• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන ගාණක බදු වංගුවක් ගහලා ගෙනාවා කියන BYD වාහන තොගයට කරන දේ මුදල් නියෝජ්‍ය ඇමැති හෙළිකරයි! පරීක්ෂණයේදී වැරදිකරු වුණොත් වාහන ගෙන්වන සමාගමට වෙන දේ මෙන්න! බදු වංගුව ගහලා එළියට ගිය වාහන තොගයට කරන දේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

August 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පොඩි මිනිස්සු ගෙනාපු වාහන 1000ක් ආපහු යවනවා නම් බදු වංගුවක් ගහලා ගෙනාපු BYD වාහන තොගයත් ආපහු යවනවාද? මෝටර් අගය වෙනස් කරලා ගෙනාපු BYD තවත් වාහන තොගයකින් ගහපු ලොකු බදු වංගුවක් ගැන තවත් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

BYD වාහන මෙරටට ආනයනය කිරීමේදී මෘදුකාංගයක් භාවිතයෙන් මෝටර් ධාරිතාව අඩුකර ඇති බව පෙන්වා අඩුවෙන් බදු ගෙවා වාහන නිදහස් කරගැනීමට තැත්කිරීමේ සහ එසේ නිදහස් කරගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අදාළව ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (04) අදහස් දැක්වීය.Sri Lanka Latest News

“යම් ආනයන කණ්ඩායමක් විසින් පාවිච්චි කරන ලද වාහන (used vehicles) ගෙන්වන අය විසින් ඉදිරිපත් කළා කාරණයක් ඔය BYD එකේ තියෙන මෝටර් කැපෑසිටි එක – ධාරිතාවය – පිළිබඳ කාරණාව, තර්කය වුණේ ඒගොල්ලන් පාවිච්චි කරලා ගෙන්වන වාහනයේදී අපි හරියට ඉදිරිපත් කරනවා ලියවිල්ල, අපි කිලෝවොට් 150 දාලා ගෙන්වපුවාම අපට විශාල බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා, හැබැයි මේ අනිත් අය මේක බ්‍රෑන්ඩ් නිව් එක ගෙන්වනකොට ඒගොල්ලන් ඉදිරිපත් කරලා තියෙන්නෙ 100 යි කියලා දාලා කියලා ඒ ලියවිලි දෙකම මට දුන්නා මාස දෙකකට විතර කලින් මේක ආනයනකරුවෝ එක්ක සාකච්ඡා කරපුවාම. එතකොට අපි රේගු දෙපාර්තමේන්තුවත් ගෙන්නා ගත්තා”

ප්‍රශ්නය – අපි පසුගිය දින කිහිපයේම මේක වාර්තා කරද්දී විවිධ පාර්ශ්ව අපිටත් තොරතුරු දෙන විදියට, මේක 150ක මෝටර් ධාරිතාවක් තියෙන වාහනයක්, නමුත් ඕක ගෙන්වන සමාගම ඒකෙ ධාරිතාවය කිලෝවොට් 100ක් විදියට ලියවිලි ඉදිරිපත් කරනවා වගේම ඒක අවුට්පුට් එක එජස් කරනවා කියලා සොෆ්ට්වෙයා එක්කින්. ඒ කියන්නෙ මෝටර් එකේ කැපෑසිටි එක 150යි නමුත් අවුට්පුට් එක 100 යි කියලා. නමුත් ගැසට් එකේ තියෙන්නෙ ලංකාවේ මෝටරේ ධාරිතාවට අනුව තමයි බද්ද තීරණය වෙන්නෙ. ඒ විදියට අවිට්පුට් එක ඩවුන්ග්‍රේඩ් කරලා බද්දෙන් නිදහස් වෙන්න පුළුවන්ද ?

“ඒගොල්ලන් 100ක් දානවායි කියන චෝදනාව ආවාට පස්සෙ අපට කරන්න පුළුවන් වෙන්නෙ ඒක ඉදිරිපත් කළා රේගුවට, ඒගොල්ලන් කිව්වා එකම වාහනය නම් මේකෙ වැරැද්දක් තියෙන්න පුළුවන් කියලා. ඒ අනුව අපි පරීක්ෂා කරමු කියන එක අනුව පරීක්ෂණ සිදුවෙමින් ගිහිල්ලා තියෙනවා සෑහෙන දුරකට. ඔබ කිව්ව එක හරි, 150 තිබිච්ච එක 100 කළායි කියන ප්‍රශ්නය එන්නෙ නම්, ඇත්තටම ඒගොල්ලන් ඩොකියුමන්ට් එක ෆෝර්ජ් කළාද කියන එක එකක්. දෙවැනි එක ඔබ කිව්වා වගේ සොෆ්ට්වෙයා එකකින් අඩුකරලා තව තර්කයක් හදනවා ‘නෑ, මේකෙ 100යි’ කියලා. ඒ වගේ මොන කතන්දර කිව්වත් රේගුවේ දැනට අපට දීලා තියෙන නීති අනුව ඒගොල්ලන් කියන දේ තමයි ඒ බදු අයකිරීම කරන්නෙ – ඔබත් සඳහන් කළා වගේ – මේ මෝටර් ධාරිතාවය මත. එතකොට එහෙනම් ඔය ධාරිතාවය මේ දෙකේම – බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු එකයි, යූස්ඩ් ගෙන්නපු එකයි මොකේ හෝ – 150 ද නැද්ද කියලා සහතික කරගන්න එකනෙ. ඒක සහතික කරගන්න ක්‍රමවේදයක් රේගුවට අනුව අදාළ පරීක්ෂණ කරමින් යනවා”

