දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාවට හැකි නම් ඡන්දය ලබා දෙන ලෙස සභානායක බිමල් රත්නායක මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කළේය.Sri Lanka Latest News
ඒ, අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවේදීය.
කෙසේවෙතත් පසුව විපක්ෂනායකවරයා සභාවට පැමිණ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අතර සභානායකවරයා ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කී ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මීට පෙරද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයාට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කළේය.
ඒ, මාලිමා කතානායක අශෝක රන්වල මහතාගේ ජපන් ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ප්‍රශ්නය පැනනැගුණු අවස්ථාවේදීය.
එහිදීද විපක්ෂනායකවරයා උප්පැන්න සහතිකයේ සිට සියලුම අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තද නලින්ද ජයතිස්ස මහතා අද වනතුරු ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ කොට නොමැත.
එමෙන්ම අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකයද තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත.










