්අඩංගුවට ගත් විශාලතම සරසවි සිසු පිරිස විය.

මෙසේ අත්අඩංගුවට ගත් 88 දෙනාගෙන් 71 දෙනෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයට ගෙනැවිත් රඳවා තැබිණි. ඔවුනට පහරදීමක් සිදු නොවූ අතර, රජයේ එකම අරමුණ වූයේ ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කර නිමාවන තෙක් රඳවා තැබීමය. හදිසි නීති රෙගුලාසි 87 යටතේ රඳවාගත් ඔවුන් බැලීමට ඔවුන්ගේ කිට්ටු ඥාතීන්ට අවසර ලැබුණේ සතියකට දෙවරක් පමණි. එම සරසවි සිසු නායකයන්ට අමතරව ජවිපෙ ක්‍රියාකාරිකයන් 55 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන රඳවා තිබිණි. ඔවුන් අතර සමන් වික්‍රමබන්දු, ගාමිණී ජයලත්, බුද්ධදාස විතානාරච්චිද විය. ඉහත සරසවි සිසුන් 88 දෙනා අතරින් 6 දෙනෙක් හැර අනෙකුත් අය 1987 අගෝස්තු මස 05 වැනිදා වනවිට කොටස් කිහිපයක් වශයෙන් නිදහස් කර තිබිණි.

(වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරැලි සමය පිළිබඳ ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ තුන පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071 2733986 යන වට්ස්ඇප් අංකයෙන් විමසිය හැකිය).

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

මාස 18කට වරක් මාසයක් රසායනික භාජනයක ගිල්වනවා! වසර 3කට වරක් අලුත් ඇඳුමක් අන්දවනවා! අවුරුදු 96ක් තිස්සේ ජීවමානව සිටින ලෙනින්! Sri Lanka Latest News

Next Post

ගැහුවා බැන්නා දුන්නා! ප්‍රේමදාස තමයි මාධ්‍යයට හොඳටම කළේ! Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.