ප්‍රශ්නය – දැන් මේ වාහන 1000 සමාගමක් තමයි ආනයන කරලා තියෙන්නෙ ලංකාවට. හැබැයි මේ වාහන සඳහා මුදල් බැඳලා තියෙන්නෙ ලංකාවේ පුරවැසියෝ. එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ සමාගම අතින් යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් එය අයකර ගැනීමට හෝ ඒ යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග රජය ගන්න පදනම මත මේ වාහන ඇනවුම් කළ අයගෙන් ප්‍රශ්නයක් තියෙනවා, මෙතන යම්කිසි වංචාවක් වෙලා තියෙනවා නම් ඒක සමාගමත් එක්ක විසඳාගන්නකල් පුළුවන්ද වාහනය නිදහස් කරන්න කියලා. එහෙම පුළුවන්කමක් තියෙනවාද ?

“සමහර ආනයන සම්බන්ධයෙන් එහෙම පුළුවන්කමක් තියෙන ඒවා තියෙනවා මම දන්න මට්ටමින්. ඒක වැරදි වුණොත්, ඒ බද්ද නොගෙවා හිටියොත්, ඒ සම්පූර්ණ මුදල අයකරගන්න පුළුවන් ක්‍රමවේදයක් විදියට බැංකුවෙන් ඇපකරයක් දෙන්නට ඕනෙ. මෙතෙන්ටත් ඒ වගේ ප්‍රතිපාදනයක් තියෙනවා නම් මම හිතනවා රේගුව ඒක කරයි කියලා. අර පරීක්ෂණයේ ප්‍රතිඵලය බොහෝදුරට ඉක්මනින් ලැබේවි, ඒකත් එක්ක ඔබ කියන කාරණය අනුව බැංකු ඇපකරයක් දීලා එළියට ගන්න වුණත් සමාගම මේ අවසාන ගැනුම්කරු වෙනුවෙන් බැංකු ඇපකරය දෙයිද නැද්ද කියන එක අපි දන්නෙ නෑ …”

ප්‍රශ්නය – කිලෝවොට් 100 කියලා පොත්වල ලියලා ගෙනල්ලා, ඒකට අදාළ බද්ද ගෙවලා මේ වෙද්දී පාරෙ දුවන වාහන සෑහෙන ප්‍රමාණයක් පේන්න තියෙනවා. එතකොට එතනට මොකක්ද කරන්නෙ ? යම් විදියකට බද්දක් පැහැර හැරීමක් වෙලා තියෙනවා නම් ඊටපස්සෙ මොකක්ද කරන්නෙ විකුණපු වාහනවලට ?

“ඒක තමයි, පරීක්ෂණයෙදී ඔය දෙකෙන් එකක් ඔප්පු කරගන්න වෙනවා ඒක 100 ද, එකඟද නැද්ද, කියලා මොනවාහරි කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරලා. අපි උපකල්පනයකට ගියොත් වැරැද්දක් වෙලා තියෙනවා කියලා, පරීක්ෂණයෙන් තීන්දු වෙනවා ඒගොල්ලන් බදු ගෙවන්න ඕනෙ කියලා, එතකොට බදු නොගෙවා ගෙනල්ලා තියෙනවා කියලා. ඒකෙදි රේගු දෙපාර්තමේන්තුවෙත් ඇත්තටම නිදහස් කිරීමේදී ඒගොල්ලන්ට යම් ප්‍රතිපාදනයක් තියෙනවා, මේ නිදහස් කළාට පසුව යම් විගණනයක් කිරීමට යටත්ව තමයි නිදහස් කරන්නෙ. ඉතින් ඒගොල්ලො මැදිහත් වෙලා ඒ කටයුත්ත සිද්ධ කරයි කියලා අපි හිතනවා එහෙම වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා නම්”

ප්‍රශ්නය – ඒ සමාගම තමයි නේද ඒ අවශ්‍ය මුදල රේගුවට ගෙවන්න ඕනෙ, මොකද පාරිභෝගිකයො උනන්දු වෙන නිසා මම අහන්නෙ ?

“ඔව්, ඒගොල්ලොනෙ ප්‍රධාන ආනයනකරු බවට පත්වෙන්නෙ. එහෙම වුණොත් ඇත්තටම සමාගම තමයි”

අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

SendShareShare
Previous Post

‘එරංග ලොක්කට එන්න කියාපිය.. මේවට උත්තර දෙන්න කියාපිය..! යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව රට වටේම තරුණ තරුණියෝ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට රොද බඳියි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ කැබිනට් එක ගෝඨාගේ කැබිනට් පේපර් එකක් පාස්කරලා? දිනය විතරක් මාරු කරලා! ඩීසල් ලීටරේ 110යි! ඩොලරය 180යි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.